අන්තර්ජාතික මානුෂවාදී නීතිය පිළිබඳ 6 වැනි දකුණු ආසියානු කලාපීය සමුළුව අද(19) සිට 21 දා දක්වා කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැත්වේ. ශ‍්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර රතු කුරුස කමිටුව සංවිධානය කරන සමුළුව විවෘත කිරීමේ අවස්ථාවට ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේ විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා මහතාය.
ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, භූතානය, ඉරානය, මාලදිවයින, සහ පාකිස්ථානය යන රටවල ප‍්‍රධාන අමාත්‍යාංශ, පාර්ලිමේන්තු, අධිකරණය සහ සන්නද්ධ හමුදා නියෝජනය කරමින් නම් කරන ලද 40 දෙනෙකුද ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ, නීතිපති දෙපාර්තමේන්තුවේ, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ සහ ශ‍්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් ද මීට එක්වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද ඉන්දියාව නැත්තේ? දකුණු ආසියානු කලාපීය රටක් නෙමෙයි ද? (ර)
මේ සමුළුවෙන්වත් සිංහල බෞද්ධ අයිතිය තහවුරු කෙරේද? (නි)