(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
පහලොස් හැවිරිදි පාසල් දැරියක් අපයෝජනයට ලක් කළ පුද්ගලයකු (21) දා සැකපිට අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලීසිය පවසයි
සැකකරු වසර දෙකක සිට අසභ්‍ය වීඩියෝ දර්ශන පෙන්වමින් පාසල් දැරිය මෙසේ අපයෝජනයට ලක්කර ඇතැයි පොලිසිය කියයි
මීට දින කිහිපයකට පෙර දැරිය සැකකටයුතු ලෙස කිසියම් පෙති වර්ගයක් පාලනය කර ඇති අතර ඒ බව පියා දැකීමත් සමඟ කළ සොයා බැලීමකදී එලෙස පානය කර ඇත්තේ උපත් පාලන පෙති බවට අනාවරණය වී ඇති බව පොලීසිය කියයි .
එහිදී පියා දැරියට දැඩි ලෙස අවවාද කර පසුව සිදුකළ පැමිණිල්ලකට අනුව මෙසේ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
දැරිය ලවා අවස්ථා කිහිපයකදී මාපියන්ට නිදි පෙති ලබා දී ඒ හැම අවස්ථාවකදීම සැකකරු නිවසට පැමිණ දැරිය අපයෝජනයට ලක්කර ඇති බව විමර්ශන වලදී අනාවරණය වී ඇති බව පොලීසිය කියයි .
අපයෝජනයට ලක් වූ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනතරම් සාපරාධී ක්‍රියාවක්ද...? කරුණාකර මෙම පාපතරයාගේ සියලු වතගොත ඡායාරූප සමග ප්‍රසිද්ධ කරන මෙන් ඉල්ලා සිටින්නෙමු...
ප්‍රසිද්ධ ස්ථානයකට ගෙන දඬුවම් දීම අගයමි.
රුපියල් 100ක දඩයක් ගහලා නිදහස් කරයි.
අද රටේ සිදුවන මෙවැනි භයානක අපරාධ පිළිබඳව වාර්තා කිරීම හොඳ දෙයක්. අද විශේෂයෙන්ම ගැහැණු දරුවන් පිළිබඳව දෙමව්පියන් විමසිලිමත් විය යුතුයි. මෙවැනි අපරාධකරුවන් දීර්ඝ කාලීනව සමාජයෙන් ඈත්කර තැබිය යුතුයි.
ෂුවර් එකටම පොහොට්ටු දේශපාලකයෙක් වෙන්න ඕනෑ.