දෙල්තොට හෝටලයක සිය මනාලිය සමග මධුසමය ගතකරමින් සිටිය දී පසුගිය 29 දින අතුරුදන් වූ බව කියන මනමාලයා ඊට දින හතරකට පසු දාරාඔය මහමග ඇවිද යමින් සිටිය දී හමුවී ඇත.
මෙසේ අතුරුදන් වූයේ දෙල්තොට රැලිමංගොඩ පදිචි යුද හමුදා සෙබලෙකි. (33) ඔහු යුද හමුදාවට බැදී වසර දහයක් පමණ වන අතර උතුරේ සේවය කරයි.
වයස අවුරුදු විසිතුනක පමණ තරුණියක සමග මීට මාස හතකට පමණ පෙර විවාහ ගිවිසගත් ඔහු මනමාලිය කැඳවාගෙන ඒමට අලුතින් නිවසක් ද ඉදිකිරිම අරඹා දෙමාපිය නෑ හිතතුන්ගේ ද ආශිර්වාදෙයෙන් පසුගිය 29දා ජයටම මගුල් කෑවේය.
දෙල්තොට සිංහල, දෙමළ හා මුස්ලිම් ජනවර්ග එකට වාසය කරණ බැවින් ඔහුට හා පවුලට හිතවත් දෙමළ මුස්ලිම් හිතවතුන් ද මේ මංගල උත්සවයට සහභාගී වූහ.
මංගල උත්සවයෙන් පසු මේ යුවළ මධුසමය ගත කිරීම සදහා දෙල්තොට පිහිටි හෝටලයකට පිටත්ව ගියහ. රාත්‍රි දහයයි තිහට පමණ කාමරයෙන් එළියට ගිය ඔහු නැවතත් කාමරයට නොපැමිණි නිසා මනාලිය එළියට පැමිණ විපරම් කොට ඇත. එවිට එහි සිටි ආරක‍්ෂක නිලධාරියෙකු පවසා ඇත්තේ ඔහු එලියට යනු තමා දුටු බවයි. දීර්ඝ වේලාවක් නොපැමිණි නිසා ඇය විසින් ගලහ පොලීසියට මේ පිළිබද පැමිණිලි කලේය.
පොලිසිය ඔහු සෙවීමට මහත් වෙහෙසක් දැරුවද පසුගිය දින කිහිපය පුරාම ඔහු සොයා ගත නොහැකි විය. පොලිස් නිල සුනඛයින්ගේ සහාය පවා යොදා ගත්තද කිසිම තොරතුරක් සොයා ගත නොහැකි විය.
ඊට දින හතරකට පසුව දාරාඔය ප්‍රදේශයේ ඔහු මහ මග ඇවිද යමින් සිටිනු දුටු ප්‍රදේශවාසින්ට මේ පිළිබදව ගලහ පොලිසීයට දැනුම් දී ඇත. ගලහ පොලිසිය ඔහු සොයාගන්නා විට ක්ලාන්ත ගතියකින් සිටි බැවින් ප්‍රතිකාර සදහා පේරාදෙණිය මහ රෝහලට ඇතුලත් කරනු ලැබීය.
ඔහු පොලිසියට ප්‍රකාශ කොට ඇත්තේ තමාට මුදල් නොමැති ප්‍රශ්නයක් තිබූ බවයි. පසුදා මනමාලිය නිවසට කැදවාගෙන යාමට එම මුදල් නොමැති ප්‍රශ්නය තමාගේ හිතට වදයක් වූ බැවින් ඒ පිළිබද කල්පනා කරමින් හෝටලයෙන් එළියට ගිය බව ද එසේ ගොස් ලූල්කදුර තේ වත්ත පැත්තේ ඇති ගල්ගුහාවකට වී මෙම ඒ කාලයේ දී කිසිම අහරක් නොලැබුණු බව ද ඔහු කියා ඇත.
ඔහු වෛද්‍ය පරීක්ෂණයකට යොමු කැර ඇතැයි රෝහල් ආරංචි සඳහන් කරයි.
