ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වුවහොත් තමන් ගිනි තබාගන්නවා යැයි කීව ද එම ගින්නෙන් දිවි හානි කරගන්නවා යැයි නොකී බව නීතීඥ මාපලගම විමලරත්න මහතා පවසයි. ඔහු නක්ෂත්‍රකරුවෙකි.
ඒ මහතා මේ බව කියා සිටියේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු ලංකාදීපය කළ විමසීමකට පිළිතුරු දෙමිනි. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීවේය.
මා කිසිම අවස්ථාවක දී දිවි නැතිකරගන්නවා යැයි කියා නැහැ. මා කීවේ ගිනි තබාගන්නා බව පමණයි. මා මේ ප්‍රකාශය කළ අවස්ථාවේ දී බද්දේගම මහේස්ත්‍රාත්වරයා පවසා සිටියේ ගිනි තබාගන්නා බවට ප්‍රකාශ කිරීමෙන් මා සියදිවි නසා ගැනීමට උත්සාහ ගැනීමේ වරදකට හසුවන බව. නමුත් මා එවැන්නක් කියා නැහැ. මා කියා ඇත්තේ ගිනි තබාගන්නවා යැයි කියා පමණයි.
මා එදා ජනාධිපතිතුමා දිනනවා යැයි කියූ අනාවැකිය වැරදී ගියා. දැන් මා ගිනි තබා ගන්නවා. රූපවාහිනී ආයතනයකට සරමක් ඇඳනෙ ගිහින් සරමට ගිනි තබා ගන්නවා. සරමට ගිනි ඇවිලෙන විට වටේ සිටින අය ඒ ගින්න නිවා දමන බව මා දන්නවා. කිසිම පුද්ගලයෙක් තවත් අයෙකුගේ සිරුරට ගිනි ඇවිලෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා මගේ ජීවිතය බේරෙනවා. ඉදිරියේ දිනක එදා මා පැවසූ පරිදි ගිනි තියා ගන්නවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අය රටට වැඩක් නෑ.(හේ)
අපේ රටේ මෙහෙමත් බොරු කේන්දර කාරයෝ ඉන්න නිසා තමයි නියම කේන්දර බලන අයටත් තැනක් නැත්තේ. (ර)
ලංකාවම හින්දා හොදයි (දිල්)
වැරදුනාම දැන් එහෙම කියනවාද? (නි)
ආයෙත් පටන් අරගෙනද? (නි)
ඔය දේවල් කරන්න යන්න එපා. කේන්ද්‍රය බලවා ගන්න වෙන කෙනෙකුට කියලා. (නි)
නුඹ අපේ හිටපු ලොක්කට නියමෙට ගැලපෙනවා.(නදී)
ජොතිෂ්‍ය කියන්නේ අමූලික බොරුවක් අපේ රටේ බහුතර මෝඩ ජනතාවට දැන් හරි ඒක තේරෙනවා නම් ලොකු දෙයක්. (නදී)
බොරු නම් කියන්න ලැස්ති වෙන්න එපා (දිල්)
ජ්‍යෝතිෂය අවතක්සේරු කරන කාටවුණත් අපි විරුද්ධයි (නි)
මෙන්න මේ වගේ අය තමයි අපේ රටේ මිනිස්සු විශ්වාස කරන්නේ. (නි)
සරම ගිනි ගන්න කොට පිච්චෙන්නේ නැද්ද? (නදී)
මේ වගේ ලැජ්ජා නැති කතා කියන්න එපා (නි)
, මට ඇගට දැනෙන හොදම දේ නක්ෂත්‍රකරුවන්ගේ පරාජය (අ)
මේයාගේ අනාවැකිත් මේ වගේ හරි හතරැස් ඇති.(හේ)
ලංකාවේ දැන් මෝඩයෝ නෑ.(හේ)
ආයෙත් නොදන්න අනාවැකි කියන්ඩ යන්ඩ එපා හොඳේ... (ර)
මිනිස්සු අන්ධ වෙලා වරදාන වලට අනුන්ට කඩේ යනවා. එහෙම ගියහම ආතක් පාතක් නැතිව අතරමං වෙනවා. (ර)
මේ කතා බොරු.(හේ)
මේ අයට පුලුවන්ද ජනතාවගේ තීරණය කියන්න.(හේ)
ඔව් වීරසිංග අපේ රටේ හිටපු " රාජකීයම " ජෝතිෂ්‍ය කට්ටිය කියපු දේවල් දැන් අකුරටම හරි ගිහිල්ල තියෙන්නේ ඒ නිසා එක අව තක්සේරු කරන්න එපා හිස් මුදුනින් පිළිගන්න ! (අ)
වටේ එවුන් ගින්න නිවන්නේ නැතුව ඉන්න ඕනේ. (ස)
අනේ මේ වගේ මිනිස්සු. (ර)