හලාවත මුන්නේස්වරම් ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිලේ සත්ව බිලි පූජාවනට එරෙහිව කිසිදු ආකාරයේ විරෝධතා, සත්‍යක්‍රියා, හෝ පා ගමන් දේවාල භූමියයේ පැවැත්වීම තහනම් කරමින් හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ජගත් ඒ කහඳගම මහතා තහනම් නියෝගයක් නිකුත් කෙළේය. බාරහාර ඔප්පු කිරීම සඳහා අඩු ගණනේ එළුවන් දෙසීයක් පමණ එහිදී මරා දැමෙයි. මර්වින් ඇමැති මීට කලින් කියා තිබුණේ බිලි පූජා නොපවත්වන ලෙසයි. හලාවත මූලස්ථාන පොලිස් පරීක්ෂක මනෝජ් රණගල මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ විරෝධතා, සත්‍යක්‍රියා, හා පා ගමන් පැවැත්වීමට ඉඩ ඇති බවයි. කොවිලේ වාර්ෂික සත්ව බිලි පූජාව සැප්තැම්බර පළමු වැනි දින දහවල් පැවැත්වීමට නියමිතයි. සත්ව හිංසන වැළැක්වීමේ ජාතික ආගමික එකමුතුව ගිය ඉරිදා ඊට විරෝධය දක්වමින් පා ගමනක් සහ සත්‍යක්‍රියාවක් දේවාලය ඉදිරිපිට දී පැවැත්වීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහන්නත් සතුටුයි
සන්තෝසයි
සතුන්ගේ ජිවිත වල වටිනාකම දන්නේ නැද්ද (දී)
සිදුහත් කුමාරයා හින්දු නිසා හින්දු අයත් බෞද්ධාගමට ගරු කළ යුතුයි. (නි)
හොද වැඩක්
අපිට මෙන්ම අහිංසක සතුන්ටත් ජීවත්වීමේ අයිතිය තිබෙයි මිහිපිට.අති ගරු ජනාධිපතිතුමනි මේ මහා සත්ව හිංසනය නතර කර දෙන්න.... (ස)
මේ වගේ දේවල් කොපමණ වෙනවද අපේ රටේ හැමදාම මේක අපේ රටේ අයට අලුත් දෙයක් නොවෙයි. (ස)
අවට නැතියත් එහෙනම් පවට ඉඩදුන්නා මේ බොදු රටේ (ස)
ඔන්න මර්වින් ඇමතිතුමෝ වැඩ පෙන්වනවා නම් වෙලාව. රටේ ගොඩක් අය ඔබ සමග ඉදිවී. මේ රටේ මේවා වෙන්න දෙන්න බැහැ. (නි)
සුභපැතුම්
පවු කාරයන්ට කොහෙත් දොරවල් ඇරෙනවා. නඩුයි බඩුයි දෙකම අපායේ ඇති ෂුවර් එකටම. (නි)
ඔහොම යන්. (නි)
පව්කරන අයට නීති දමා පලක් නැත . දඩුවම දෙවියන්ගෙන් ලැබේවි . (වි)
ගිනියම් වූ යකඩයක සිට සතුන් ඝාතනය කරන්න..!!(නු)
තව ටිකක් කල් යන විට බාර ඔප්පු කරන්න මිනිසූන්වත් බිලිවලට කියලා මරන්න ගනීවි.. අනේ මෙහෙමත් බෞද්ධ රටකට ගිය කලක්....(ස)
මම සුරංගත්, රෝහනුත් සමග සියයට දෙසීයක්ම එකගයි. (නි)
පාප කර්මයක්නේ
දෑක්ක නේද අපේ රටේ අධිකරණ නියෝග. සත්තු මරන්න පුලුවන් ඒවට විරුද්ධව උද්ඝෝෂන කරන්න බැහැ. දැන් අපි හෑමෝම මේ තීණ්දුවට ප්‍රශංසා කළ යුතුයි. මොකද අපහාස කළොත් ඒක වරදක් වෙන නිසා. (පිස්සු නෑත්තන් හොදයි නේද?) (නි)
