ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා ආණ්ඩුවට එකතු කර නොගන්නැයි ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය නායකයන් කිහිප දෙනකුගේ මෙහෙයවීමෙන් ප්‍රදේශවාසීහු පිරිසක් ගාල්ල බස් නැවතුම්පොළේ උද්ඝෝෂණයක් ඇරැඹූහ. ගාල්ල මහ විදීයේ පෙළපාලියක් ගිය ඔවුහු බස්නැවතුම්පොළ අසල පාරේ වාඩි වී විරෝධයපාති. එක්සත් ජාතික පක්ෂයෙන් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට තරඟකල මනූෂ නානායක්කාර මහතා පසුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට සහය දැක්වූවේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජය ලැබීමෙන් පසු ඔහුට සහය දක්වන බව ප්‍රකාශ කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන ආකාරය මට නම් තේරෙන්නෙ නැහැ (නි)
මෙයා තරම් දෙපිට කාට්ටු කෙනෙක් මුළු රටේම නැතිව ඇති. පුද්ගලික වාසියට ඕනෑම විදියේ බල්ටියක් ගහවි. කරුණාකර භාර ගන්න නම් එපා. (නදී)
ඇත්ත නව ආණ්ඩුව මේ වෙනකොට අපරාද කාරයෝ දුශිතයෝ, ඇතුලට ගනිමින් ඉන්නවා. අති දුර්වල තත්ත්වයක් පෙනෙන්නට තියෙන්නේ (නදී)
තමන්ගේ අයවලුන් ගැනවත් තැකීමක් නැති කට්ටිය දේශපාලන සමාජ මෙහෙවරක් සඳහා සුදුසුද යන්න ඉදිරි මැතිවරණයේදී වත් ගාල්ලේ බුද්ධිමත් ඡන්ද දායකයන් තීරණය කරාවි කියල මම හිතනවා. (නදී)
මනුෂ කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා අපි දන්නවා (නි)
මනුෂව විතරක් නෙමෙයි, ප්‍රතිපත්තියක් නැති මිනිසුන් කිසිම පක්ෂෙකට ගන්න හොඳ නැහැ.මේ මිනිස්සු ජනතාවට සේවය කරන්න නෙමෙයි දේශපාලනයට ඇවිල්ලා තියෙන්නෙ. (නි)
යු.එන්.පී අය බය වෙලා. මේ අය අායේ ඡන්දෙ ඉල්ලුවාම ඒ මිනිස්සුන්ට ඇපත් නැහැ. ඒක තමයි මේ විරෝධය. ඕවා මිනිස්සු කරන ඒවා නෙවෙයි. දේශපාලන ගෝලයෝ කරන ඒවා (නදී)
මේ අයට පිස්සු මනුෂ හොද නැත්නම් ආණඩුවට ගනීද වජිර බය වෙලා වගේ ‘(නදී)
මනුෂ කියන්නේ යූ එන් පි ඡන්ද වලින් පාර්ලිමේන්තු ගිහින් ආත්මය පාවා දී ඒකාධිපති 18 වැනි ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට ආණ්ඩුවට බල්ටි ගැසූ කෙනෙක්. යහ පාලනයකට කොහෙත්ම සුදුසු නැහැ (නදී)
මොනවා කලත් දිනන මිනිහ දිනනවා. ගාල්ලට වජිරට වඩා මනුෂ හොදයි. වජිර මොනවද ගාල්ලට කළේ. (නදී)
අලුත් ආණ්ඩුවක් කොහෙද තියෙන්නේ? ඔලුව මාරු උනා විතරනේ. ආණ්ඩු පක්ෂේත් විපක්ෂේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ශ්‍රී ලංකා කාරයින්ට ශ්‍රී ලංකා කාරයෙක් ලඟට යන්න යු එන් පි එකෙන් අවසර ගන්න ඕනේ නැහැ.(නදී)
තමන් ස්වාධීනව ඉල්ලා අපිට පෙන්වන්න (නි)
පනින ගෙම්බන්ටත් පිළිතුරු දෙන්න හොදම යුගය තමයි මෛත්‍රී යුගය.(නදී)
ඇයි එහෙම කියන්නේ? එයා පවුනේ! (නි)
මනුෂ වගේ සල්ලි වලට විකිනිච්ච අය ආණ්ඩුවට ගත්තොත් මෙයාටත් වෙන්නේ මහින්දට වෙච්ච දේම තමා. මනුෂගේ වත්කම් ගැන හොයන්න. මනුෂ ගැන මිනිස්සු නොදන්නා දේවල් එලියට ඒවි (නදී)
පවු! අපි කොහොමහරි එයා ඇතුළට ගනිමු. නැත්නම් හරි නැහැනේ! (නි)
හිරූ, යූ.එන්.පී කාරයො බය නැහැ. හැබැයි අපේ ජන්ද අරන් ඔය මනුස්සයා කාටද උදව් කලේ. අනේ අපිට නම් එයා එපා. අපිට ඕන තරම් මිනිස්සු ඉන්නවා. මේ දිනන වෙලාවට මොකටද කසල ගොඩවල්. (නදී)
මෙයාල ඔක්කොම ගන්නවා (නදී)
දැන් මෛත්‍රී මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති. ඒ කියන්නේ ආණ්ඩු බලයත් ජනාධිපති බලයත් දෙකම තියෙන්න ඕනෑ. අපි සැමදාටම මහින්ද මහත්තයාට කැමතියි.අපි නිදහසේ ඉන්නේ එතුමා නිසා.ඒකට අපි එතුමාට සදා ණයගැතියි (නි)
ගිය කාවවත් අපිට එපා මොකද බැරි වෙලාවේ ඔය සේරම අපේ පක්ෂය දලා ගිය අය අපි ඉදිරියටත් අපේ පක්ෂය රැකගන්න ඕනෑ (දිල්)
නිල් බලකායෙන් ගහපු සල්ලි මදිද? යූ එන් පී අපේ ඡන්ද වලින් පාර්ලිමෙන්තුවට ගිහිල්ලා මහින්දගේ මිලියන 500 ක් අරන් ගාල්ලේ ජනතාව පාවල දීලා රෙද්දක් ඇදගෙනද ආයි එන්න හදන්නේ. (නදී)