2012 සැප්තැම්බර් 02 | ප.ව. 03:21
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
-
Share
හදවතේ රිද්මය ඇය හොඳින් හඳුනන්නීය. සප්ත ස්වරයේ රටාව හදවතේ රිද්මයට මුසුකොට ළයාන්විතව ගයන්නීය. ශෘංගාරයද, පේ‍්‍රමාන්විත බවද ඒ හඬ වෙතින් ස්පර්ශ වන්නේය. ඇය නිරෝෂා විරාජිණිය බව වටහා දීමට ඒ සියල්ල වෙතින් ඕ සමත් වන්නීය. මේ සියල්ල ගැයුමට පමණක් සීමා නොකළ ඇය, මේ දක්වා ගැයුමට ළබැඳිව උකහා ගත් පෙරාගත් සාරයෙහි අරුත තවත් පිරිසකට ලබාදීමට සමත්ව සිටින්නීය. පසුගිය ජනවාරි මාසයේ ඇරඹි ඒ හඬ පුහුණුවෙහි රිද්මය අභ්‍යාස ලෙස හැදෑරූ පිරිස සමඟ එක්ව මේ මොහොතේදී ඇය සූදානම් වන්නේ එහි අරුත සමාජයට ප‍්‍රකාශ කිරීමටය.
‘හදවතේ රිද්මය’ ගෙනෙන නිරෝෂා
|
බීට්ස් ඔෆ් හාර්ට් (Beats of Heart) නම් වූ නිරෝෂා සතු හඬ පුහුණු ආයතනය ඉදිරිපත් කරන මේ කටයුත්තට සාපේක්‍ෂව අපි ඇය සමඟ පිළිසඳරකට එක්වෙමු.
නිරෝෂා ඔබ විසින් කටහඬ පුහුණු කිරීමේ ආයතනයක් පටන් ගත්තෙ මොන අරමුණකින්ද? මොන කාලයේදීද? කොහොමද එහි කටයුතු සිදුවන්නේ?
මේ රටේ රියැලිටි වැඩසටහන් පටන් ගත්ත දවසේ ඉඳලා යම් විදියකට මට නිරන්තරයෙන්ම වාගේ ඒවාට දායක වෙන්න ලැබුණා. ඒවාට දායක වූ කෙනෙක් ලෙස අපේ අලූත් පරම්පරාව වෙතින් මා දුටු බොහෝ දේ තිබුණා. ඔවුනට බොහෝදුරට හඬ පුහුණුව සඳහා ලැබී ඇති අවකාශය අල්පයි. එය අපේ රටේ සිදුවන්නෙ ඉතා අල්ප වශයෙන්. එක්කෝ විභාග සඳහා, නැත්නම් වෙනත් සරසවි මට්ටමින් හෝ ආයතන මට්ටමින්. ඒත් ප‍්‍රධානව ගායනය සඳහා කටහඬ පුහුණුව ලැබිය හැකි ආයතනයක් නැහැ. වෙනත් රටවල ලෝක පූජිත ශිල්පීන් ලෝක චරිත බවට පත්ව සිටින්නේ මෙවැනි හඬ පුහුණුව නිරන්තරයෙන්ම ලබන නිසයි.
ඇයි ගායනයට හඬ පුහුණුව වැදගත්?
කෙනෙකුට විවිධ ශෛලීන් හඳුනාගෙන වඩාත් නම්‍යශීලීව ගැයීමට නම් හඬ පුහුණුව අභ්‍යාස ලැබිය යුතුමයි. එහෙම නොවනවා නම් ඕනෑම ශෛලියක ගී ගැයීමේ හැකියාව අසීරු වෙනවා. මේ මඟින් අපේ අරමුණ තනිකරම හඬ පුහුණුව ලබාදී එය වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය රිද්මය ලබාදීමටයි. මේ නිසා තමන්ට ගායනය කිරීමේ පහසුව ලැබෙනවා. ඊට අමතරව ප‍්‍රාසාංගිකව වේදිකාවේ ගී ගැයීමේදී පෞරුෂය කියන දේ වැදගත් වෙනවා. මොකද අද බොහෝ විට සිද්ධ වෙන්නෙ ගීත අසනවාට වඩා ගීත බැලීම නොහොත් නැරඹීමයි.
