මේ දිනවල විශාල කතාබහකට ලක්වී තිබෙන මිනුවන්ගොඩ පස් කැපීමේ ප්‍රශ්නයට තමා යටතේ ඇති භූවිද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය සම්පූර්ණයෙන් වගකිවයුතු බැවින් ඊට සම්බන්ධ ඉංජිනේරුවරයා ඇතුළු සියලු නිලධාරීන්ගේ වැඩ තහනම් කර පරීක්ෂණයක් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කුරුණෑගලදී අද පැවැති උත්සවයකට සහභාගී වෙමිනි.
අවුරුදු විසි ගණනක් මෙම ස්ථානයේ නොකඩවා පස් කපා ඇති බව ද, එය ලෙහෙසි පහසු කාරණයක් නොවන බවද කී ජනාධිපතිවරයා මෙහි පස් කැපීම නිසා හටගත් ආරවුල මතම පසුගිය කාලයේ පුද්ගලයන් කීප දෙනකු ඝාතනයට ලක්වී ඇති බව ද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහත්තයෝ ඔහේ නිදාගෙනද හිටියේ මෙච්චර කල් (බ)
අපරාදේ ප්‍රාදේශීය ලේකම්තුමිය අර දේශපාලකයාගේ උදහසට ලක්වුණේ. (නි)
පහත තැනින් යයි ගලා ජලේ. කෝ මේ නීතිය මහබැංකු හොරකමට? කාගේද වැඩ තහනම් කළේ? තවම අපුරුවට මහා බැංකු අධිපති අපුරුවට වැඩකරනවා නේද? මේක තමා මේ උදවියගේ යහපාලනය (නි)
අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වහල වීරයෙක් වෙන්න බැරිවෙයි.(බ)
පසුගිය ආණ්ඩුව කාලේ ඉඳල මෙච්චර කල් කරල තියෙන්නෙ කිරි දෙවීමට බුරුල්ල තිබියදී අඟ අල්ලාගෙන දැගලීමකි. (බ)
එතකොට මහත්තයෝ අර කැලෑ කැපිල්ලට මොකුත් පරීක්ෂණ නැතැයි..? (බ)
විහිලු කියන්න එපා ! අවුරුදු 10-20 තිස්සේ මනම්පිටියේදී මහවැලි ගඟේ වැලි හුරාගෙන කෑවේ කවුද කියලත් භූවිද්‍යා හා පතල් කැනීම් කාර්යාංශයේ නිලධාරීන්ට මරණ තර්ජන කරමින් පරිසරය වනසමින් අධික වේගයෙන් යන වැලි ටිපර් රථ වලින් කි දෙනෙක් මියගියාද කියලත් රටට තමන්ම කියුවොත් නරකද ? (බ)
ඉතාමත් හොඳ තීරණයක්. අනික් නිලධාරීන්ටත් අනතුරු දැනේවි (බ)
ක්‍රියාව කරලා ඇවිල්ල කතාව කළා නම් යම් ලකුණු ප්‍රමාණයක් කැටේට වැටෙන්න තිබුණා. දැනට නම් ඇඹුල්, තිත්ත,කහට,සහ පැණි රැසක් ද නොමැතිවා මෙන්ම මෙලෝ රහක් ද ඇත්තේ නොවේ. (බ)
එතකොට අර රන්ජන් ඩෙඟා නටලා තියෙන්නෙ බොරුවට නෙමෙයි (නි)
අහන්නත් සතුටුයි. මේකත් අර මහබැංකු බැඳුම්කර නාටකය වගේ තිරගත වෙනතුරු අපි බලා සිටිමු. අපේ ජනාධිපතිතුමා නිතරම සත්‍ය දකින නමුත් කිසිවක ප්‍රතිඵලයක් අපට තවමත් දැනුනේ නැත. අර උගත් ගෞරවනීය නිලධාරිනිය අවුරුදු 20 ක් ඇස්, කන් වසාගෙන සිටියේ සමහරවිට පරණ පුරුද්දට වෙන්න පුළුවන්. ගරු නි. ඇමති රන්ජන් රාමනායක මහතාගේ මෙම සංදර්ශනය ප්‍රේක්ෂක අපි අගය කරමු. (නි)
