කිසිදු ආබාධයක් නැති, ලස්සන කතක් (40) අඩි දෙකකට වඩා නූස්වූ ආබාධිත සමාජසේවකයකු (53) සමග හෝමාගමදී ආවාහ වූවාය.
මීගොඩ කරුවලපිටියේ නිමල් ජයවර්ධන හා බත්තරමුල්ල පැලවත්තේ ඉරංගා සෙව්වන්දි මාබොගොඩ අතර විවාහය හෝමාගම අතිරේක විවාහ ලේකම් කේ.බී. සමිතා දීපිකා මහත්මිය විසින් ලියාපදිංචි කෙරිණි. දෙදෙනාම පේ‍්‍රම සම්බන්ධයකින් යුග දිවියට ඇතුළුවූහ.



1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උදවුවක් ඕනෑ නම් උදවු කරන්න කැමතියි. (නි)
මම ඔබ දෙපලට සුභ පතනවා.. මම මේ පුද්ගලයාව ඉතාම හොදට දන්නවා.. එයා හොද උදාහරණයක් අනෙකුත් ආබාධිත පුද්ගලයන්ට සහ උතුම් කාන්තාවන්ට.. මම එයාලගේ පවුල පිළිබදවනම් දුක් වෙනවා.. එයාලා මොහුට සළකන්නේ නැහැ. අම්මාගේ මරණයෙන් පස්සෙ.. ඔහුට රජයෙන් ලබාදුන් ඉඩමද යමකු විසින් අල්ලා ගෙන.. ඔහු ජීවත් වෙන්නේ ඔහුගේ බිරිදගේ ගෙදර.. ඔහුට ආදායමක් නැහැ. සමහර මිතුරන් ඔහුට උදව් කරනවා. ඔහු ඇතතටම ආබාධිතයෙක් සහ ඇය කාන්තා ආරක්ෂකවරියක් ලෙස සේවය කරනවා.. ඇය හදවතින් පොහොසත් ඇය එයටම කියා නිවසක් ගත්තා.. හිතන්න එපා ඔහු ඉතා ධනවත් යැයි. මම සමහර අදහස්වල දැක්කා එසේ... ඔහු ඉතා හොද පුද්ගලයෙක්.. මම හිතනවා යම් පුද්ගලයන් මෙම පුවත පළවූවාට පසු ඔහුට නව ජීවිතය ගෙන යාමට උදව් කරාවි කියා. බුදු සරණයි..!!(නු)
මේක අසාමාන්‍යයයි. කොහේ හේ මොකක් හරි වරදක් තිබේ. (නි)
මෙච්චර කල් ඉදලත් බැදපු කෙනා ගැන හිතද්දි ඔයා ගැන පවු කියලා හිතෙනවා. ඒත් ඇත්තටම ආදරෙන් නම් මෙහෙම වුණේ, ගෑණු සංහතියටම හොද ආදර්ශයක්. (නි)
අක්කේ, ඔය පොඩ්ඩා හොදට බලා ගන්න. ඔයාට පින්! (නි)
මතුපිටින් නොපෙනෙන බරපතළ කාරණාවක් මෙය යටින් ඇත. (නි)
නියම සමාජ සේවය කියන්නේ මේවට තමයි. (නි)
සුභ පැතුම්..!!(නු)
පුදුමයි ඒත් ඇත්තයි. අපෙත් සුභ පැතුම්! (නි)
සුභ මංගලම් මම මේ මනලයව හොඳින් අඳුරනවා වැගත් උදත් සල්ලිකාර පවුලක කෙනෙක්, මවගේ මරණයෙන් පස්සේ පාරට ඇදවැටුනා. ලැබුණු ඉඩමක හිතවත් අයගේ සහායෙන් ජිවත් වූ අතර සමහර නරක අය නිවස අත්කරගෙන සිටින අවස්ථාවක මෙයාට අත දෙන්න මේ සුන්දර නැගනිය ඉදිරිපත් වීම විශාල පිනක් (අ)
ඇවිදගෙන යන්නවත් පුලුවන් වුණා නම්.... සුභ පතනවා අපි! (නි)