මේ නිසා ප‍්‍රාසාංගික වේදිකාවේදී ගායනය කරනු ලබන විට පේ‍්‍රක්‍ෂකයා තමා කෙරෙහි ඇද බැඳ නතුකර තබා ගැනීමට ආකර්ශනයක් අත්‍යවශ්‍යයයි. ප‍්‍රාසාංගික බව රැුඳෙන්නෙ එවිටයි. අන්න ඒ ප‍්‍රාසාංගික බව උදෙසා පෞරුෂය මෙහෙයවීම වැදගත්. වේදිකාවේදී අපි හැසිරෙන්න කොහොමද කියන දේ ගැන. මෙකී සියල්ල ඒ ඒ අංශ වලට නිපුණ ප‍්‍රවීණයින් ලවා මහාචාර්ය සුනිල් ආරියරත්න, කිෂු ගෝමස්, රෝසි සේනානායක වැනි ප‍්‍රවීණ චරිතවල ගුරු හරුකම් යටතේ ලබා දීම සිදු වෙනවා.
මේ ප‍්‍රසංගය කුමක්ද?
මගේ ප‍්‍රමුඛත්වයෙන් බිහිකළ ‘‘බීට්ස් ඔෆ් හාට්’’ ආයතනය සිසු සිසුවියන් එලෙසින් අභ්‍යාස ලබා හැකියාවන් පෙන්නුම් කරන ප‍්‍රාසාංගික මොහොත හැටියට එය හඳුන්වන්න පුළුවනි. එය පැවැත්වෙන්නෙ මෙම 2 වැනිදා (අද) බිෂොප් විද්‍යාලයීය ශ‍්‍රවණාගාරයේදී සවස 6.00 ට මේ ළමුන්ගේ දක්‍ෂතා ප‍්‍රාසාංගිකව ඉදිරිපත් කිරීම හරිම අපූරුවට සිදුවේවි. ඉන්පසු ඔවුනට සහතිකපත් බෙදාදෙන මේ මොහොත සඳහා අපි විවිධ ක්‍ෂේත‍්‍ර වලට අයත් විශාල පිරිසකට ඇරයුම් කර තිබෙනවා.
මේ සියල්ල අතරේ ගෙවෙන ඔබගේ ජීවිතය මොන වගේද?
සත්තකින්ම හරිම කාර්ය බහුල කාලයක්. මට මං වෙනුවෙන් වඩා මම ආසාවෙන් හිතාගෙන හිටපු දෙයක් මේ. ඒ නිසා ඒකට වැඩිපුර කාලය යොමු කරවන අතරේ දේශීය විදේශීය ප‍්‍රසංග වලට සහභාගී වෙමින් කාලය ගෙවනවා. ඊට අමතරව එදා සිට කළ සමාජ සත්කාර නවතා නැහැ. පිළිකාවට ගොදුරු වී ඇති ළමුන් බේරා ගැනීමේ මෙහෙවරේ සහායිකාවක ලෙසද, ශූර ගොවියා පළාත් නියෝජිතවරියක කටයුතු කරනවා. මේ සියල්ල නිසා ජීවිතය ගෙවන්නේ හරිම සතුටින්.
ගෙවී ගිය ජීවිතයේ සිදුවූ සියල්ලට සාපේක්‍ෂව දුක්වූ සතුටු වූ අවස්ථා තියෙනවද?
හැමෝගෙම ජීවිත වලට සතුට එනවා. ඒ වගේම දුකත් එනවා. එය ස්වාභාවිකයි. ඒ සියල්ල අපට අහක් කරන්න බැහැ. ඒ සියල්ල අතරේ මොන දේ හෝ වේවා ජීවිතය දිහා සුබවාදීව සහ යහපත් දැක්මක් ඇතිව බලන්න පුළුවනි නම්? හිතන්න පුළුවන් නම්? යහපත් ජීවිතය කියන්නෙ එයටයි. අනෙක ජීවිතේ කියන්නෙ හරි කෙළින් ඉරක් ඇඳලා පෙන්වන්න පුළුවන් දෙයක් නොවෙයි. වෙනස් වීමට නිරන්තරයෙන් ලක් වෙනවා. ඒ සියල්ල හොඳට ගෙන උපේක්‍ෂාවෙන් බැලීම තමයි හොඳම දේ.
