‘අපි දැන් ඉන්නෙ ගන්ධබ්බ අවස්ථාවක. ආණ්ඩුවක් තියනව නෑ වගේ ඡන්දයක් එනව වගේ පේනව නෑ වගේ.ආ කූල ව්‍යාකූල තැනක රට තියෙන්නෙ. මම කියන්න දන්නෙ නෑ මම ආණ්ඩුවෙද විපක්ෂෙද කියල. හැබැයි විපක්ෂෙ ඉන්න ආසයි නමුත් ආණ්ඩුවේ ඇමැති කමකුත් තියෙනවා‘ යැයි ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය එස් බි දිසානායක මහතා උඩුනුවරදී පැවැසීය.
දවුලගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කළ උඩුනුවර ප්‍රදේශයේ හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ ගැටලු හඳුනාගෙන ඒවාට විසඳුම් සෙවීම සඳහා එම ප්‍රදේශයේ හස්ත කර්මාන්ත ශිල්පීන් හා ලක්සල, ජාතික ශිල්ප සභාව, ජාතික මෝස්තර මධ්‍යස්ථානය, කාර්මික සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් දවුලගල ප්‍රාදේශිය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී අමතමින් ඇමැතිවරයා එසේ කීවේය.
‘මොක්කදෝ මහා අංජ බජලයක් රටේ තිබෙන්නෙ. හැබැයි මේ සියල්ල මැද වත්මන් ජනාධිපති මෙත්‍රිපාල සිරිසේන මහතාට මේ රට නිවැරදි දිසාවකට ගෙන යාමේ දක්ෂතාවය ඇති බවත් විශ්වාස කරනවා‘ යැයිද දිසානායක මහතා පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලට හරියට කරන්න ආණ්ඩුවක් ජනතාව හදලා දුන්නා. තමුන්ම තමයි ඒක අංජබජල් කරගත්තේ. අනාගත සංවර්ධන ක්‍රියාදාමයන් ගැන අදහස් පළකරලා දැන්වත් රටට යම් වැඩක් කරන්නකෝ. (නි)
දැන් ඔතන ඉන්නවනේ රටට යම් ආදායමක් හොයාදෙන්න පුළුවන් ශිල්පීන්. ඔවුන්ටත් ආදායමක් ගන්න පුළුවන් වැඩපිළිවෙලක් ගැන කියන්නකෝ. යන යන තැන ආණ්ඩුවට බනින එක නෙමෙයි කරන්න ඕනෑ. (නි)
මෙතන කවුද මේ දුල්මි නමින් ලියන්නේ? අද දවසේ මේ පුවත් තීරයේ හතර දෙනෙක් පැමිණිලි කළා තමන්ගේ නම් වලින් ලියලා කියලා. මම මෙතන අවුරුදු ගානක සිට මේ නමින් ලියන්නේ. කරුණාකර වෙනත් සුදුසු නමක් සොයාගන්න. (නි)
පහුගිය කාලේ යටිගිරියෙන් කෑ ගහපුවා දැන් කෝ. (ස)
දැන් හැබෑටම ඔය හමුවීමෙන් පස්සේ හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ ගැටළු හදුනාගත්තද ඇමතිතුමයි නිලධාරීන් ටිකයි? (නි)
ඔහොම යන්; තවම චන්ද්‍රිකා හෙළුවෙන් යැව්වේ නැහැනේ. (බ)
