IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


මිනිහෙක් පිළිකාව පරදවයි

මහා බඩවැලේ පිළිකාව සුව කළ නොහැකි බව විශ‍්‍රාමක ඉංජිනේරුවකුට ලන්ඩනයේ නොර්ත් ටීස් රෝහලේ වෛද්‍යවරු කීහ. සැත්කම් කිහිපයක්  කිරීමෙන් පසුවද පිළිකාව ඔඩුදුවා ඇතැයි කී වෛද්‍යවරුන් ඔහුට කීවේ ගෙදර ගොස් කැමැති දෙයක් කා බී සිටින ලෙසයි. ඇලන් ටේලර් (78) වෛද්‍යවරුන් කී කතාව පිළිගත්තේ නැත. පිළිකා මරුවා සමග සටන් කෙළේය. ඊට පිහිට වූයේ අන්තර් ජාලයයි. ඔහු අන්තර් ජාලය කාල්ගෑවේය.  පිළිකාවට බෙහෙතක් සොයා ගත්තේය. රතු මස් හා කිරි නිෂ්පාදන ආහාරයට ගත් ඔහු එය වෙනස් කෙළේය. පලතුරු හා එළවළු වැඩියෙන් කෑමට ගත්තේය. බාර්ලි ගස්වලින් අඹරාගත් පිටි කුළුබඩු ඇප්රිකොට් ඇට, සෙලීනියම් පෙති ද හාර මාසයක් කෑවේය. පිළිකා සෛල කඩා බිඳ දැමීමේ ශක්තිය ඇප්රිකොට් ඇටවලටද පිළිකා වර්ධනය නැති කිරීමේ ශක්තිය කහ වලටද ලේ වල ඛනිජ ප‍්‍රතිශතය වැඩි කිරීමට බාර්ලි ගස ඉවහල් වන බවද අන්තර්ජාලයේ ඔහු සොයා ගෙන ඇත. එම ආහාර ගැනීමෙන් මාස හතරකට පසු ඔහු යළි වෛද්‍ය පරීක්‍ෂණයකට ලක්විය. ඔහුගේ පිළිකාව සුව වී ඇති බව වෛද්‍යවරු නිගමන කළහ. ඔහුගේ මේ කතාව ලන්ඩන් ඬේලිමිරර් පත‍්‍රයේ පළවිය.



අදහස් (0)

මිනිහෙක් පිළිකාව පරදවයි

විදුරංග Monday, 24 September 2012 07:42 PM

සෙත් වේවා! (නි)

:       0       0

කළුපහණ Monday, 24 September 2012 07:44 PM

මිනිසාට කළ නොහැකි දෙයක් නැත..!(නු)

:       0       0

චමිල රුවන්දික Saturday, 29 September 2012 07:54 PM

සිතට සිතන්නට දිරි දෙන් නොවැටී ඇවිද යන්නට... නුඹට හැකි නම් නුඹ කළා නම්... අවැසිය අන් හැමටත් සිතට දිරි ගෙන ඇවිද යන්නට...(නු)

:       0       0

සිරි Monday, 24 September 2012 08:21 PM

වෛද්‍යවරුන් කී කතාව පිළිගත්තේ නම් අද ඔහු ජීවතුන් අතර නොසිටින්නත් ඉඩ තිබුනා. වෛද්‍යවරුන්ගේ වචනය නිසාම හිස් මුදුනින් පිළි නොගෙන එයට අභියෝග කිරීම නිසා ඔහු ජීවිතය ජය ගත්තා. ඉංජිනේරුවකුට වඩා ඔහු තුළ ජීවත් වන්නේ නොසැලෙන අධිෂ්ඨානයෙන් සිය පරමාර්ථය ජය ගන්නා විද්‍යාඥයෙක්. (නි)

:       0       0

අනුල Monday, 24 September 2012 08:28 PM

සොයන්නාට සම්බ වේ කියනවනේ. අපිත් අත්හදා බලමු. (නි)

:       0       0

හිරාන් Thursday, 27 September 2012 10:39 AM

ඔබට දීර්ඝායුෂ පතමි. (ස)

:       0       0

තුවාන් ෂෙරිෆ් Monday, 24 September 2012 10:10 PM

අපේ රටේ පිළිකා වැළදුන ගොඩක් අයගේ ඉරණම මරණයමයි.. මේ බෙහෙත සොයා ගැනීම ඉතාම විශිෂ්ඨයි..!(නු)

:       0       0

දයා සෞදි Monday, 24 September 2012 04:14 PM

අපේ රටේ ලෙඩුන්ටත් මෙම අසිරිමත් ක්‍රමය අනුගමනය කරන්නේ නම් මහගු ඵල ලබා ගන්නට හැකිවේවි.. මෙම දැනුමත් කිරීම ඉතාම හොද පිණක්..!(නු)

:       0       0

ප්‍රේමලාල් Monday, 24 September 2012 04:18 PM

අන් අයටත් දැන ගැනීමට සැළැස්වීම ගැන චමින්ද මහතාට ස්තුතිය..!(නු)

:       0       0

රණසිංහ ප්‍රේමලාල් Monday, 24 September 2012 04:18 PM

මේ කතාව පළ කළ එසැණ පුවත් වෙත අපගේ ස්තුතිය..!(නු)