නිරෝෂා මේ ගෙවී ගිය කාලයේදී ඔබ ගීතයෙන් කළ කී දේ ශ‍්‍රාවකයින්ට හදවතට දැණුනා කියලා හිතනවාද?
සත්තකින්ම ඔව්. මම ක්‍ෂේත‍්‍රයට ඇවිත් අවුරුදු 20ක් විතර වෙනවා. එදා ඉඳලා අද දක්වා මට ලැබෙන ප‍්‍රතිචාර සහ ගායනය සඳහා ලැබෙන ආරාධනා අනුව මට එය කියන්න පුළුවනි. ඔව්. සහතිකයි. මම හදවතට දැනෙන්න ගායනා කළා. ඒ නිසාම මම සමාජයේ ආදරයට නිරන්තරයෙන් යොමු වු බව කියන්න පුළුවනි.
ඒ විදියට ඔබ ගැයූ ගීත අතරින් ඔබගේ හදවතට ස්පර්ශ වූ ගීතය ගැනත් සඳහනක් කළොත්? ඇයි ඒ ගීතය සමීප කියලත් කිව්වොත්?
මා ගැයූ ගී සියල්ලටම යම් යම් විදියට ආදරෙයි. කැමතියි. ඒ අතරින් ජීවිතයේ හැබෑවට සමීපව ආදරයට සමීපව ‘‘සිනාතොටක් විය’’ ගීතයටත් පුන්සඳ රෑට ගීතයටත් වඩාත් ඇල්මක් දක්වනවා. යම් කිසි දුරකට ජීවිතයේ අත්දැකීම් මුසුවූ නිසා ඒ ගීත හදවතේ රිද්මයෙන්ම ගැයෙන්න ඇති.
සටහන/ඡායාරූප - සඳුන් ගමගේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දයා, ඔයා මොන ලෝකෙද ඉන්නේ? (නි)
ඔයාගේ සෑම ගීතයකටම මම ආසයි. ඔයාට තියෙන්නේ ලස්සන කටහඩක්. (නි)
ගොඩාක් හොදයි (දී)
නිරෝෂා ගායනා කරන ලස්සන ගීත තියන බව ඇත්ත. ඒ උනාට මේ අය මේ ආයතන පටන් ගන්නෙ සල්ලි හම්බකරගන්න මිසක්, ගායනය පුහුණු කරන්නද කියලා සැකයි. තමන්ට ගායනය හැකි වූ පමණින් අනිත් අයට උගන්වන්න බැහැනේ. අඩුම ගානේ කිසිම සංගීත ඩිප්ලෝමාවක් උපාධියක් තියනවද? තමන්ගේ හැකියාවට මිලක් නියම කලාට කමක් නැහැ, නමුත් සදාචාරාත්මකව. තමන්ගේ ගායන හැකියාවෙන් ගීත ගායනා කරල මුදල් ඉපැයුවට කමක් නැහැ.(ස)
මෙයා අවුරුදු 12 දි සිංදු කියන්න ආවා අපි කරපු සංගීතයකට ..ඒ පොඩි ළමයයි අද නිරොෂයි බලපුවහම අනේ මන්දා......................(ස)
මගේ ප්‍රියතම ගායිකාව .සුභ පැතුම්..(ස)
අපි ඔයාට ගොඩක් ආදරෙයි නිරොෂා...(ස)
ඔයාගේ සිංදුත් ලස්සනයි..ඔයත් ලස්සනයි (ස)
කෙනෙකුගේ පුද්ගලික ජීවිතය වැඩක් නැහැ. එයා රට වෙනුවෙන් කළ දායකත්වය සහ මිනිස්සුන්ගේ හදවතට සමීප ගීත ගායන කළ එකයි අපිට වැදගත්. ඔබට ජය (නි)
