හලාවත මුන්නේශ්වරම භද්‍රකාලි කෝවිලේ සත්ව ඝාතන සම්බන්ධයෙන් ඕමාරේ කස්සප හිමියන් හා ඇමැති මර්වින් සිල්වා මහතා විසින් ඉදිරිපත් කැරුණු මෝසම් ගැන ලබන 11 වැනිදා තීන්දුවක් දෙනතුරු බිලි පූජා නතර කරන ලෙස හලාවත ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ජගත් ඒ. කහඳගම මහතා කෝවිල් පාලකයනට නියෝග කළේය. වෙන්නප්පුව පොලිස් අධිකාරී ඊ.එස්. දයාරත්න මහතා කියා සිටියේ කෝවිලේ සත්ව ඝාතන නීති විරෝධී බවයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට දැනගන්න ඕනෑ මේ මරණ සත්තුන්ගේ මස් වලට මොකද කරන්නේ කියලා. මොකද ඔය ඔක්කොම කාලි අම්මා කන්නේ නැහැනේ. (නි)
පන්සල් වල අලි ඇතුන් බැදලා වද දෙන එකත් නවත්වන්න ඕනෑ. (නි)
ලංකාවේ මුස්ලිම් මිනිසුන්ගේ හරක් මස් කඩ පූජාවත් සමගම නතර කරන්න. (නි)
සත්තු මරන්න ලැහැස්ති වෙන්න එපා
අනේ හොදයි
ඔතන අදහස් දාන මෝඩයන්ට තේරෙන්නේ නැද්ද මේක පුජාවකට මරණ තැනක් මිස කන්න මරන තැනක් නොවේ කියලා.කන්න නම් කමක් නැහැ. මේ මරන්නේ ආගමක් වෙනුවෙන්. ඒක අනුමත කරන්න බැහැ. (නි)
මොන ආගමකවත් කියලා නැහැ බිලි පූජා කරන්න කියලා. (නි)
සතුන් මරලා යකුන්ට පිදුව කාලෙන් අපි අයින්වෙලා අවුරුදු දෙතුන් දහසක් දැන් ගතවෙලා හමාරයි. මේවා ආගම් නොවෙයි. මනස විකෘති වුණු මිනිසුන් කීහිපදෙනෙකුගේ ක්‍රියාකලාප. කිසිම ආගමක බිලි පුජා අනුමත කිරීමක් නැහැ. (නි)
මොනවා වුණත් මර්වින් ඇමතිතුමාගේ විතරයි කොන්ද පණ තියෙන්නේ. (නි)
මේ බෞද්ධ රටේ එක දවසකට මොනතරම් සතුන් ප්‍රමාණයක් මරනවද ? ඒ අපේ බඩගෙඩිය පිනවන්න. කාලි මෑණියන්ගෙ බිලි පූජාවට එරෙහි වෙන්න කලින් බෞද්ධ යැයි කියාගන්නා අපි, අපි විසින් කරන බිලි පූජා නවත්වමුද ? මස් කඩවල තියෙන්නෙ සතුන්ගෙ මස් නෙමෙයිද සනුල්? අපි පෙරේතයන් වගේ මස් කකා මොනවද මේ කරන විකාර වැඩ. මේ රට තුන්වරක් බුදුන්ට පූජා කළාට ඒ පූජා කළ අය රජකම දාලා ගෙදර ගියාද ? බුදු හාමුදුරුවො රජකම ගන්න එන්නේ නැහැ කියලා ඒ අය දන්නවා. ඉතින් මොකද පූජා කරන්න බැරි ? (නි)
අපේ ධර්මිශ්ඨ කට්ටියගේ වැඩ බලාගන්න අපිට හොද අවස්ථාවක්. (නි)
මම මේ කියන ඇමතිතුමාට ඉස්සර කැමති නැති වුණත් දැන් මම එතුමාට කැමතියි. ඔබට ජය වේවා! (නි)
සත්ත්ව ඝාතන වැරදි නම් කුකුල් මස් කන්නත් එපා. (නි)
සත්ත්ව ඝාතන වලට වඩා කුඩු නිසා මිනිස් ජනගහණය අඩු වෙනවා. (නි)
වෘක්ෂලතා සහ වනජීවී පනත අනුව මෙය තහනම් කරන්න බැරිද? (නි)
අනේ මේ විකාර දොඩවන්න එපා. අපේ රටේ මරන සතුන් ප්‍රමාණය දවසකට ලක්ෂයකට වෑඩියි. නමුත් මේ දේවාලේ සතුන් මරන බව රටටම කියලා මරන නිසා තමයි අපේ අය නින්දෙන් අවදිවෙලා වගේ දොඩවන්නෙ. අනේ බෞද්ධයගේ රට නෙමෙයි, පෙරේත බෞද්ධයගෙ රටයි මේ. (නි)
කොහොමත් ඔය පූජාව තියන එකක් නැහැ. (නි)