මේ දෙන්න මීට මාසයකට පමණ කලින් පොදු තැනකදි දුටුවා.. ඒ වෙලාවේ මම හිතුවෙ මේ කාන්තාව මේ පුද්ගලයාට උදව්වක් කරනවා වෙන්න ඇති කියලා.. රෝද පුටුව තල්ලු කරමින්. මම විශ්මයෙන් මේ පුද්ගලයා දිහා බලාගෙන හිටියා කාත්තාව මා සමග සිනාසුනා.. මම හිතුවෙ ඒ වෙලාවේ උදව්වට සිටි කෙකෙන් කියලා.. පෙම්වතිය බව දන්නෙ නැහැ.. අවංකවම අපේ සුභ පැතුම්.. මොහු මිල මුදල් ඇති අවංක සමාජ සේවයකයෙක් බව මා දන්නවා..!!(නු)
නියමයි මේවා ආදර්ශයට ගන්න ඕන...!!(නු)
කවුරු සොනවා කිවවුත් ඒ දෙන්නා අතර සම්බන්ධයක් තියෙන්න ඇති. ඔවුන් සතුටින් ජීවත් වේවි. (නි)
නෙතත්, මොළයේ අමාරුවක් නම් තියෙනවා වගේ පේනවා. මොනවා වූණත් අපරාදේ. (නි)
අපරාදේ සුදූ.... (නි)
අපි කවුරුත් රහත් වෙලා නැහැ. පැහැදිලිවම මෙය ආදරයකට එහා ගිය යම් දෙයක්. මනමාලි නම් ලස්සනයි. අපි බලන් ඉමු. (නි)
වල පයයි ගොඩ පයයි කොහොම ජීවත්වෙයිද?
මෙම පුද්ගලයාගේ බැංකු ගිණුමට මාස්පතා මුදලක් බැර කිරීමට මම කැමැත්තෙමි. කරුණාකර ඔබගේ ගිණුම් අංකය පවසන්න. (නි)
අයියෝ සල්ලි
අපිට හොද ආදර්ශයක්. (නි)
පිටින් පෙනෙන සෑම දෙයක්ම අගය නොකළ යුතුයි. එහෙම කළොත් ඒක අපි සමාජයට කරන ලොකු වරදක්. (නි)
ඔබගේ ඉල්ලීමට අනුව, ඔහුගේ බැංකු ගිණුම් අංකය පහත දැක්වේ හැටන් නැෂනල් බැංකුවේ (HNB) හෝමාගම ශාඛාවේ 077020282008 ස්තුතියි
ආදරයක මගිම
අගය කලයුතු වැඩක්
නංගි, ඔයා නම් දෙවු දුවක්. සුභ මංගලම්! (නි)
ඔබ දෙපළට සුභ පැතුම්! (නි)
ගොඩක් පින් අතේ වැඩක්. ඒ මනුස්සයා එක දවසක් හරි සතුටින් ඉදීවිනේ.යටි අරමුණු මොනවා වුණත් අපට වැඩක් නැහැ. සුභ මංගලම්! (නි)
ඔබ දෙපලට බුදු සරණයි.. කරුණාකරලා ඔබේ බැංකු ගිණුම දෙන්න.. මේ පුවතට ලංකාදීපෙට පිං..!!(නු)
මේක දැකල මට නිකන් පිස්සු වගේ අනේ...(ස)
මෙවැනි පිංවන්ත සිද්ධීන් සිදුවන්නේ ඉතාමත් කළාතුරකින්ය. මෙය සිදුවී ඇත්තේ මේ කාන්තාවගේ ඔහු වෙත ඇති ආදරය, අණුකම්පාව, දයාව, කරුණාව වැනි උතුම් ගුණ ධර්ම නිසාය. මම ඔබ දෙපොලට සුබ පතමි. එංගලන්තයේ භෞතික විද්‍යාඥ , තාරකා විද්‍යාඥ Stephen Hawking සහ ඔහුට උවටැන් කළ හෙදිය වන Elaine Mason මහත්මියගේ 1995 වර්ෂයේ සිදුවූ විවාහයද මෙයට සමාන කල හැකියි. වෙනසකට ඇත්තේ Stephen Hawking ලෝකප්‍රසිද්ධ,ඉතාමත් ඥාණවන්ත විද්‍යාඥයෙකි.(ස)