මහත්වරුනේ මම කියන දෙය හොදට වටහ ගන්න. මමත් හොද බුද්දාගමේ කෙනෙක්. මුන්නේශ්වරම් වල ඔය අහින්සක සතුන් මරන එක අනිවාර්යයෙන්ම නවත්වන්න ඔන. හැබැයි ඔය උද්ගෝසන කරන මහත්වරුන් මේ ටිකත් වටහගන්න. ඔතන මරන්නෙ වසරකට එකදවසයි.සත්තු 500 යි. නමුත් මේ දර්මද්දීපයේ දවසකට ඔය උද්ගෝසනය කරන රටේ කුකුල්ලු ,හරක් එලුවො කී දාහක් මරනවද. අනෙක කොපමන ප්‍රමානයක් සත්තු ගොවිපලවල් වල සත්තු මරනවද. සමහර පන්සල්වල හාමුදුරුවන් දානය සදහ කුකුල් මස් වලදනවද.අපේ බුද්දගමේ අයගෙ උත්සව වලට මස් ඕඩරය දෙනකොට උන්ව මරන්න නේද ඕඩර කරන්නෙ. බයිට් වලට ඩවසකට සත්තු කෙ දහක් මරල බදිනවද. ඔය මවින් සිල්ව මහත්තයගෙ අය මස් කන්නෙ නෙද්ද. එහෙමනම් මේ රටේ මිනිස්සුන්ගෙ ආහාරයට මරන කුකුල්ලු, එලුවො, හරක් මරන එක මුලින්ම න්බවත්වන්න උද්ගෝසනය කරන්න. නිකම් බොරුවට කෝවිලේ මරන එකට විත්‍රක් කේ ගහල වැඩක් නැහැ. කෝවිලේ මරන එක විතරද පවු.දවස ගානේ දස් ගානක් කුකුල්ලු, එලුවො ,හරක් මරල පොලවල්වල, පාර අයිනෙ මරල ලේ පිටින් එල්ලා තියෙන එක පවු නෙතිද.පයාගල ගාලුපාරෙ ඩිගටම මස් එල්ලා තියෙනව.මුලින්ම සතුන්ගෙ මස් ආහාරයට ගන්න එක නවත්වන්න පින්වතුනෙ. මෙය ලියන මා නම් ඔය කිසිම මසක් කන්නෙ නැහැ. (වි)
අදහස් දාලා තියෙන හුඟ දෙනෙක් කියන්නනේ අහිංසක සතුතු කියලා ඒත් මේ අයගේ බඩවල් පලලා බැලුවොත් හි හි තියෙන්නේ එලුවො, කුකුල්ලු, මාලු හක්කේ බුදු රරස් බොක්කේ දඩ මස් (වි)
කෝ මේ රටේ බොදු බල සේනා? එතකොට අපේ මහනාහිමිවරු? (නි)
මෙතන ගැටලුව සත්ත්ව හිංසනය සහ ආගමික ඇදහීම් නම්, අපේ බෞද්ධයන් පන්සල් වල අලින්ව බැඳලා තියාගෙන ඉන්න එක සත්ත්ව හිංසාවක් නොවෙයිද? පණ නසන එක විතරද හිංසනය? (නි)
මේවා අන්ධ භක්තික ගෝත්‍රික වැඩ. සතෙක් වුනත් මරල ඔප්පු කරන බාරේ මොකටද? (ස)
සුරංග, රොහාන් ඔබ හරි. බුදු හාමුරුවෝ මේ සමහරු අහනවා වගේ මොනවත් තහනම් කරලා නැහැ. බෞද්ධ දර්ශනය කියන්නේ ස්වයං පාලන දහමක්. ඒක තියෙන්නේ මොලයක් තියනවා නම් තේරුම් අරන් තමන් හැදෙන්න. බුදු හාමුරුවො කිව්වේ ‘පර පණ නොනනසන්නේ, ඝාතනයට අනුබල නොදෙන්නේ’ කියලයි. එතකොට මස් අනුභව කරන එක ඝාතනයට අනුබල දීමක් නෙවෙයිද? මේවා නීති දාලා, අන්‍යාගමිකයන් සමඟ ගැටුම් ඇති කර ගෙන නවත්තන්න පුළුවන් ඒවා නෙවෙයි. අගෙයි මස් කන බෞද්ධයන්ගෙ තර්ක ටික. ඔබ නිර්මාංශ නම්, බෞද්ධ හෝ වේවා අන්‍යාගමික හෝ වේවා මේවාට විරුද්ධව කෑ ගහන්න. එහෙම නෙවෙයි නම්, කට වහගෙන ඉන්න. මොකද මේ රටේ මීට වඩා ප්‍රශ්න තව ගොඩක් තියන නිසා.(වි)