:       0       0

රමේෂ් Monday, 24 September 2012 04:18 PM

ඒ ඩේලි මිරර් පුවත් පතේ යොමුව පළ කරන්නකෝ..!(නු)

:       0       0

ලලිත් Monday, 24 September 2012 11:10 PM

හොද දෙයක්. (නි)

:       0       0

නිමල් Wednesday, 26 December 2012 04:22 PM

http://www.mirror.co.uk/news/uk-news/man-cures-himself-of-cancer-using-1325900 (නි)

:       0       0

චතූ Monday, 24 September 2012 01:51 PM

ආයුර්වේද වෙදකමෙහි සහ බටහිර වෛද්‍ය ක්‍රමයේ වෙනස බලන්න..!(නු)

:       0       0

සුසන්ත - ඉතාලිය Monday, 24 September 2012 01:52 PM

හිත ඇත්නම් පත කුඩාද කියලා කියන පැරණි කතාව අදටත් වළංගු බව මේකෙන් ඔප්පු වෙනවා. ඒකට ලංකාව. පිළිකාව ඔඩුදුවනකම් සමහර වෛද්‍යවරුන්ට හොයා ගන්නත් බෑ. (දී)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Monday, 24 September 2012 04:56 PM

මහරගම රෝහලේ ඉන්න පිළිකා රෝගීන්වත් මේ ආකාරයෙන් සූවපත් කරගැනීමට හැකිනම් මොන තරමි මිළ කළ නොහැකි කර්තව්‍යයක්ද? ඒ අහිංසකයින්ගේ ලෝකේ එළිය කර ගන්න ඇත්නම් කොපමණ හොදද? ඇත්තටම මේ ලිපිය බලන ඔබත් සතූටූවෙනවා නොඅනූමානයි. මවූ බිමේ සිටින වෛද්‍යවරුන්ගේ නෙත මෙය ගැටේවා! සියලුම රෝගීන් නිරෝගි වේවා! (නි)

:       0       0

යෝනුසලවි Monday, 24 September 2012 05:14 PM

අපේ "කොන් දොස්තරලා" මේක නැහැ කියයි. ඇයි ඔවුන් ලෙඩ වැඩි වන තරමට සන්තෝෂ වන අයනේ. (නි)

:       0       0

ජයී Tuesday, 25 September 2012 02:08 AM

ලංකාවේ වෛද්‍යවරුන්ට දොස් කීම වැරදයි. පහත වෙබ් අඩවියට ගොස් බලන්න. http://www.sundayobserver.lk/2011/07/24/fea12.asp (නි)

:       0       0

හරිස්චන්ද්‍ර පෙරේරා Tuesday, 25 September 2012 02:13 AM

ඔව්. අපේ වෛද්‍යවරුන්ටත් මේ වගේ දේ අත්හදා බලන්න පුළුවං..නේද යම් හෝ සහනයක් ලබා දීමට ..(නු)

:       0       0

කුමාර Tuesday, 25 September 2012 03:20 AM

අන්තර්ජාලයේ හොද වැඩත් තියෙනවා එහෙනම්. (නි)

:       0       0

හේරත් Monday, 24 September 2012 05:45 PM

විශ්වාසයේ ශක්තියට ජයවේවා! ඔබට දීර්ඝායු වේවා! (නි)

:       0       0

සරත් Monday, 24 September 2012 02:42 PM

ඔබ තුමාට දීර්ඝායුෂ පතමි . (දී)

:       0       0

ෆිසේර් Monday, 24 September 2012 02:37 PM

නියමයි නියමයි අගේ ඇති වැඩක් ?(දී)

:       0       0

මධු Monday, 24 September 2012 06:04 PM

අද ගොඩක් දොස්තරලාට මිනිස් ජීවිත වල වටිනාකමක් නැහැ. (නි)

:       0       0

සංජීව Monday, 24 September 2012 02:56 PM

ස්වාභාවධර්මයට අනුකූලව ජීවත් වෙනවානම් ලෙඩ අඩුයි.. කෘතිම ආහාර පාන වලින් හැකි තරම් අයින් වෙන්න.. මොකද මිනිසා ස්වාභාවධර්මයේ නිර්මාණයක් නිසා.. බලන්න අපේ ආච්චිලා සීයලාගේ ආයුෂ..(නු)

:       0       0

ඉනෝක Wednesday, 23 September 2015 10:04 AM

ඔබතුමාට ගොඩක් පින්(ම)

:       0       0

ප්‍රියන්ත Monday, 02 January 2017 03:03 PM

මෙවන් ලිපි මගින් දැනුවත් කිරීම ගැන ඔබට බොහොම ස්තූතියි (අ)

:       0       0

ලහිරු Monday, 24 September 2012 03:09 PM

සැබෑ මිනිසෙක් .ඔබට දීර්ඝායු වේවා !!(ස)

:       0       0

හරින් - මාලදිවයින Tuesday, 25 September 2012 07:42 AM

පිළිකා තියෙන අය බාර්ලියි ආපිකොට් ආහාරයට ගත්තොත් නරකද? මේ සොයාගැනීම කළ අතිවිශිෂ්ඨ මිනිසාට මාගේ උපාහරය..!(නු)

:       0       0

දිලිප් Saturday, 29 September 2012 01:41 AM

නැවත නැවතත් උත්සාහ කළ යුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 758 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 571 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site