සමාජයේ යහපතට හේතුවන අදහස් ඉදිරිපත් කරන්න.............. සුභ පතනවා...තෙරුවන්සරණයි.....(ස)
'සල්ලි තියෙන පාට' මොන පාටද? කුහකකම කියන්නෙ ඒකට තමයි. සැළෙන්න එපා. ඔබ දෙපළට සුභ මංගලම්! (නි)
වන්සක්කාර පවුලක වැඩමහල් පුතා වන මෙම මනමල මහතාට සහ මනමාලියට සුභ පතන අතර මෙම මනමාල මහත්මියගේ ආදරය සහ සෙවන ලැබූම ඔහුගේ වාසනාවක් බවත් ඔහුගේ මවගේ මරණයෙන් පසු පාරට ඇද වැටුනා මොහුගේ අවන්ක දිරිය ජිවිතයට සුබ පතමි (අ) සුභ මංගලම්,
මනමාලිට පිටුපසින් ඉන්නේ මල් කුමාරයා. සුභ මංගලම්!!!!!!!!!!!!! (නි)
ඔබ දෙපලට ලක්වැසි සැමගේ සුභ පැතුම්... (ස)
මට හිතෙන විදිහට මෙතන වෙනත් රහසක් (යටි අරමුණක්) තියෙනවා කියල හිතෙනවා. ඒත් මෙම විවාහය සද්භාවයෙන්ම සිද්ධ වුණානම් මුළු ශ්‍රී ලාංකීය ජනතාවගේම සුභ පැතුම්! (නි)
ඔන්න දෙන්නටම මම සුභ පැතුවා! ඒත් වෙන මොකක් හරි මොකක්දෝ දෙයක් මෙතන තියෙනවා වගෙයි. (නි)
පුදුමයි අදහාගන්නත් බැ මටනම්. වෙනස් විදියට හිතන කාන්තාවක් වගේ.. (ස)
ඇයි පේන්නේ නැද්ද අර මුද්ද දානකොට හිනාවෙනවා... (ස)
සල්ලි තියේනම් මොනවද බැරි.. (ස)
අද කාලේ හැටියට හිතා ගන්නවත් බැරි දෙයක්. මට නම් මේක හරියට පුදුම හතෙන් එකක් වගෙයි. (නි)
සුභ මංගලම්! සුභ මංගලම්! (නි)
ගැහැණිය ඉන්නේ සතුටින් නෙමේ, හිනාවෙන්නේ රන් මුද්දට පමණි. මෙහි ප්‍රේම සම්බන්දයක් තිබිය නොහැක. (ස)
සල්ලි වලටද ?? අවංකවමද ?? .අනාගතේදි බලමු පිලිතුරු.. (ස)
සුභ පතනවා...තෙරුවන්සරණයි.. (ස)
සුභ මංගලම්! (නි)
පුදුමයි....! පෙර ආත්මෙක ඉඳලම පතාගෙන එන ආකාරයට සිදු වෙන්න ඇති....අපිත් සුභ මංගලම් කියලා පතමු... (ස)
ඔයා විශිෂ්ඨ කාන්තාවක්.. (ස)
මට නම් පුදුම සතුටක් ඇතිවෙන්නේ.. ඇස්වල කදුළු එනවා.. මීට පෙර හමුදා සෙබලෙක්ගෙ විවාහය වගේ.. මේ වගේ ගැහැණුන් ලබන ආත්මයේ පිරිමි බවය ලැබෙනවා නියතයි.. ඔබ දෙපලට දුකෙන් තොර සැපෙන් බර වාසනාවන්ත පවුල් ජීවිතයක් පතනවා.. සම්මා සම්බුදු සරණයි.. කාන්තාවන්ට ආදර්ශයක් දුන්න තවත් ලාංකික කාන්තාවක්..!!(නු)
සුභ මංගළන් නව යුවළට (ස)
මාරයිනේ... (ස)
ගොඩක් දෙනෙක් කියනවා වගේ යටි අරමුණක් තියෙන්න පුළුවං.. එත් ඉතිං කවුරු හෝ හොදින් සමාජයේ ජීවත් වෙන එක තමා යහපත්.. පෞද්ගලික ජීවිතය කෙසේ පැවතියත් වරදක් නැහැ මෙතනදී..!!(නු)