දේශපාලන විශාරදයන්ටත් නිර්වචනය කරන්න බැහැයි කියන මේ තියෙන තත්ත්වය අපි කොහොම තේරුම් ගන්නද ඇමති තුමෝ ....?(බ)
ඔබතුමා විටෙක ශ්‍රී ල නි ප යේ ඉන්න විටෙක යූඑන්පී එකේ හිටියා. ඊටපස්සේ නැවත ශ්‍රී ල නි ප යට ගියා. කාලයක් චන්ද්‍රිකා පිලේ හිටියා. පසුව රනිල් පිලේ හිටියා. එතනින් මහින්දගේ පිලේ හිටියා. මෙහෙම යනකොට මොළේ කොලොප්පම් වෙන එක පුදුමයක්ද? ඔබතුමාගේ මොළේ නරක් වුණාට ඡන්දදායකයන්ගේ මොළේ ඡන්දෙන් ඡන්දෙට වර්ධනය වෙන බව පෙනෙනවා (නි)
මම අවුරුදු 3ක සිට දුල්මි නමින් මෙතන ලියන්නේ. දැන් කවුද මෙතන අලුත් සෙල්ලමක් පටන් අරගෙන වෙනත් කට්ටිය මෙතන ලියන නම් වලින් ලියන්න . මම දැක්කා චානිල් සහ මංජුත් මේ ගැන අද ලියලා තිබුනා. (නි)
මෙතුමාට කිසිම ප්‍රශ්නයක් නැහැනේ අනෙක් දේශපාලකයන්ට වගේ. යන එන මං නැති වෙන්නේ නැහැ . ඕනෑම වෙලාවක කොට්ට පැදුරු අරගෙන ආවත් කොයි පක්ෂයෙනුත් පිළිගන්නවා. පුදුම වාසනාවක්. (නි)
ඔහොම වෙනවා තමයි ලාබෙට කොත්තමල්ලි බීවම (බ)
උදේට මුහුණ දැක්කා නම් දවසම කැඳවත් හම්බ වෙන්නේ නැහැ.(නදී)
ඕක තමයි කියන්නේ රට ව්‍යාකූල කරලා දැන් බෙරිහන්දෙනවා කියල. නායකයා වැරදි කරනවානම් වටේ ඉන්න අය ඒවා හදන්න ඕනේ. නායකයා වෙනස් කරාම වෙන අය තමයි ප්‍රයෝජනය ගන්නේ. රටක් වේගයෙන් ඉදිරියට යන්න ඕනේ. තීරණ ගැනීමේදී ඉක්මන් සහ දැඩි වෙන්න ඕනේ. එතොකොට වීයාකූල වෙන්නේ නෑ. මාස 6ක් කියන්නේ අවුරුදු ගානක් ආපස්සට යාමක්. මේක තේරුම් ගන්නකොට වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයි. හිතන්න ......(ස)
ජහ මනයා (බ)
මෙවෙනි අවස්ථාවාදී ගුණමකුවන් රටේ පාලන තන්ත්‍රයේ නායකයන් ලෙස පත්කර ගන්නට පෙර ඔබ දෙවරක් නොව කීපවරක්ම සිතිය යුතුයි. මොහු කියන තරමක් කීවෙත් කරන තරමක් කලෙත් ඉතා අශිෂ්ට චරියාවකින් හෙබි පුද්ගල ක්‍රියාදාමයන් බව නොකිය මනාය (නදී)
“හොඳට නරකට දෙකටම කටමය” කියා තිබෙනවානෙ. ඔබ තුමාගෙ දේශපාලන ඉතිහාසය දිහා ආපසු හැරී බැලුවෝතින් එය ඉතාම පැහැදිලියි. ඉවසීම මෛත්‍රී ගුණයක් කියනවානේ හැබැයි එය සැබැවින්ම මෛත්‍රී මැතිතුමාට තිබුන නිසයි එතුමා ජනපති උනේ. ඔබතුමාට ඒ ඉවසීම තිබුනා නම් එදා ශ්‍රීලංනිප මහ ලේකම් වශයෙන් වර්ථමානයේ මහ ලේකම් වෙන්න තිබුනා නේද? දැන්වත් අඥාණකම් අතහැර ප්‍රඥා ගුණයෙන් යුතුව දේශපාලනය දකින්න.(නදී)