ඔන්න ආයෙත් අරයට වැඩ පෙන්නනවනම් හෙඳෙ වෙලාවක්...(ස)
දෙවියෝ සතුටුවෙන්නේ සත්තු මරුවහමද (දී)
මේ වැඩේ අනුමත කරන්න වෙනවා
මේක මෙතනින් ඉවර වෙන්නේ නැහැ
අනන හොදයි
අන්න හරි
ඕවට පන්දම් අල්ලන අපේ අයවත් තෝරලා බිල්ලට දෙන්න තියෙන්නේ. (නි)
මොන පිස්සුද
සත්තු මරලා කොහොමද පුජා තියෙන්නේ
සුරංග, ඔයාගේ කතාව සම්පුරණයෙන් ඇත්ත. අපි බෞද්ධයෝ විදියට ඒ කතාව අනුමත කල යුතුයි. (වි)
"ඉමාම් 2012-08-29 03:49:37 අපේ මුස්ලිම් ආගමේත් 'හලාල්' කියල හරක් මරාගෙන කනවා. මම නම් කන්නේ නැහැ. අහිංසක සතෙකු මැරීම පවු වැඩක්. ඕවා ගෙවන්න වෙනවා. (නි)" මෝඩයට කන්න පින නැත්නම් අපිට කරන්න දෙයක් නැහැ. (නි)
මිනිසූනේ...., බාරවලට අහින්සක සත්තුන්ව සමිබන්ද කරගන්න එපා..අහින්සක සතෙකු බිල්ලට නොදී නැති බැරි දූප්පත් පාසැල් යන දරුවෙකුට පොත් ටිකයි කන්න බත් ටික දෙන්න ඒක මිළ කල නොහැකියි..... (වි)
පුදුම විදියට හිතන මිනිස්සු ඉන්නේ.තමන්ව ඔය විදියට මරන්න අරගෙන ගියොත් කොයි තරම් මරණ බය දැනෙනවද? අසරණ සතුන්ට ඊට වඩා දැනෙනවා. එයාලට හිත හදා ගන්නවත් ශක්තියක් නැහැ.හදවතක් තියෙනවා නම් කාටද මේවා අනුමත කරන්න පුළුවන්. (නි)
නීතියෙන් බැරිනම් වෙනත් ආකාරයකින් මේවා නවත්වන්න ඕනෑ. මර්වින් ඇමතිතුමාට අපේ සහයෝගය දෙනවා. (නි)
මම කැමතියි ඒ නියෝගයට
මෙහෙමත් දෙවිවරු ඉන්නවද? මරණයට කැපවෙන්න ඉන්න සියලු සතුන්ට ඉපදෙන මතු ආත්මයකදී වත් මෙහෙම දෙයක් නොවේවා! (නි)
මම නම් සතුන් මරනවාට කැමති නැහැ. (නි)
බුදුරජාණන් වහන්සේ මස් අනුභවය තහනම් නොකළත් කොසොල් රජුට අනුශාසනා කළා බිලි පූජා නොතියා අසදිස මහා දානය දෙන්න. ඒ අතරම මට මතක හැටියට පවතින නීති සුරැකීම හා අලුත් නීති ඇති නොකිරීම ලිච්චවීන්ගේ සප්ත අපරිහානීය ධර්ම වල කොටසක් ලෙස විස්තර කළා.එතුමාගේ විහාරය ළඟම දිනපතා ඌරන් මරපු චුන්දව වළක්වන්න හැදුවෙ නැහැ මොකද, ඒ අයට සත්ත්ව ඝාතනයේ ආදිනව වටහා ගන්න බැරි නිසා. අද ලංකාවෙ පවතින්නෙ අසෝක රාජ නීතිය නම් රජය එය සුරැකිය යුතුයි. නමුත් දැන් එය නැති නිසා දැන් පවතින නීති හරියට ක‍්‍රියාත්මක කරන එක කාලෝචිතයි. බුදු දහම හැම කලටම ගැළපෙන දහමක්. මෙම ප‍්‍රශ්නයට පිළිතුර එහි ඇත. (නි)