අන්න, පුලුවන්නම් සත්යපාලගේ ප්‍රශ්නෙට උත්තර දෙන්නකෝ. අපිත් බලා ඉන්නවා (නි)
පහත් තැනින් යයි ගලා ජලේ... (නි)
මඩු වලිගයෙන් තලයිද කට්ටියට? (නි)
කපපු කෙනාට මොකුත් දඬුවමක් නැද්ද? (නි)
යමක් කළවිට ශ්‍රී ලාංකීය සම්ප්රදාය.... ඇයි ඕක විතරද වෙන්නේ ඔයිට වැඩිය ඒවා වෙන්නෙ නැද්ද?? ඇයි අරූව අල්ලන්නෙ නැද්ද... (නි)
කළයුතු දේ කියා නොකර ඉන්න නායකයින්ට වඩා කරලා නොකියා ඉන්න නායකයින් උතුම් වේ. (නි)
ඔය උත්සව වල කියන කතා වලට නිලධාරීන් සහ ජාවාරම්කාරයෝ බය නොවෙති. පරිසරය ඇත්තටම ආරක්ෂා කරගන්න ඕනෑ නම් පරිසර අැමතිකම රන්ජන්ට දෙන්න. එතකොට ඔහු ප්රශ්නය තිබෙන තැනට පුද්ගලිකවම පැමිණේ. එන්නේ තනියම නොවේ. මාධ්‍යයද පිරිවරාගෙනය. එතනට පැමිණි වහාම වැඩේ වැරදුන බව ජාවාරම්කාරයට සහ නිලධාරින්ට වැටහේ. මාධ්‍ය මගින් ප්‍රචාරය වන නිසා ජනතාවත් මෙය ඉතා උනන්දුවෙන් නරඹති. පුසා මැටියෙන් වුණත් මීයෝ අල්ලනවා නම් ප්‍රශ්නයක් නැත. ජවනිකා රඟදැක්වීම නොගැළපේ (නි)
මේක හොඳ තීරණයක්. නමුත් පස් ගොඩකළ කෙනාට, පස් කපපු දේශපාලන අතකොළු වලට නීතිය ක්‍රියාත්මක වෙනවා අහන්න නැහැ. මේ අයට දඬුවම් නොකරන තාක්කල් මේවා නවත්වන්න බැහැ. මොකද මේ අය තමයි අපරාධයේ මුල් පුරුක. ඒගොල්ලන් දන්නවා ඒගොල්ලන්ට ලැබෙන උපරිම දඬුවම ඒ ක්‍රියාව නැවැත්වීම විතරයි කියල. එතකොට තව තැනක අලුතෙන් පටන් ගන්නවා. (නි)
මිනිස් ජීවිත නැතිකරන්න පුළුවන් තරම් හයියක් දේශපාලන අතකොළු වලට ලැබෙනකොට කොහොමද රජයේ නිලධාරියෙක් තනියම දේශපාලකයන්ට විරුද්ධව සටන් වදින්නේ. ඔව්න් දන්නවා නීතිය, පොලිසිය, තියෙන්නෙත් ඔවුන්ට පක්ෂව නොවන බව. ඔවුන් හිතන්නේ මුලින්ම ඔවුන්ගේ දරුවන්ගේ අනාගතය ගැන. (නි)
අපි බලමු මේ කියන හැටියටම වෙයිද කියලා (නි)
කතාවේ හැටියට වැඩත් කෙරෙනවා නම් කොයිතරම් හොඳද? ඒත් ගැටලුව තමයි කයිවාරු ගැහුවට පම්පෝරි ගැහුවට ඒවා ක්‍රියාත්මක කිරීම හොඳටම දුර්වලයි. තමන් යටතේ තියෙන පරිසර අමාත්‍යංශය නේද මේවට වගකිව යුතු කියලා තේරුම් ගන්නේ නැති එක තමයි අපේ අවාසනාව (නි)
පරිසරයට අත නොතබනු! (නි)
අර කෑ ගහපු දවස් වල එතුමාට බැනපු අයට දැන් හිතෙන්නේ මොකක්ද? (නි)