බලනකොට ඔයාලටත් පුදුම ප්‍රශ්නනේ තියෙන්නේ (නි)
උදේට මුහුණ දැක්කා නම් ඒ ඇති හොඳටම (නි)
මෙයාව නං ආණ්ඩුවටත් එපා විපක්ෂයටත් එපා! (ම)
දැන්ද ඔබතුමාට තේරුනේ? (නි)
ළංකර ගන්න කෙනාට දෙවියන්ගේම පිහිටයි (නි)
ඊළඟට කොහේට පනීද දන්නේ නැහැ (නි)
අංජබජල් හින්ද නේන්නම් එදා ඉඳලා ඒ පැත්ත මේ පැත්ත පනින්නේ. (නි)
ඔබතුමා කාටවත් අපහාස නම් කරන්න යන්න එපා. මතකනේ එක සැරයක් වුණ වින්නැහිය? (නි)
මේ අංජබජල් වෙලා තියෙන්නේ මොකද කියලා අපි නම් දන්නවා (නි)
දුල්මි,ඔබ 2005 සිට මෙම පිටුවේ සිටියා නම් ඊට කලකට පසු 2011 මෙම පිටුවට අදහස් ලියන්න එකතුවුණ මම ඔය නමින් අදහස් ලියනවා දැක්කේ නැත්තේ ඇයි? ඔබ මෙතැන සිටියා නම් ඔබට තිබුණා මට ඒ දවස් වලම කියන්න වෙනත් නමක් සොයාගන්න. මම ඔබට කලින් මේ නමින් ලියන්නේ කියලා. එහෙම දෙයක් සිදුනොවුණේ ඔබ මෙතනින් නමක් අහුලාගෙන මේ සතියේ මේ පාඨක සභාවට ගොඩවුන නිසා. සාධාරණ හේතුවක් නැති නිසා මම මේ නම වෙනස් කරගන්නේ නැහැ කණගාටුයි. (නි)
බලලෝභී හා තනතුරුලෝභී දේශපාලනඥයින් දේශපාලන භූමියෙන් අතුගා දැමීමට ජනතාව දැනුවත් කළයුතුයි. (නි)
මේ දුල්මි ප්‍රශ්නය නියමයි. දැන් ඔය 2005 වසරේ මේ සභාවේ හිටපු දුල්මි දැක්කේ නැද්ද මේ අනිත් දුල්මි ඔබේ නමින් ලියනවා. මමත් මේ සභාවට සෑහෙන කලක සිට ලියන කෙනෙක්. බොහෝවිට මං දැක්කේ දුල්මි නමින් එක දවසකට නැත්නම් දවස් දෙක තුනකට වරක් අදහසක් දෙකක් පමණයි. දුල්මිලා දෙන්නක් අවුරුදු ගානක සිට ලියන අදහස් ලියනවා වගේ පෙනුනේ නැහැ. කවුරුහරි ඔබ දෙන්නාගෙන් කෙනෙක් ඊයේ පෙරේදා සභාවට ඇවිත් බොරු කියනවා (නි)
ප්‍රතිපතියක් නැති මිනුස්සුන් මට පේන්න බැහැ. (ර)
ඔය ඔර්ජිනල් දුල්මි කියන කෙනාගේ මෙතන ලියන විලාශය නම් බොහොම වෙනස් . හැබැයි අනෙක් දුල්මිගේ අදහස් නම් අපිට සුපුරුදු භාෂා විලාශයක්. . ඒ නිසා අපිට ඔය ඔරිජිනල් දුල්මි කියන දේවල් ටිකක් විශ්වාස කරන්න අමාරුයි. (බ)
ඕක මොනවගේ ප්‍රශ්නයක් කියලා රටම දන්නවා. (නි)