මේක නවත්තන්න පුලුවන් අපේ ඇමතිතුමාට විතරයි. (නි)
සුරංග මහත්තයාගෙ කතාව හරියටම හරි. අපි බොරුව මවන්නෙ නැතිව රටේ මස් කන එක නවත්වමු.මෙය අපි ගරු මර්වින් සිල්වා මහත්තයගෙ නායකත්වයෙන් කැළණියෙන් පටන්ගමු.කැළණිය බුදුන් පහස ලද භූමියකි.කැළණියේ දුරාචාරය, මස් කඩ, මත්පැන් සියල්ල නවත්වමු. ඊළඟට මුළු ලංකාවෙම නවත්වමු. සුරංග හරි. (ස)
දෙයියෝ සාක්කි
මීට පෙර වතාවකදී නිදහස් කර ගත්ත එළුවො ටික කැලණිය පැත්තේ ආහාර පාන මද්‍යස්ථානයකට විකුනුවා කියලයි අපිට ආරංචිය.(වි)
සත්ව බිලි පූජාවන්ට කොහොමටත් මම අකමැතියි. සත්ව බිලි පූජා ලොවෙන් තුරන් වෙන්නට ඕනේ. ඒ වුනත් ලංකාවේ නිතිය අනුව ඕනෑම කෙනෙකුට කුකුලෙක්, එළුවෙක් මරන්න තහනම් නැහැ. එත් ඔය සත්ව බිලි පූජාවන්ට විරුද්ධව පෙළපාලි යන අය දන්නවාද ලංකාවේ මාසයකට කුකුලන් මෙට්රිනක්ටොන් 11000 ක් බාවිතයට ගන්නවා. 2011 දී ලංකාවේ ආර්ථිකයට $ බිලියන් 7 ක් මේ කුකුල් බිස්නස් ඒකෙන් ලැබිලා තියෙනවා. 2011 දී ඌරන් 85000 ක්, එළුවන් තුන් ලක්ෂ 85 න් දහසක්ද, කුකුලන් මිලියන 14 ක් අපේ ආහාර සදහා මරණයට පත් කර තියෙනවා. කොළඹ න් දිස්තික්කයේ පමණක් දිනකට ඌරු මස් කිලෝග්රෑ ම් 9000 ක්ද , හරක් මස් කිලෝග්රෑකම් 18000 ක්ද , සහ එළු මස් කිලෝග්රෑගම් 12 000ක්ද ආහාරයට ගන්නවා. එත් ඔය සත්ව බිලි පූජාවන්ට විරුද්ධව පෙළපාලි යන අය කවුරුවත් මේවා ගැන කතා කරන්නේ නැතිව කුකුලන් සහ එළුවන් 200 ක් මරනවාට විරුද්ධව පෙළපාලි යන්නේ ඇයි? මේක තනිකරම ආගමික ජාතිවාදී දේශපාලනික කියා දාමයක් නේද? සත්ව හිංසන වැළැක්වීමේ ජාතික ආගමික එකමුතුවන් මෙයට විරෝධය දක්වන්නේමෙම කුකුලන් සහ එළුවන් 200 ක් මරනවාට පමණක්ද ? ප.ලි ඔය සත්ව බිලි පූජාවන් වෙනුවන් මරා දැමුනු සියලුම සතුන්ගේ මාංශ ද ආහාරය සදහා ගන්නවා.(වි)
ජයවේවා නියමයි
ඇයි අර කෝවිලට එළුවෝ කුකුල්ලු විතරක් ඉල්ලන්නෙ..!!(නු)
අධිකරණයට ස්තුති
සත්තු මරන්නෙ මුන්නේෂ්වරම් විතරද? කොහේ කරත් වැරදි දෙයක් නම් ඒක වැලැක්විය යුතුයි. (ස)
සුරංග, ඔබ 100% හරි. (නි)
ලජ්ජා නැද්ද සත්තු මරන්න
ඩෙංගු මදුරුවෝ නම් කෝටියක් දෙකක් මැරුවත් මනෝහරන් මුකුත් කියන එකක් නැහැ. (නි)
අපේ මුස්ලිම් ආගමේත් 'හලාල්' කියල හරක් මරාගෙන කනවා. මම නම් කන්නේ නැහැ. අහිංසක සතෙකු මැරීම පවු වැඩක්. ඕවා ගෙවන්න වෙනවා. (නි)
