( රොමේෂ් මධුෂංඛ)
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී ගන්නා ලද තීරණ එකදු ඡේදයක් හෝ වෙනස් නොකොට ඒ අයුරින්ම ක්‍රියාත්මක කළ යුතු බවට දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පවසයි.
විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් වවුනියාවේ දී පැවති පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් පසුව මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් ඒ මහතා මේ බව පැවසීය.
එම යෝජනා ක්‍රියාත්මක වීම ගැන සහතික කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවිය යුතු බවද ඒ මහතා කියයි.
“යම් හෙයකින් මෙම කරුණු නිසි ලෙස ඉටු නොකරන්නේනම් පීඩාවට පත් ජනතාවට ජාත්‍යන්තර නීතියට අනුව ප්‍රතිලාභ අත් කරදීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය මැදිහත්විය යුතු යැයි දෙමළ ජාතික සන්ධානය යෝජනාවක්ද ඉදිරිපත් කළා.මේ තීරණ සියල්ලම රජයට හා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අපි අද තීරණය කරා.“යැයි ද ඒ මහතා ප්‍රකාශ කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉල්ලන පමාවෙන් දෙයිද මන්ද?