ඔය ඔර්ජිනල් දුල්මි කියන්නේ පිවිතුරු යහපාලද දන්නේ නැහැ. ඒ මොකද යහපාලට ඊයේ පෙරේදා අනෝමා කියලා බවලතෙක් පවා වැහුනා. (නි)
ඔරිජිනල් දුල්මි මමයි.2005 මැයි මාසයේ 23 වෙනිදා සිට මම මේ පිටුවේ ඉන්නවා.අනිත් දුල්මිලා දමන අදහස් වලට මම එහෙම වගකියන්නේ නැහැ.ලැජ්ජාවක් කියලා එකක් තියෙනවා නම් කරුණාකරලා වෙනත් නමකින් තමන්ගේ අදහස් දමන්න (නි)
මැෂිමේ පටිය කැඩිලා. දැන් පෑගුවට ඡන්ද වැටෙන්නේ නැහැ. (නි)
වෛරීකම උතුරා ගිහින් (නදී)
ප්‍රතික්ෆෂ්ප කරන්නෙත් නෑ . බාරගන්නෙත් නෑ . (ම)
අනේ ඔබතුමාත් කියන කතා? (නි)
අපිත් අංජබජල් වෙලා වගේ තමයි ඉන්නේ (නි)
මහ ජනතාවට නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔබගේ කතා අහනකොට අපිට අංජබජල් වගේ (නි)
ඔබගේ දේශපාලන අතීතය දෙස ඔබම බැලුවොත් එය ඔබටම පිළිකුල්සහගත වෙන්න ඕනෑ. රටක ජනතාව වාසනාවන්තද අවාසනාවන්තද කියලා දැනගන්න පුළුවන් ඔබේ මුහුණ කැඩපතක් ලෙස යොදාගෙන. (නි)
ඔබ තුමා ගැන ජනතාව බලාගනී (බ)
ඔබව හරියටම අංජ බජල් වෙන්නෙ ඡන්දෙන් පස්සෙ. (බ)
අංජබජල් .අඤ්ඤකොරෝස් ,වෙන නිසා තමයි ලක්ෂ 58 විරුද්ධ වුනේ (බ)
දැන්නම් හොඳටම ඇති! (නි)
“හොඳට නරකට දෙකටම කටමය” කියා තිබෙනවානෙ. ඔබතුමාගෙ දේශපාලන ඉතිහාසය දිහා ආපසු හැරී බැලුවෝතින් එය ඉතාම පැහැදිලියි. ඉවසීම මෛත්‍රී ගුණයක් කියනවානේ.හැබැයි එය සැබැවින්ම මෛත්‍රී මැතිතුමාට තිබුන නිසයි එතුමා ජනපති වුණේ. ඔබතුමාට ඒ ඉවසීම තිබුනා නම් එදා ශ්‍රීලනිප මහ ලේකම් වශයෙන් වර්තමානයේ මහ ලේකම් වෙන්න තිබුනා නේද? (නි)
මෙයානම් හැමදාම අන්ජබජල් තමයි (බ)
ඔබතුමා කතාකරන්නේ කොහෙන්ද කියන්නකෝ? (බ)
ආයෙත් මහින්දට හේත්තු වෙන්න වගෙයි. වැඳලා කියන්නම් මහින්ද මහත්තයෝ, ප්‍රවේශමෙන්! (නි)
මෙතුමා හේත්තුවෙන තැන කොහොමත් අංජබජල් තමයි ! (නි)
අපිටත් පෙනෙනවා දැන් රට බොහොම අංජබජල් බව. (නි)
ඔබ වගේම ඔක්කොම අංජබජල්..(බ)
සියලු ලංකාවාසී ජනතාව එජාප හා ශ්‍රී ලංකා නි ප එක්ව මහින්ද රාජපක්ෂ වඩා හොඳයි කියන දවසක් එයිද? (නි)
පක්ෂ විපක්ෂ පැති වැඩක් නැත හරියට වැඩ කරනවා නම් (නි)
ඔහොම යමුකෝ! (නි)
උම්බලකඩ සහ පොල් කෑවා නම් දුක විඳපන් බළලෝ කිවුවලු (අලුත් විදියට) (නි)