මගේ ප්‍රතිවාරය හරියට වටහා නොගෙන කුහකකමට මට දොස් කියල තිබුන. ඔන්න හොදට අහගන්න. රොහාන් මහත්මයා කියල තියෙන්නෙත් මම කියන දේමයි. ස්තුතියි රොහාන් .ඔයයි මායි දෙන්නම ඉන්නෙ එකම තැන. මම කියන්නෙ ඔතන සතුන් මරන එක වැරදියි. නවත්වන්නම ඕනෑ. එක මහත්තෙක් කියල තිබුණා ආගමික පුජාවට සතුන් මරන්න එපා කියල. අනේ මහත්තයො ඔබ හරි. මේ ටිකත් කීවා නම්. පන්සල් වල සමහර ස්වාමින් වහන්සෙලා ඉන්නව කුකුල් මස් කටින් ඉල්ලනවා දානයට. හැමදාම උදේට රටවටේම උණු ලේ පෙරාගෙන හරකුන්, එලුවන් කුකුලන් එල්ලිලා ඉන්නවා කොකුවල. පීකුදු ගුණයි කියලා කිරි අම්මගෙ හදවත දරුවන්ට කන්න දෙනවා.වැඩියෙන්ම මස් කන්නෙ බුද්ධාගමේ අය. ඔය අය කන මස් වල සතුන් මර බියේ කෑ ගහන්නෙ නැතිද? කෝවිලේ වැඩේටත් විරුද්ධ වෙමු. රට වටේම සතුන් මරන එකටත් විරුද්ධ වෙමු. සතුන් නොවෙයි. දවසකට නූපන් දරුවන් 1000ක් ගබ්සා කරනවා මේ රටේ. අපි ඒවාට විරුද්ධ වෙමු.ඔය බොරු මූලධර්මවාදින්ට ඕනෙනම් තව ඕනෑතරම් දෙන්නම්.ඔය කෑ ගහන මිනිස්සු බිත්තර කනවා මස් කනවා, අරක්කු බොනවා. ඔක්කොම කරනවා. විරුද්ද්ධ වෙන්න ඕනෑ තරම් දේවල් තව තියෙනවා. (නි)
රුවන් මහත්ත්යො ඉස්සෙල්ල දෙයක් වටහ ගන්න.මගේ අදහස හොදට කියවන්න. (ත)
මට දුක සත්තු ගැන
හු....හු..... (නි)
අයියෝ සල්ලි
සුරංග, ඔබතුමා කියන්නේ හැමදාම වෙන නිසා ඔය දවසෙත් සත්තු දෙසීයක් විතර මරපුදෙන් කියලනේ නේද? (නි)
ඊමාම්, මා දුටු හොදම මුස්ලිම් බැතිමතා නුඹයි. (නි)
රොහාන්, ඔයාගේ කතාව සම්පුර්ණයෙන් ඇත්ත. (නි)
සුරන්දි සහ රොහාන්, ඔබ සියයට සියයක් හරි. ඇත්ත මොනකක්ද කියල අවබෝධකරගත යුතුයි. (ත)
අනේ මන්දා. මොනවා වුණත් සතුන් මැරීම නම් පවු. ඔය නරක වැඩ කරලා හිරේ ඉන්න අයව ගෙනල්ලා මැරුවා නම් පවු නැහැ කියලා මට හිතෙනවා. (නි)
සුරංග , රොහාන් , ඔබ දෙපළ සමග මම එකඟයි. එහෙත් මට වැඩියම හිතට අල්ලලා ගියේ කමනි අන්තිමට කියලා තියෙන දේට. අපේ කට්ටියට මොකක් හරි මස් කට්ටක් විසි කරාම එක රැළට ඒ පස්සේ එළවනවා. අනෙක් සේරම ජාතික ගැටළු අමතකයි. එක පුවතකට ''සාධු සාධු බුදුගුණ අනන්තයි" කියලා ප්‍රතිචාර දමපු මිනිහාම තව (පේළි දෙකේ) පුවතක් දැකලා ප්‍රතිචාර දමනවා " ඕකාව නඩු නැතිව ගල් ගසා මැරිය යුතුයි.." කියලා. (නි)
මේ ද්වීපයේ දවසට මරණ සූකරයන් ගැන කිසිවෙකූට නොදැනෙන්නේ මන්ද? කොයි සතාටත් තිබෙන්නේ ප්‍රාණ. ප්‍රාණ ඝාතනය කවුරු කළත් පාපී ක්‍රීයාවකි. (ත)