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ගැන ඉක්මණින් සොයන්න (නි)
නියමයි. ඇත්ත ජයගත්තා අන්තිමේදී (නි)
බොහොම හොඳයි. ඉක්මනට ක්‍රියාත්මක කර වැඩ පෙන්වන්න. ප්‍රාදේශීය ලේකම් ගැනත් බලන්න (නි)
මේ රටේ වැලි මාෆියාව සහ සහල් මාෆියාව කරන්නේ කාගේ කව්ද? (නි)
සත්‍යපාල වගේ අය කියන දේ අහන්න එපා. පස් කපන්න උදව් කළ අමාත්‍යංශයේ අය ගෙදර යවා අනිත් අයටත් පාඩමක් උගන්වන්න. (නි)
බුදු අම්මෝ! ඒ කියන්නේ මහ රජ්ජුරුවන්ගේ කලේ ඉඳලා. දැන් එතකොට ඕකට මහරජතුමාගේ ආණ්ඩුව වැරදිකාරයො නම් එ්කේ කලින් හිටපු උත්තමයෝ? (නි)
අපිට නම් ඕනෑ කටින් වැඩ නෙමෙයි ක්‍රියාවෙන් වැඩයි. එ්ත්, කටින් වැඩ ඉක්මන් වුණාට ක්‍රියාව නම් හරිම හිමින් නේද? (නි)
සත්‍යපාල හරියට හරි. අනුන්ගේ කුණු රොඩ්ඩ කියන්නේ තමන්ගේ ඇහේ පරාල තියාගෙන. (නි)
රන්ජන් නොහිටින්න මේවා ඔක්කොම යට. දැන් මොකක්ද අර ලේකම්වරියට, බලපත්‍රයට වැඩියෙන් පස් කපපු මන්ත්‍රී පවුලට කරන්නෙ? මේ මනුස්සය පස් යට, අරගොල්ලො පස් උඩද? (නි)
ඔබතුමා මෙය තාම කරලා නැහැනේ. රන්ජන් මන්ත්‍රී මෙතනට ඇවිල්ලා පටලැවිල්ලක් වෙනකම් කවුරුත් දන්නේ නැහැ. පටලැවිල්ල වෙලත් දැන් දවස් ගණනක් ගතවෙලා. තවම පියවරක් අරගෙන නැහැ. මාධ්‍යය මේ සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න (නි)
ඕක හොඳයි, නමුත් තාවකාලික පැලැස්තරයක් පමණයි. දුෂණය නවත්වන්න නම් පුද්ගලයා ඉස්මතුවීම වළක්වා සම්මතය, නීතිය ඉස්මතු වියයුතුයි. නීතියේ ආධිපත්‍යය කිය කියා කවුරුත් පට්ට ගහන එකක් තියෙන්නේ, අන්න ඒක ඉස්මතු වියයුතුයි. පුද්ගලයන්ට ඕනෑ හැටියට නීතිය නවන්න ඉඩ නොදිය යුතුයි කියන්නෙත් ඒකමයි. (නි)
මේ සියලුම ජාවාරම් පසුපස ඉන්නේ දේශපාලකයින්. ජනාධිපතිතුමා නිවැරදි නම් පළමුවෙන්ම ඔවුන්ට දඩුවම් කළයුතුයි. මේ නිලධාරින් ගලන ජලයෙන් දිය බිඳක් ගත් අය වෙන්න පුලුවන්. කරුණාකර රටට ආදරය කරන දේශපාලකයින් ටිකක් බිහිකරන්න. එතකොට අනෙක් අයත් නිකන්ම හැදෙයි. (නි)
කොටි හිටපු ටිකේ මෙතුමා ලොක්ක වෙලා හිටියනම් කියයි තමුන්ගේ මන්දිරේ ඉස්සරහ බෝම්බ පිපුරුණ බව දැනගත්තේ පත්තරෙන් කියල.(අ)
මේ වගේම අර බදුරුදීන් කරන වැඩත් සොයලා බැලුවනම් හොදයි නේද..(අ)
උත්සවවලට සහබාගි වී දේශපාලුවෝ කියන දේවල් ජනතාව පිළිගන්නේ නැහැ. (ර)