හරිම සතුටුයි. අසරණ සරණ වෙන මෙවන් කාන්තාවන් ආඩම්බරයක්. සුභ මංගලම්! (නි)
මෙයාට සල්ලි තියෙන පාටයි.. පිටිපස්සෙන් ඉනනෙ පුතාද? කොහොම උනත් කමක් නැහැ...!!(නු)
අපි වැඩිදුර හිතන්න යන්න ඕනෑ නැහැ. ඔබ දෙපළට සුභ මංගලම්! (නි)
නිමල් ජයවර්ධන කියන්නේ උපතින්ම ආබාධිත කෙනෙක්. අම්මා තාත්තා මැරැණට පස්සේ සළකන්න කෙනෙක් නැහැ.. ඒත් වැදගත් උසස් රුකියා කරන සහෝදර සහෝදරියො ඉන්නවා.. නිමල් ආබාධිත ප්‍රජාව වෙනුවෙන් ලොකු සේවයක් කරන කෙනෙක්. නිමල් කරන සේවය නිසා එයාට ඉඩම ලැබිලා තියෙනවා. ඒකෙ පොඩියට කාමරයක් හදාගෙන ඉන්නකොට උදව්වට කියලා ආව මාම කෙනෙක් නිමල් පන්නගෙන ඒක අයිති කරගෙන. නිමල් විවෘත විශ්වවිද්‍යාලයේ ඩිප්ලෝමාවකට යන කොට දැන හදුනාගත් කාන්තාවක් සෙව්වන්දි කියන්නෙ.. යන එන මං නැති නිසා නිමල්ට සෙව්වන්දිගේ පොඩි ගෙදර නවාතැන් ඇප උපස්ථාන ලැබිලා.. සෙව්වන්දිගෙ සැමියා මැරිලා මීට අවුරුදු 14කට පෙර අවුරුදු 12ක පුතෙකුත් ඉන්නවා. මේ සමාජය මනුස්සකම් හදුනන්නෙ නැහැනේ.. එයාලට නින්දා අවමන් කරන නිසයි විවාහ වෙන්න තීරණය කරලා තියෙන්නේ.. දෙන්නටම මිල මුදල් නැහැ.. මනුස්සකම්වලට අවමන් කරන්න එපා. යහපත් චේතනාවෙන් බලන්න.. මම මේ විස්තර දන්නේ නිමල් පැලවත්තේ මහ පාරෙ රෝදපුටුවෙන් යනකොට එයාව මගේ වාහනයේ දාගෙන ගොස් උදව් කරපු නිසායි... පසුව මම එයාට උපකාර කරන්න හමුවෙන්න ගිය නිසා.. යහපත් දේ යහපත් ලෙස දකින්න.. (නු)
මහරගම වජිරඥාන ධර්මායතනයේ දී පොහෝ දින සිල් ඇඳුමෙන් සැරසී රෝද පුටුව මත සිටින ඔබ දැක ඇත්තෙමි. ඔබ දෙපලට ප්‍රීතිමත් අනාගතයක් වේවා! (ස)
මොනවා උනත් ඔබ උතුම් පරිත්‍යාගශීලි කාන්තාවක්.සුභ පැතුම්.. (ස)
සුභ මංගලම් .ඔබ දෙපලට ජයෙන් ජයම උදාවේවා ! (ස)
ආවාහ වෙනවා කියන්නේ විවාහ වෙනවා කියන එකටමද? (නු)
හිතාගන්නවත් බෑ මේ වගේ කාන්තාවන් ඉන්නව කියලා.. (ස)
ප්‍රසිද්ධ වෙන්න කරපු දෙයක් . මොකක් හරි යටි අරමුණක් තියෙනවා වගේ.. (ස)
හිතාගන්න බෑ මොනවිදියට සිදු උනාද කියලා..ටික කලෙකට විතරක් වෙයිද ?? (ස)
මටනම් හිතාගන්නත් බෑ.. (ස)
පස්වැනි ඡායාරූපයේ මනමාලිට පිටුපසින් ඉන්න පුතා කවුද? (නි)
හොදයි කාටවත් මොකුත් කියන්න බැහැ... එයාට යහමින් සල්ලි ඇති..!!(නු)
හඳ පතුලෙන්ම සුභ පතනවා... (ස)
සුභ මංගලම් !!!!!!!!!!! (ස)