IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මිනිහෙක් අහසින් බිමට පනී

ඕස්ටි‍්‍රයා ජාතික පීලික්ස් බම්ගර්ට්නර් ඇමෙරිකාවේ නිව් මෙක්සිකෝ අහසේ අඩි 128,000ක් හෙවත් කිලෝමීටර් 39ක් උඩසිට බැලූනයක හා පැරෂුටයක ආධාරයෙන් බිමට පැන ලෝක වාර්තාවක් පිහිටැවීය. ශබ්දයේ වේගයට වඩා වේගයකින් බිමට පැනීමට ඔහුට ගත වූයේ මිනිත්තු 10කි. පීලික්ස් කැප්සුලයෙන් පැන නිදහසේ මිනිත්තු හතරක් පමණ බිමට පාවෙමින් සිටියදී පැරෂුටය විවෘත කැරගත්තේය. 1960දී ගුවන් නියමු ජෝ කිටින්ගර් අඩි 102800 (කිලෝමීටර් 19) අහසින් පැන වාර්තාවක් පිහිටැවීය. පීලික්ස් ඒ වාර්තාව බිඳ දැමීය. අහසේ එවැනි උසක සිට බිමට පැනීමේදී මිනිස් සිරුරට ඇතිවන බලපෑමත් පැනීම සඳහා යොදාගන්න බැලූන හා පැරෂුටවල ශක්තිය මැන බැලීමත් මේ පිම්මේ අරමුණ විය. පීලික්ස් ශබ්දයේ වේගය පැරදවූ පළමු මිනිසාය. ඔහු පොළොවට ආ වේගය පැයට කිලෝමීටර් 1342 කි. ‘මා බිමට එද්දී මට හිතුණේ ටොන් විස්සක පමණ බරක් මගේ උරහිස මත තුබූ සැටියකි.  මේ කාරියට මා හත් අවුරුද්ධක්ම පුහුණු වුණා‘ යැයි පීලක්ස් ජර්මන් බසින් මාධ්‍ය ඇමතීය.



අදහස් (0)

මිනිහෙක් අහසින් බිමට පනී

ගයා Tuesday, 16 October 2012 08:31 AM

අයියෝ මේකත් මොන පැනිල්ලක්ද..? අපේ මන්ත්‍රීවරු පක්ෂ මාරුකරලා පනින පැනිල්ලට..? (ස)

:       0       0

කුමාර Monday, 15 October 2012 12:52 PM

අතිවිශිෂ්ටයි (ස)

:       0       0

ජයී තිසර Monday, 15 October 2012 12:54 PM

ඕස්ටි‍්‍රයා ජාතික පීලික්ස් බවුම්ගර්ට්නර් වීරෝධාර පුද්ගලයෙක් ලෙස ලෝක ඉතිහාසයට එක්වේ. මගේ උණුසුම් සුභ පැතුම්! ලෝකේ උසම ගොඩනැගිළිත් මදි ඔහුට අවුරුදු හතක් දුක් විඳමින් පුහුණුවට ශබ්දය පරදවා ඔහු ලත් වේගයට මිනිසෙක් සතු බලය පෙන්වයි මුළු ලොවට (ස)

:       0       0

හෂාන් Monday, 15 October 2012 01:06 PM

පිස්සුද

:       0       0

සරත් Monday, 15 October 2012 05:51 PM

විශිෂ්ටයන් අතර විශිෂ්ටයෙක් , මගේ සුබ පැතුම් (ස)

:       0       0

ආනන්ද පිටබැද්දර Monday, 15 October 2012 01:18 PM

ගුවන් ගැබේ ජය ගන්නට ඔබ සමතෙක් වූවා ලක් මවු තුරුලේ සිටගෙන ආසිරි ගෙන ආවා... (නි)

:       0       0

රංජිත් Monday, 15 October 2012 01:18 PM

සුද්දා හිතා මතා අහසින් බිමට පැනලා ලෝක වාර්තා පිහිටවනවා! අපේ රටේ අහසින් වැටුණු දරුවන් ගැන වාර්තා ලියවෙන්නේ නැත්ද? (නි)

:       0       0

කුරුවිට Monday, 15 October 2012 01:19 PM

සිල්වා අයියා මෙයා සුද්දෙක් නෙමෙයි . ඔස්ට්‍රියන් ජාතිකයෙක්. කවුරු උනත් වැඩකාරයෙක් (ස)

:       0       0

ඉන්දික Monday, 15 October 2012 01:37 PM

ඇත්තෙන්ම අතිවිශිෂ්ඨයි (ස)

:       0       0

බණ්ඩාර Monday, 15 October 2012 06:41 PM

කුරුවිට, ඕස්ට්‍රේලියා වල ඉන්න හම සුදු මිනිස්සු, සුද්දන් නැතුව වෙන කවුද? (නි)

:       0       0

චන්ද්‍රසිරි Monday, 15 October 2012 01:48 PM

සල්ලි තියෙනවානම් මාත් උත්සාහ කරනවා (ස)

