ශ්‍රීලනිපයේ රත්නපුර දිසා පළාත් පාලන නියෝජිත රැස්වීම මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇඹිලිපිටිය සෙන්චූරියා හෝටලයේ දී සඳුදා (15) පැවැත්වීමට යයි.
ඒකාබද්ධ විපක්ෂයට අයත් හිටපු සභාපතින් 17 දෙනකු ඇතුළු 127 දෙනකු මෙම රැස්වීම වර්ජනය කර බැසිල් රාජපක්ෂ මහතා හමුවීමට යතියි කියති.
බැසිල් රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම රත්නපුරයේ පැවැත්වෙන බව රත්නපුර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති බන්දුල එස්.කරවිට කියයි.
COMMENTS
ගයන්ත හරියට හරි. රට යන ගමන හොඳ අවබෝධයක් තියෙනවා. (නි)
මෙහෙම ගියොත් රටට වෙනදේ ගැන හිතාගන්න පුළුවන් ?(හේ)
මිනිසුන්ට එපාවුණ පක්ෂ කර ගසාගැනීම තමා ලොකුම කරුමය, යහපාලන ගමනට (නි)
බැසිල් මහත්තයා අලින්ට කොහොමත් ආදරෙයි නේ.(බ)
හිටපු ප්‍රාදේශීය සභාපතිවරුන්ගෙන් වැඩිදෙනෙක් ජනතාවට එපාවෙලා තියෙන්නේ. ගම නැඟුමට කියා ඡන්දය අරගෙන ගම කාපු එකයි කළේ. එනිසා අලුත් අය ඉදිරිපත් කරන්න. (නි)
හොරකම් අල්ලන්න. දඬුවම් දෙන්න. එතැනදී පසුගිය රජය කාලේ කළ ඒවා කියලා පමණක් සිමා නොකරන්න. දැනුත් වෙන හොරකම් අල්ලන්න. රටට දැනෙන්න වැඩක් කරන්න, බොරු බයිලා නොගහා. දැන් වෙන්නේ නැත්තෙත් ඔය ටික තමයි. (නි)
රටේ යුද්ධයක් තියෙනේකොට කවුරුත් මුලුගැන්විලා හිටියා. දැන් හැමෝම කතාකරනවා. වෙනස ඒකයි (බ)
හොරකම් කරපු කට්ටිය සහ හොරකම් කරන්න ඉන්න කට්ටිය. (බ)
වෙන පක්ෂයකින්න්දෙ ඡන්දෙ ඉල්ලලා හිටපු පක්ෂේ සභාපති කම ගත්ත ලෝකයේ තියෙන එකම පක්ෂේ මේක. (බ)
කරුණාකරලා හැමදෙනාම දැන් ඔය හොරකන් කියන වච්චනය අයින් කරගන්නවද. දැන් ඕක යල් පැනලා තියෙන්නේ... කනට හරිම අමිහිරියි. අපි දැන් බලාගේන ඉන්නේ රටට යමක් කවුරුහරි කරනකන්. (ර)
බැසිල්ට වැඩිපුර කට්ටිය වගේ. (ර)
මහින්ද මහත්මයා හැර වෙනත් විකල්පයක් දැන් නැහැ. (ර)
මේවද දැන් අපි අපේ නායකයන්ගෙන් බලාපොරොත්තු වෙන්න ඕන.? (ර)
එපා වෙන තැනට වැඩ කරේ කව්ද ? පාලකයෝ ආපු දවසේ ඉදලම හිටපු අයගේ ගුණ වර්ණා කරපු එකනේ කෙරුවේ. අන්න ඒවායේ ආනිසංස තමයි මේ පේන්න තියෙන්නේ. (ර)
ඔහු රජෙක් යන සංකල්පය හිස දරා ගෙන සිටින උදවිය සිටින තාක් කල් මෙම උවදුරෙන් මිදෙන්න අපහසු බවයි පෙනෙන්නේ. (බ)
බොහොම හොදයි, අනේ කියලවත් කරගන්න බැරි වැඩක් බැසිල් ලොක්ක කරලා දෙන්නේ (බ)
මහින්දට පුළුවන්ද පිරුවට සුදු ඇදල කුරහන් පටිය දමල ඇවිත් මේ කට්ටියට මුණ දෙන්න. බැසිල්ගේ සේරම ලෙඩ හොදයි. එලියට ආවාම (බ)
අවුරුදු ගණනක් දැන් එකම මන්තරය ජපකළා ඇති. දැන් ඕවා නවත්තලා රටට වැඩක් කරන්න උත්සහයක් කළොත් නරකද. (නි)
දුටුගැමුණු, මහා විජයබාහු වැනි රට එකසේසත් කළ නායකයින් එදා හැටියට රට පාලනය කළ රජවරු විය. මෙදාද රජවරු හැටියට හැඳින්විය හැක්කේ එලෙස ක්‍රියාකොට ක්‍රියාවෙන්ම ඔප්පුකොට ඇති අය මිස බටහිරට ගැතිකම් කරන විජාතික මානසිකත්වයෙන් පෙළෙනවුන් නොවේ. (නි)
යහපාලනය තවමත් කිසිම පිළිවෙළක් නැහැනේ (නි)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලුනේ (නි)