මගුල් දා මනාලයා තනිකර මනාලිය නැන්දම්මාගේ නිවසට රැගෙන ගොස් රැයක් ගත කළ මස්සිනාට කෑගල්ල මහාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකර මහතා වසර 7ක සිර දඬුවමක් හා රුපියල් 10,000ක දඩයක්ද, මනාලියට රුපියල් 50,000ක වන්දියක්ද ගෙවන ලෙස නියෝග කළේය.
2002 ජනවාරි 30 වැනිදා නව යුවළ මධුසමය ගත කිරීමට හෝටලයකට ගොස් සිටියදී එහි පැමිණි විත්තිකරු ඔහුගේ බිරියට (මනාලියගේ සහෝදරියට) අසනීපවී රෝහල් ගත කළ බව කියා දෙදෙනාම රෝහල ළඟට රැගෙන ගොස් ඇතැයිද කෑම පැකට්ටුවක් ගෙන ඒමට මනාලයා කඩයකට යවා මස්සිනා මනාලියද රැගෙන නැන්දම්මාගේ ගෙදර ගොස් එහිදී ඇය දූෂණය කර ඇතැයි කියති. මනාලයා මනාලිය සොයා නගරයේ ඇවිද බැරිම තැන පොලිසියේ පැමිණිල්ලක් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මං මේ නිකන් අහන්නේ. මනමාලිගේ කැමැත්තක් තිබිලම නැද්ද ?? (බ)
මේ නීති නම් හරිම නෑ. මේවා හදන්න එකෙක්වත් කැමති නෑ හැදුවොත් පෙරකදෝරුවන්ට යන එන මං නැතිව හිඟාකන්න වෙනවා (බ)
මට හිතෙන්නේ ඔය තිබුන love එකක්.ඔය වගේ case වලට හොදට හොයල දඩුවම් දිය යුතුයි. (කේ)
හින්දි සිනමාව පරදි (ම)
මනමාලිගේ කෙමෙට්ටෙන් උන දෙයක් මේක.බලෙන් උස්සන් ගිහින් වෙන්න බේ නේ.
පිටබැද්දර ජයා දහ අතේ කල්පනා කරනවා ඇති මේ සිද්ධියත් පාරවල් කාර්පට් කරපු නිසා හෝ රටේ හැම තැනම ලයිට් දීල නිසා එහෙමත් නැත්නම් චීනයෙන් නය ගත් නිසා එය පසුගිය ආණ්ඩුවේ වරදකින් සිදුවුණ දෙයක් කියල කියන්නේ කොහොමද කියලා.(නදී)
අති අතින් අත්පුඩි ගහන්න බැහැනේ. ඔයාලා ඒ ගැන කලබලනොවී ඉන්න. (නි)
දී තිබෙන දඬුවම අසාධාරණයි කියලයි මම නම් කියන්නේ. (නි)
අනේ අප්පෝ ! මේවට කියන්න දෙයක් නැහැ (නි)
මේ විස්තර කරලා තිබෙන විදියේ වටපිටාවක නම් මේක ගැහැණු පාර්ශවයේ ඉතා බලවත් විරුද්ධත්වයක් මැද සිදුවෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. වෙනත් කරුණු මොනවාහරි අපි නොදන්නා දේවල් තිබුනාද දන්නේ නැහැ. විශේෂයෙන් ජනාකීර්ණ රෝහලක ළඟ සිට සැමියා නැතුව මස්සිනා එක්ක එතනින් පිටවෙන්න මේ කාන්තාවට හොඳ හේතුවක් තියෙන්න ඕනෑ. (නි)
මස්සිනා හිතන්න ඇති තමන් පසුගිය රජය කාලේ ප්‍රාදේශීය සභාවක සභාපති කෙනෙක් කියලා (නි)
අන්න හරි අසෝක. එහෙම තමයි (නි)
මනමාලිටත් තමන්ගේ වයස අඩුවෙන් දැනුනාද දන්නෙ නැහැ සමහර ලොකු නෝනලාට වගේ. (නි)