:       0       0

මනෝජ් Tuesday, 16 October 2012 04:24 PM

වැඩේනම් හොදයි හැබැයි අපේ රටේ සමහර දේශපාලකයොත් ශබ්දෙට වඩා වේගෙන් පැනල පක්ෂ මාරු කරල වාර්තා තියල තියෙනවාලු (ස)

:       0       0

මනෝජ් Sunday, 04 November 2012 10:18 AM

මිනිසෙක් සතු බලය පෙන්වයි මුළු ලොවටම. නියමයි. අති විශිෂ්ටයි. (නි)

:       0       0

මනෝජ් Sunday, 04 November 2012 10:19 AM

නියමයි. අති විශිෂ්ටයි. (නි)

:       0       0

දේවා Monday, 15 October 2012 02:21 PM

අයියෝ සල්ලි

:       0       0

ලලාත් Monday, 15 October 2012 08:10 PM

ඕක මොකද්ද අපි අවුරුදු ගණනාවක ඉඳලා අහසෙත් නෙමෙයි පොළවෙත් නෙමෙයි.මොනවා කරත් ජීවන වියදමයි අපරාධ රැල්ලයි නිසා ජීවත් වෙන්න බැරුව එලෝ මෙලෝ නැතුව ඉන්නේ (ස)

:       0       0

විභූත් Monday, 15 October 2012 03:18 PM

ලංකාවේ බඩු මිළ මුණගැසුණේ අඩි කීයෙදිද? (නි)

:       0       0

වරුණ Monday, 15 October 2012 10:36 AM

වාව් !!! ..මෙන්න සැබෑ වැඩකාරයෝ (ස)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Tuesday, 16 October 2012 01:18 PM

ඕස්ට්‍රේලියාව සහ ඔස්ට්‍රෙියාව යනු සම්පූර්ණයෙන්ම වෙනස් රටවල් දෙකක්.. ඔය දෙන්නම පටලවාගෙන ඉන්නේ..!(නු)

:       0       0

දේවප්‍රිය Monday, 15 October 2012 10:43 AM

ඔබ හරිම විශිෂ්ටයි (ස)

:       0       0

සිල්වා Monday, 15 October 2012 10:58 AM

සුද්දා කොහොමත් දක්ෂයි (ස)

:       0       0

චානක Tuesday, 16 October 2012 12:11 AM

මාරයිනේ. (නි)

:       0       0

කිත්මා Monday, 15 October 2012 10:55 AM

නියමයි....ඓතිහාසික සිද්ධියක් (ස)

:       0       0

ජනක Monday, 15 October 2012 10:59 AM

මොකද්ද කියන්න මම දන්නේ නැහැ

:       0       0

කුෂාන් Monday, 15 October 2012 11:05 AM

නියම වැඩක්. මේක ලෝක වාර්තා කිහිපයක්ම බිඳ දැමීමක් (ස)

:       0       0

දිල්ෂාන් Monday, 15 October 2012 11:19 AM

ඔහුට ශබ්ධයේ වේගයත් පරදන්න පුලුවන් වුණා එහෙනම් ....නියමයි (ස)

:       0       0

මාරස් Monday, 15 October 2012 11:37 AM

මොකක්ද අප්පා මේ හරුපේ? (නි)

:       0       0

රුක්සලා Monday, 15 October 2012 03:47 PM

ඔබ සැබැවින්ම විශිෂ්ටයෙක් !!!!!(ස)

:       0       0

චතූ Monday, 15 October 2012 11:52 AM

ඕකත් මහ ලොකු වේගයක්ද? අපේ බඩු මිල නග්ගන්නෙ සද්දයේ වේගය වගේ දෙගුණෙකින් (ස)

:       0       0

ජෙස්ටර් Monday, 15 October 2012 03:57 PM

නියම වැඩක් (ස)

:       0       0

බුද්ධික Monday, 15 October 2012 11:58 AM

ඇත්තෙන්ම අතිවිශිෂ්ඨයි (ස)

:       0       0

බුද්ධික Monday, 15 October 2012 11:50 AM

ඇත්තෙන්ම අතිවිශිෂ්ඨයි (ස)

:       0       0

කෙවින් Monday, 15 October 2012 11:55 AM

හැබැයි මෙයාට ලංකාවේ සංවර්ධන වේගය පරදවන්න පොඩ්ඩක් අමාරුවෙයි. (නි)

:       0       0

කුමාර Monday, 15 October 2012 04:19 PM

කරන්න දෙයක් තිබුණෙම නැද්ද වෙන (ස)

:       0       0

මංජුල Tuesday, 16 October 2012 07:59 PM

නියමයි. අති විශිෂ්ටයි. (නි)

:       0       0

දිනේෂ් Tuesday, 16 October 2012 02:13 PM

මිනිහෙක් අහසින් බිමට පනී? විහිළු කරනවද මන්දා? (නි)

:       0       0

සමන් Tuesday, 16 October 2012 02:26 PM

අපේ අය 5 දෙනෙක් විතර ඉන්නවනේ අනවශ්‍ය අය‍ , දිගහැරෙන්නේ නැති පැරෂුට් 5ක් දීල පන්නමුද . මල් හතයි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site