දෙවියෙක් නිසා බාරහාර ඔප්පු කරන්න සතුන් මරණවා නම් වු මොන තරම් කෘර දෙවියෙක්ද? (නි)
එක පැත්තකින් ලංකාවට ධාතු වඩම්මනවා. අනෙක් පැත්තෙන සතුන් මරලා බිලි පූජා පවත්වනවා. ඔය බිලි පූජා කියන්නේ නොදියුණු කාලයේ නොදියුණු මිනිසුන් කරපු දේවල. ශිෂ්ට සමාජයේ කිසිවෙකුත් ඔය බිලිපූජා අනුමතකරන එකක් නම් නැහැ. මම වීඩියෝ එකකින් දැක්කා ඔය සත්තුන්ව ඇදගෙන ඇවිත් බෙල්ල කපනවා. තව කට්ටියක් කඳයි හිසයි එකතුකරගෙන යනවා. (නි)
මොනවා වුණත් මේ වැඩේ නම් කැතය. ආගමේ නාමයෙන් හෝ කන්න හරි,දෙයියො වෙනුවෙන් හරි, දෙයියො වෙනුවෙන් අපි කමු කියලා හරි සත්තු මරන එක වැරදියි. අන්තිමට ඉතින් කොහොමහරි අහළ පහළ මස් කඩ ටිකට තමා ඔය ටිකත් යන්නේ. අනේ ඊට පස්සෙ අපූරුවට එකී නොකී සියලු දෙනාම සහයෝගයෙන් බුක්ති විදී. සත්තුන්ට මෙතන දක්වන ආදර කරුණාව හැමතැනදිම දක්වනවා නම් තමා ඉතින් හොද. මොකෝ ඉතින් මෙතනදි නම් එක පාරින් බෙල්ල කපල දායි. මරල කන්න නම් ඉතින් වඩා රසයි කියන්නෙ පණ පිටින් ඉදිද්දිම අඩු පඩු කපා ගත්තොත්නෙ.මේව නවත්තන්න ගියොත් ජාති බේද කොරන්න ගියා වෙනවනෙ. මෙතනදි විතරක් නැතිව හැම වෙලේදිම සත්තු ගැන කරුණාව දයාව තියාගත්තනම් තමා හොද ඉතින්.මෙතනදි කොහොම හරි සත්තු ටික බේරුනොත් දවස් 2ක් 3ක් ඉදිවි. ඊට පස්සෙ උන්ව මස් කඩ වලින් කැබලි කොරද්දි හිතෙයි අපරාදෙ එදා මළානම් කියලා.කොහොම හරි ඉතින් මේ වැඩේ නවත්තනවා නම් හොදයි.එතනින් නවතිනවද නැද්ද කියලා ඉතින් හිතා බැලුවොත් තමා හොද. අනේ මන්දා ඉතින් ?
බුදුරජාණන් වහන්සේ සත්ත්ව අහාර අනුභවය තහනම් කර ඇති එක වචනයක් පෙන්වන්න. ඒ කාලයේ පවා මෙවැනි අන්තවාදී මිනිසුන් බුදුරජාණන්ට හිරි හැරයක් වී සිටිය. එම නිසා ආගම විකුණගෙන කන්න එපා. එම නීතිය ක්‍රියාත්මක කිරීම අමාරුය. තහනම් කළොත් සත්ව ගහනය වැඩි වී මිනිසුන්ට ජීවත් වීමට පවා අපහසු තත්වයක් උද්ගත වේව. (නි)
සත්තු මරන්න එපා
ඔන්න මර්වින් සිල්වා මහත්තයෝ වැඩේ පටන් ගන්න වෙලාව. (නි)
මොකද එහෙම වෙන්නේ
අපේ , සත්තු බිලි දෙන සිරිතක් නැහැ
සත්තු බේරා ගන්න
මෙවානේ වැඩ
යෝනුසලවි , නිකන් මෝඩ කතා කියන්න එප. මේ ලෝකේ කවදාහරි සත්ව ගහණය වැඩි වී මිනිසුන්ට ජීවත් වීමට පවා අපහසු තත්වයක් උද්ගත වෙලා තිබිලා තියෙනවද? විද්‍යාවෙන් පරිණාම වාදය /චාල්ස් ඩාවින්ගේ පරිණාම වාදය කියන්නේ ඒකට තමයි. (නි)