මහේල, අහංසක සතුන් බිල්ලට දීමෙන් ඇති පලේ කුමක්ද? (නි)
පොලිසියේ අදහස් අනුව වැඩ කළොත් නේද හොද? (නි)
ඇමතිතුමනි, පුලුවන්නම් බාර් එකක් වහලා පෙන්නන්න. වැඩියෙන්ම එතකොට කලබල වෙන්නේ පාර්ලිමේන්තුවේ කට්ටිය තමයි. (නි)
මේක කරන්නේ රටට සෙත් පතාලු .. .අනේ අහිංසක සතුන්ට නොලැබෙන සෙත රටට ලැබේවිද ? (ස)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
ඔය කියන පූජකයෝ කවදාහි කිසියම් රටක මිනී කන ගෝත්‍රයකට අහුවුණානම් එයාලගේ ආගමික නිදහස ගැන සතුටු වෙන එකක් නම් නැහැ..!!(නු)
නවත්වලම දාන්න (දී)
මොනවාද මහේල? "සිංහලයිනි, බොරු කරන්න එපා. මේ පූජාවට වැඩිපුරම ඉන්නේ සිංහල අයයි. අනික මේ පූජාව නොකළොත් රටට හොද නැතිලු." මේවා දෙමළ වැඩ. (නි)
ජනපති තුමනි සත්තු මරන්න දෙන්න එපා (දී)
අන්න හොදයි (දී)
ජනපති තුමනි ඔබට පින් ඔය වැඩේ නවත් වන්න (දී)
අන්න හොදයි
අපි ඔක්කොම වැරදියි...මේ මිනිස්සු කරන වැඩෙත් වැරදියි..අපි කරන වැඩෙත් වැරදියි..(ස)
පොලිසිය කොහේද? (නි)
''අනුන් ගැන නොසොයන්න. තමන් සත්ත්‍ය ගරුක වෙන්න. තමන්ගේ වැරදි පළමුව දකින්න. දෙවනුව නිවැරදි වන්න'. එවිට මේ කතාකරන සියලු දෙනාම නිවැරදි වී ඇත . තෙවනුව අන් අයට දේශනා කරන්න. එවිට එය තේරුම් ගැනීම ඔවුන්ගේ වැඩකි . තමන් කරගන්නා දෙය තමන්ටය. ඒ නිසා ඔබ නොවැනසෙන්න.'' (ස)
කවුරු හරි ඉන්නවානම් මේවා දෙමළ වලට පරිවර්තනය කරන්න..ඒක ලොකු පිනක්.(ස)
සත්තු වෙනුවෙන් පන උනත් දෙනවා
බොහොම හොද තීරණයක්
අයියෝ සත්තු
ලංකාවේ වැඩියෙන්ම සත්ව ගාතන සිදුවෙන්නේ දෙසැම්බර් මාසයටයි....ඒවා කවුරුත් නවත්වන්න කියන්නේ නෑ..(ස)
එළුවන් කැපීම බඩගෝස්තරවාදයක්ද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
අධිකරණයට ස්තුතියි
මෙවැනි කොන්ද පණ අති පොලිස් නිළධාරීන් ඉන්නවනම් අපේ රට නීතිගරුක රටක් කරන්න පුලුවන්.(වි)
මිනිස්සුන්ගේ ජිවිත ලස්සන කරන්න සත්තු මරණ එක හරිද
මේ වගේ නොහොබිනා වැඩ කරන්න එපා
ඇමතිතුමා කරන්න යන්නේ මොකක්ද කියලා හිතා ගන්න අමාරුයි. (නි)
නියමායි. (නි)
මස් කඩ ටික ඉබේම වැහෙයි මේ අදහස් ප්‍රකාශ කරන උදවිය මස් නොකා හිටියා නම්. මස් කඩවල් වලට එන මිනිසුන්ගෙන් 90% ක්ම මේ සතුන් මරන්න එපා කියා බෙරිහන් දෙන කට්ටිය තමයි. හරි පිරිමියෙක් ඉන්නවා නම් ඉස්සරහට එන්න, සංගණනයක් කරමු, මස් වැඩි පුර කන්නේ කවුද? නැතහොත් පෙරේත කවුද කියලා. කාවද රවට්ටන්නේ? හමුදාවට මස් කිලෝ කීයක් ඇණවුම් කරනවද? සොයා බලන්න. මම එක උදාහරණක් පමණයි කිවුවේ. තව තියෙනවා. (නි)
ඔය හරක් මස් කඩ වහන්න කියන අයම නේද රස කර කර කුකුලු මස් කන්නේ? (නි)
වහාම නවත්වන්න...(ස)