තමන් විවාහ වුණාට පසුව තමන්ගේ නංගිලාව තියාගන්න ඕනෑ සීමාව ගැන ඇතැමුන්ට වැටහීමක් නැහැ. ගෙදර අත්උදව්වට කියලා ගෙන්නා ගන්නවා. දරුවා ලැබෙන්න රෝහලට යන ටිකට ගෙදර වැඩට කියලා ගෙන්නා ගන්නවා. රැකියාවල් වලට යවන්න පන්ති යවන්න කිය කියා ගෙන්නා ගන්නවා. ඒ වුණාට තමන්ගේ සැමියාත් නංගිත් යන දෙන්නාම රහත්වෙලා නැහැ කියන එක අමතක කරනවා. කොච්චර ලෙංගතු වුණත් සැමියාගේ නැගණිය නොවන කිසිම තරුණියක් තමන්ගේ ගෙවල් වල නවත්වා ගැනීම හොඳ නැහැ. මේ පුවතේ මොනවා වුණාද දන්නේ නැහැ. නමුත් සොයුරියගේ සැමියාට මේක මේ කාන්තාවගේ විවාහ දිනයේ හදිසියෙන් ආ අදහසක් කියලා හිතන්න බැහැනේ. (නි)
කලින් ඉඳලා සම්බන්ධයක් තියුණාවද්ද? පුදුම දෙන්නෙක්. අඩුම දුරකතන ඇමතුමක් දීලා බැලුවේ නැද්ද? (නි)
ඉතින් කොහොමද කාන්තාවක් තනියෙන් තියන්නේ ගෙදර? මට නම් බයයි (නි)
කලින් ඉඳලා සම්බන්ධයක් තියුණා වගේ.(ම)
පාඩු නැහැ නේද මේ ගානට? දිගටම කරන්න හොඳයි මේ වගේ වැඩ. මහා ගානක් නෙමෙයි නේ. (ස)
ජනකීට හොඳට පුරුදු වගේ පේනවා.(ම)
මේක මනාලියගේ වැඩක් (ම)
මේ ගණන් නම් හොඳටම මදි. මේවට නම් නීති අලුතින් හදන්න ඕනෑ. (නි)
ඉතින් කොහොමද මෙහෙම දෙයක් මේ විදියට වෙන්නේ ? මනාලියව බලෙන් වාහනයක දාගෙන ගිහිල්ලාද? නැන්දම්මාගේ ගෙදර පාලු බංගලාවක්ද ඇය කෑගහනවා වත් කාටවත් ඇහුනේ නැත්තේ ? (හේ)
අනේ අප්පේ! 2002 ඉඳලා 2015 වෙනතුරු නඩුත් කියලා ලැබුනේ 50,000ද? මොන අපරාධයක්ද අර මිනිහ කරලා තියෙන්නේ. මේවට අපේ රටේ නීති ලිහිල් වැඩියි. (නි)
කමල්ට නම් මේ ගැන හොඳ අවබෝධයක් තිබෙන පාටයි (නි)
ලෙඩවුණ සහෝදරිය බලන්න ඇවිල්ලා අලුත බැඳපු සැමියාව මඟ දමලා මස්සිනා එක්ක යයිද එහෙම එකපාරටම? (නි)
දැඩි දඩුවම් දෙන්න ඕනේ (නදී)
බලන් යනකොට ලෝකයේ විශ්වාස කරන්න අමාරුම මස්සිනාලා ඉන්නේ ලංකාවේ.(හේ)
දැන් මේ වෙලාවේ මනමාලිගේ සහෝදරි මොන ලෝකෙද ඉඳලා තියෙන්නේ. තමන්ගේ සැමියා රාත්‍රී ගෙදර ආවේ නැති වුනාම අඩු ගානේ අර ජෝඩුව හෝටලේට අැරලන්නවත් ගියාද වත් කියලා සොයලා නැද්ද ? (බ)
අපෝ ඕවා මොනවද දැන් අහන්න ලැබෙන දේවල් වලට අනුව? (නි)
අනේ දෙවියනේ මෙහෙමත් අබුද්දස්ස ලෝකයක්? (නි)
දෙන්නගේ කැමැත්තෙන් යන්න ඇත්තේ.(හේ)
මේක නම් දෙයියෝ සාක්කිම තමයි (නි)
අය්යෝ තීන්දුවට ගිය කාලේ (ම)