නිරෝෂා, පුංචිකාලෙ ඉදලම මම ඔයාගෙ ගීතවලට ගොඩක් කැමතියි. තවත් ලස්සන ගීත අපි වෙනුවෙන් ගයන්න. බුදු සරණයි. (නි)
නිරොෂා අක්කේ..ඔයාට අපෙන් සුභ පැතුම්..(ස)
සැමදාම සතුටින් ඉන්න (දී)
මෙයාලගේ රූපයට අපි කැමතියි. මේක්අප් වලට අකමැතියි. (නි)
සතුටු වෙනවා මිසක් දුක් වෙන්න ඔයාට හේතුවක් නැහැනේ. (නි)
නිරෝෂා නංගි ඔයාට හදවතින්ම සුබපතමි ........... (දී)
ගීතවලින් පමණක් නෙවෙයි සහෘදය..!!(නු)
ලංකාවේ පළමු වතාවට මේක අලුත් වැඩක්. (නි)
සාරියට තමයි නිරෝෂා ලස්සන (දී)
ලස්සන රුවක්, ලස්සන කටහඩක් තියාගෙන ඇයි ඔයා තවමත් තනියෙන් ඉන්නේ? (නි)
ඔයාගේ ගීත වල තේරුම දැනෙන්නෙ දැන් තමයි. මම හිතුවෙ ගීත රචකයාගේ අදහස් විතරයි කියලා. සුභ අනාගතයක්! තෙරුවන් සරණයි! (නි)
ඇත්තටම ඔයාගේ සිංදු ඇත්තටම ලස්සනයි අක්කේ...(ස)
නියම වැඩක්. ඔබට සතුට සහ ජය! (නි)
මම ඇත්තටම ඔයාට සුභ පතනවා..!!(නු)
ලස්සන හඩක් තියෙන, අහගෙන ඉන්න ආසා සිංදු කියන කෙනෙක්. ඔබට ජය! (නි)
ඔබේ පෞද්ගලික ජීවිතය අපට වැඩක් නැත... ඔබේ ගීත ඉතාම ලස්සනයි.. කංකලුයි..!!(නු)
ෆොටෝ ටික නම් නියමයි (දී)
මම නිරෝෂාගේ ප්‍රේක්ෂකයෙක්.. මම කැමතියි එයා ගායනා කරන සිංදුවලට..!(නු)
ඔබගේ හඩ ඉතාම මිහිරීයි.. මම සුභ පතමි..!! (නු)
නිරෝෂා පුංචිකාලෙ ඉදලම මම ඔයාගෙ ගීතවලට ගොඩක් කැමතියි.. තවත් ලස්සන ගීත අපි වෙනුවෙන් ගයන්න.. බුදු සරණයි..!!(නු)
මම නිරෝෂාට කැමතියි. (නි)
මම කැමති ඉතා අපූරු හඩක්. (නි)
නිරෝෂා, ඔයාගේ සිංදු ඇත්තටම ලස්සනයි. (නි)
විජිත කන්කළු හිංදද කරාබු දෙකක් දාලා නැත්තේ..!!(නු)
මම නිරෝෂාගේ සිංදු වලට කැමතියි. නමුත් නිරෝෂාට අකමැතියි. (නි)
අහන්න සතුටුයි (දී)
කන් කළුයි.. දත් සුදුයි..!(නු)
ඇත්තටම ලස්සනයි. (නි)
හරිම ෂෝක් (දී)
මෙවැනි වෙනස් අදහනු බැරි ලෝකය සිරගෙයක් නිරෝ.....ඔයාට විතරක් නෙමෙයි අපිටත් එහෙම තමයි...(ස)
මේක්අප්ස් කිලෝ ග්‍රෑම් එකක් විතර පාවිච්චි කරලා වගෙයි මට නම් පේන්නේ. (නි)
මෙම පිංතූරවල ඉන්නේ නිළියක්ද ගායිකාවක්ද? අනේ මංදා..!(නු)