ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරට කිලෝමීටර් 400ක් උතුරු මුහුදේදී අනතුරට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයකු බේරා ගැනීමට එරට වෙරළාරක්ෂක නිළධරයෝ සමත් වූහ. පැය 24ක් පුරා මුහුදේ නිරුවතින් පිනමින් සිටි ඔහු බේරා ගන්නා විට මිනී මෝරුන් රංචුවකට මැදි ව සිටි බවත් අනතුරට පත් ධීවර යාත්‍රාවේ සිටි එක් අයකු අතුරුදන්ව ඇති බවත් තමාගේ අනෙක් මිතුරා මෝරුන් විසින් කා දමන අයුරු දුටු බවත් හැකි තරම් ඈතට පිහිනා ගොස් පැය විසි හතරක් පුරා තමා මුහුදේ පාවෙමින් සිටි බවත් ඔහු මාධ්‍ය හමුවේ කීය. මෙම ධීවරයා බේරා ගැනීමට තවත් මිනිත්තු කිහිපයක් ප්‍රමාද වූයේ නම් ඔහු ද මෝරුනට බිළිවන බව වෙරළාරක්ෂක සේවය කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට දෙවියෝ අනිත් අය බේරගත්තෙ නැත්තෙ ඇයි..!!.(නු)
ඔව් නිශා, මමත් දන්නේ එහෙමමයි. මේ විශේෂයට කියන්නේ හෑමර් හෙඩ් කියලා. මුන් එහෙම දරුණු නැහැ කියලයි මමත් දන්නේ. ඒත් ඉතින් දැන් කලියුග කාලෙනේ. උනුත් වෙනස් වෙලා ඇති සමහර විට. (නි)
අන්න හොද වාසනාවන්ත මනුස්සයෙක්. (නි)
මෝඩකම. (නි)
දෙවියන්ට ස්තූති වේවා! (නි)
පව් පිං අනුව තමයි හැම දෙයක්ම වෙන්නෙ. ගොඩක් පිං කරපු පුද්ගලයෙක්. (ත)
පව් පිං අනුව තමයි හැම දෙයක්ම වෙන්නෙ. ගොඩක් පිං කරපු පුද්ගලයෙක් වගෙයි. (නි)
මෝරුන්ට අප්පිරිය හිතෙන්න ඇති. නැත්නම් ඇත අරි කට්ටිය (දී)
මාලුන්ගේ ජීවිත බිලී බාගන්න යන මෙවන් මිනිසුන්ව මාලුන් විසින් ඉදහිට බිලී බා ගත්තාට කම් නැත. (නි)
ලංකාවෙ නම් හැමදාම රීරි මාංශ උරා බොන මිනී මෝරුන් මැද තමයි අපි ජීවත් වෙන්නේ. (නි)
හොද වෙලාවට ඕස්ට්‍රේලියාවෙ උනේ.. ලංකාවෙ කෙනෙක් එහෙම උනානම් මෝරා මැරිලා.. ලංකාවෙ කෙනාගෙ විෂට..!!(නු)
ලොක්කට ඇදුම් නැති නිසා මෝරුන්ට ලජ්ජා හිතෙන්න ඇති (දී)
ඇයි දෙවියෝ මාලු ගැන නොහිතන්නෙ...!!(නු)
ඕස්ට්‍රේලියාවෙ මිනී මෝරු වගේද ලංකාවෙ අපිව හූරං කන මෝරු එක්ක බලපුවහම.....(නු)
වාසනාවන්ත පුද්ගලයෙක්. (නි)
ජීවත් වෙන්න වාසනාව තියෙන කෙනෙක්.. (ස)
දෙවියෝ කර දෙයක් නෙමෙයි..තමන්ගේ කර්ම ශක්තිය අනුව පින පව පලදෙනවා..පින් කර කෙනා බේරුනා.පව් කර කෙනා මියගියා. (ස)
එයානම් පැය 24 යි.ඒත් ලංකාවෙ අපි අවුරුදු කීයක් නම්.......... (ස)
ඇයි දෙවියෝ එක්කෙනෙක්ව විතරක් බේරගත්තේ... (ස)
අදහස් දැක්වූවෝ අපි තුල මේ මනුස්සකම නිතරම තිබුණානම්.... (ස)
ලංකාවේ ඉන්නව නම් මෝරුන් රංචුවක් කජ්ජක්ද (අ)
මා දන්නා ලෙසට මේ මෝරුන් මිනීමරු මෝරුන් නොවෙයි. (නි)
ඕස්ට්‍රේලියා යන්නේ ප්‍රවේසමින්...(ස)
දෙවියන් විසින් රැකගන්නා ලද අපුරු සිදුවීමක්...(ස)
ඒ මනුස්සයාට මොනවා හිතෙන්න ඇත්ද?කොහොම වුණත් බේරාගත්ත අය ලොකු පිනක් කරලා තියෙන්නේ (අ)
ඔහු බේරාගත් සැම දෙනාටම ස්තුතිවේවා. (අ)
ගිය ආත්මයේ ලොකු පිනක් කරලා ඇති, මෙහෙම බේරෙන්න. (නි)
ඔලිම්පික් රන් පදක්කමක් දෙන්න වටිනවා...(ස)