ගලහ පොලිස් ස්ථානාධිපති පො.ප. චන්දන නිශාන්ත මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති කළුආරච්චි මහතා පරීක්ෂණ මෙහෙයවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් විවාහ උත්සව සේවාවන් සපයන්නන්ගේ මඩිය තරකරන ව්‍යාපාරයක්. අලුත්ම සමයම තමයි වෙඩින් ප්‍රි ශුට්. තව තැනක මනමාලිට රුපියල් මිලියනයක් වටිනා සාරියක් තෑගි ලැබෙනවා. හෙලිකොප්ටරයෙන් මධුසමයට යනවා. ලිමොසින් එකෙන් පිටත්ව යනවා. කමක් නැහැ තමන්ට සල්ලි තිබෙනවා නම්. ඒ වුණාට අන්තිමේ පවුලේ අයවත් ණය කරවලා උත්සවයෙන් පසුව ජීවත්වෙන විදිය හිතාගන්න බැරි කට්ටිය මෙහෙම අමාරු වල වැටෙනවා. සාමාන්‍ය අදායමක් ඇති කෙනෙකු සමාගම් අධ්‍යක්ෂක කෙනෙක් වගේ විවාහ උත්සව ගන්න ආසාව තිබුනත් නුවණට හුරුයිද ? (නි)
මනමාලියට තියෙන ආදරේ ඔතනින්ම තේරුම් ගත හැකි වෙනවා. ඉදිරියට එන රන්දුසරුවල් වලදී මනාලිය කියාවී මෙම මහත්තය කළ දෙය. මගුල් දවසේ මෙහෙමනේ කරේ කියලා. (ම)
ලැජ්ජා බයට හැදිච්ච කොල්ලෙක්. ප්‍රශ්නවලින් පැනයාම පිළිතුරක් නොවේ. (බ)
දුක හිතෙන කතාවක්. යුධ හමුදා සුබ සාධක අරමුදලින් මේ සෙබළාට පිහිට වන්නේනම් හොදයි. (ර)
සේවය හැර ගිය සෙබලක් නම්, එයා දෙවන වරටත් "ජීවන ගමන් සේවය හැර ගියා" වගෙයි මේ කතාවෙන් පෙන්නේ ! ගල් යුගයේ ජීවත්වීමට උත්සාහ දැරූ මේ අහිංසකයාට පිහිට විය යුතුමයි. (ර)
මනමාලිය කොපමණ අපහසුතාවයට පත්වෙන්න ඇද්ද ඒ දවසේ ? මෙයා ලොකු වරදක් කරලා තියෙන්නෙ ඇයට. (නි)
කොහොම උනත් ඒ ගෑනු ලමයව එහෙම තනියම හෝටලේක දාල ගිය එක අනුමත කරන්න බෑ. දුප්පත් කම ප්‍රශ්නයක් තමයි ඒ උනත් ප්‍රශ්න වලින් පැනල ගිහින් වැඩක් නෑ නේ (නදී)
ඒත් මේ කොල්ලා කරපු වැඩේ හරිද ? කෙල්ල සමාජයට මුහුණ දෙන්නේ කොහොමද? (නදී)
නන්දලාල් ආයෙ ලිපිය කියවල අදහස් ලියන්න..(බ)
රුවනි, එහෙම කියන්න එපා. අද රටේ හැම තරුණ තරුණියක්ම , විශේෂයෙන් තරුණියන් තමන්ගේ විවාහ උත්සවය ඉතාමත් ඉහලින් ගන්න කැමතී. මෙය එකිනෙක පරයා යන තරඟයක් වගේ.හමුදා සහෝදරයාටත් තම මනාලියගේ ඉල්ලීම ඉටු කරන්න ගිහින් මුදල් පැනයට මුහුණ දෙන්න බැරිවෙන්න ඇති කියල හිතා ගන්න පුළුවන්. (ම)
මේ ප්‍රශ්න ඔක්කොම ලෝකෙටම පේන්න විවාහ වෙන්න ගියාම . තමන්ට ඇති හැකි විදියට විවාහ වුනාම මෙහෙම දේවල් වෙන්නේ නැහැ. (බ)
රුවනි ඔබ කිවූ දේ එක්තරා දුරකට සත්‍යක් වුනත් පෘතග්ජන අපි හැමෝටම ආසාවන් තිබෙනවා. උපතත් මංගල්ලයක්, විපතත් මංගල්ලයක්, ඒ දෙකම අපේ කැමැත්තට අනුව සිදුවන්නේ නැහැ. එසේ අපේ කැමැත්තට අනුව සිදුවන දේ විවාහය පමණයි. එය තමන්ට හැකි උපරිමයෙන් පැවැත්වීමට කවුද අකමැති. එනිසා මතුවට සිදුවන දේ ගැන සිතීමට ඔවුන්ට අමතක වෙනවා. එයයි සත්‍ය. අප එවැන්නන්ට අනුකම්පා කලයුතුයි. (ර)
පසුගිය ආණ්ඩුව අපේ යුද්ධය දිනු වීරයින්ට සලකපු ආකාරය පෙන්නුම් කරන තවත් කතාවක් මේක . මුළු ලොවම දන්නවා දීර්ගකාලීන යුද්ධ වලට මුහුණ දෙන සොල්දාදුවන් එක්තරා මානසික ආතතියකට ගොදුරු වෙන බව. යුද වලට සම්බන්ධ රටවල් මේ ආතතියට ගොදුරු වන සොල්දාදුවන් සුවපත් කිරීමට කෝටි ගණන් වැය කරනවා. අපේ රටේ පාලකයෝ කෝටි ගණන් වියදම් කර පුත්තුන්ට රේස්කාර්, හෙලිකොප්ටර්, අශ්වයෝ සහ ජංගම රති-මැදුරු අරන් දෙනවා. මේ තරුණයා මේ ඛේදවාචකයේ එක් වින්දිතයෙක් පමණයි. (බ)
අහිංසක මනුස්සයට පිහිට වෙන්න. රටේ ජනතාවගේ අගහිඟකම් තමයි මෙයින් පෙනෙන්නේ. දේශපාලුවෝ මහජන මුදල් සූර කනවා. ජනයා දුක් විඳිනවා. (බ)
මොහු මානසික වෛද්‍යවරයෙකුට යොමුකළොත් හොඳයි කියා සිතෙනවා (නි)