ඉතා හොදයි සත්තු වේනුවෙන්
හරි දැං මොකද කියන්නෙ...!(නු)
කොළඹ මහාධිකරණය වාරණ නියෝගයක් ගත්තනම් හරි බිළිපූජාව නවත්තන්න කියලා..!!(නු)
එහෙම කරන්න එපා
යෝනුසලවි, බුදුරජාණන් වහන්සේ සත්ව ආහාර අනුභවය තහනම් කරල නැහැ. මැරැණු සතෙක් කෑවට වරදක් නැහැ(ස්වභාවික හේතු නිසා). නමුත් සතෙක් මරාගෙන කන එක කොහෙත්ම අනුමත කරලත් නැහැ. මතක තියාගන්න මස් වෙළදාම බුදුන් වහන්සේ අනුමත නොකළ එකක් බව. අනුන්ට තමන් උපමා කර අනුන් පෙළීමෙන් වළකින්න කියල කියලා තියනවනේ. බුදුන් වහන්සේ පවා මස් පරිහරණය කළේ නැහැ.( අවසාන දානය ඌරු මස් කියලා තමන්ගෙ වාසිය ගැන හිතන මිනිස්සු කියාගන්නවා ). අනික සියලු සතුන් ගැන මහා කරුණාවක් තිබුණු බුදුන් වහන්සේ සතුන් මරාගෙන කන එක අනුමත කරලා ඇති කියලා හිතගෙන ඉන්නවා නම් ඒක මොන වගේ මිසදිටු අන්තවාදිකමක්ද? ඔය වගේ හිතන බුදු දහම තමන්ට අවශ්‍ය ලෙසට විකෘති කරන අය ඒ කාලෙටත් වඩා අද ඉන්නවා. මූලධර්මවාදින් කොයි ආගමෙත් ඉන්නවා. කමණි, සුරංග ඔබ කියන දේවල් හරියට හර. යෝනුසලවි කොයි දහමෙ වුණත් හිංසන අනුමත කරලා නැහැ. යමක් සිතා බලා තේරුම් ගන්න බැරි අනුවණ පුද්ගලයෙක් වෙන්න එපා. හොරකම් කරන්න එපා කිවුවා නම් අනුන් ලවා කොරගත්තට කමක් නැහැ කියලා හිතන්න පුලුවන්ද. සුරන්ග කියලා තියෙනවා වගේ කොයි තරම් දෙවල් වෙනවද නොවිය යුතු. අපිට ඒ හැම දෙයක්ම එක පාර නවත්තල දාන්න බැහැ. නමුත් පොඩි දේකින් පුලුවනි පටන් ගන්න. (නි)
අයියො සල්ලි
මිත්‍යා විශ්වාස
වාරණ දාලා කොහොම හරි බිලිපූජාවට මේ බෞද්ධ රටේ ඉඩ දෙන්නයි හදන්නෙ..?? (නු)
බොහොම හොදයි
ඉක්මනින්න් ඉවත් කරන්න
මේ බෞද්ධ රටේ සත්ත්ව අවිහිංසාව කියලා කොටසක් ඇත්තේම නැද්ද? (නි)
බිලි පූජාවට එරෙහි උද්ඝෝෂණ කලාට කමක් නැහැ. මේක වෙන්න දෙන්න බැහැ..!!(නු)
මාර නීතියක්නේ.. ඒක නවත්තන්න අහිංසක සත්තු මරන්න දෙන්න එපා..!!(නු)
අනේ දෙවියනේ මේ මොන අපරාධයක්ද ---? (ස)
මිනිස්සු මේ තරම් මෝඩද
විරෝධතා ප්‍රතිචාර වලට වාරණ එහෙම නැහැ නේද? (නි)
රටේ ජනාධිපතිවරණයේදී තරගකරුවන්ගේ මුලික සුදුසුකමක් තමයි සිංහල බෞද්ධ වීම. එහෙවු රටේ අද "මුන්නේස්වරමට වාරණයක්‘බිලි පූජාවට එරෙහි උද්ඝෝෂණ බෑ‘" ලු. අපි දුක් විය යුතුයි මේ සම්බන්ධයෙන්. (නි)
කණගාටුයි මහත්තයෝ
දැන්ද පේන්නේ? මේවා නවත්තන්න තිබුණේ පටන් ගන්නකොටමයි. (නි)