මිනිසුන්ගේ මොලයේ මැටි තිබෙන තුරු උසාවි නියෝග කී දාහක් නිකුත් කරන්න වෙයිද දන්නේ නෑ. සතෙකු මරා ලැබෙන කාලකන්නි සතුට කුමක්ද කියා තේරුම් ගැනීමට තරම් මම සමත් නොවෙමි. තමාගේ හෝ තම දරුවාගේ අතක් උවද සීරිමකට ලක්වීමට කිසිවකු කැමති නැත. එහෙයු මිනිසුන් තම විමුක්තිය සඳහා අහිංසක සතුන් ගෙල කපා මරයි. සා ගින්නේ මියැදීමට සිටින මිනිසෙකු තම ආහාරයට මෙම සතුන් මරුවෙහි නම් එය මෙලෙසින් කතා කිරීමට මට නොහැකිය. ලැබෙන විමුක්තිය කෙසේ උවද කල්ප ගණනින් අපාගත වී අනන්ත දුක් විඳීමට වන බවනම් ඒකාන්තය. මනස උසස් මිනිසුනේ. මොල ගෙඩිය තිබේනම් කල්පනා කරන්න.(වි)
පුලුවන් නම් එක බාර් එකක් වහලා පෙන්නන්නකෝ. (නි)
මේක දමිළ අයගේ ප්‍රශ්නයක් මිසක් හාමුදුරුවරුන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. (නි)
ඕක මොකක්ද ? හැමතැනම මස් කඩ තියෙන්නේ..(ස)
මේක කෝවිලක් නෙමෙයි, ලේ විලක්. (නි)
අපි පළමුව මස් කඩ වැසිය යුතුයි. (නි)
ධනුෂ්ක, වැඩියෙන්ම ඌරු මස් කඩ තියෙන්නේ මේ පළාතේ තමයි. (නි)
කෝවිලක්ද? මස් කඩයක්ද? (නි)
සතුන් මරණ ආගමක් මොකටද මිනිස්සුනේ (ස)
සිංහලයිනි, බොරු කරන්න එපා. මේ පූජාවට වැඩිපුරම ඉන්නේ සිංහල අයයි. අනික මේ පූජාව නොකළොත් රටට හොද නැතිලු. (නි)
මේ ස්ථාන වලට මස් කඩ බලපත්‍ර තියෙනවද ?(ස)
මස් වැඩිපුර කන්නේ කවුද? නැතහොත් පෙරේත කවුද කියලා කාවද රවට්ටන්නේ? හමුදාවට මස් කිලෝ කීයක් ඇණවුම් කරනවද? පන්සල් වලට මස් කිලෝ කීයක් ඇණවුම් කරනවද? සිංහලයිනි, බොරු කරන්න එපා. වැඩිපුරම මස් කන්නේ සිංහල අයයි. (නි)
රටට හොද නෑ කියන්නෙ බොරුවක්. කොහොම හරි වැඩේ කරගන්න. මමත් හලාවත කිට්ටුව. අනික මේකට මුන්නේශ්වරම් දේවාලය විරුද්ධයි. කාලි කෝවිල තියෙන්න මහා දේවාලෙට ගොඩක් එහා. ඒක හදනකාලෙ මම දන්නවා. එච්චර පරණ එකක් නෙමෙයි ඒක. (නි)
ලංකාවේ ප්‍රෝටීන් ඌණතාවය දැන් 60%යි. මස් කන එක නවත්වමුද? (නි)
කෝවිලේ එළුවන් වෙනුවට ඌරන් කැපුවනම් මොකද? (නි)
මහත්වරුනේ, ම මමේ පූජාව දැකලා තියෙනවා. වැඩිපුරම ඉන්නේ සිංහල අයනේ. (නි)
මෙහෙමත් සත්තු මරණ එක හරිද
සත්ත්ව ඝාතන වළක්වමු. මිනිසුන් මරමු. (නි)
මස් කඩ ප්‍රසිද්ධියේ කරන්නේ නැහැ. (නි)
මේකට ප්‍රතිචාර දාන පණ්ඩිතයන් දෑනගත යුතු කරුණක් තමයි මේ රටේ බුද්ධ ශාසනය රැකුණේ මේ රටේ ඇති සිංහල බෞද්ධ සංස්කෘතිය නිසයි. ශාසනය රකින්න අවශ්‍ය නම් අපි සංස්කෘතිය රැකිය යුතුයි. ඒ නිසා මස් කඩ තියෙන එකේ බිලි පුජා තිබුණට කමක් නැහැ කියන්නෙ පුහුදුන් පණ්ඩිතයෝ. මස් කඩ වලට සමාජය තුළ තිබෙන්නෙ පිළිකුළක්. ඒවාට පිළිගෑනීමක් නැහැ. මෙතන තිබෙන්නෙ මේ බිලි පුජාවට පිළිගෑනීමක් ලබා දෙනවද නෑද්ද යන ප්‍රශ්නයක්. පිළිගෑනීමක් ලබා දෙනවා කියන්නෙ අපේ අවුරුදු 2500 ක සංස්කෘතිය පාවා දිමක්. මේ රට තෙවරක් බුදුන්ට පුජා කළ රටක්. මේ රට තුළ මේ වගේ දේ සිදුවෙන්න දෙනන් බැහැ. බෞද්ධයන් දෑන්වත් කොන්ද පණ ඇතිව නැගී සිටිය යුතුයි...(නු)
මේ රටේ හමුදුරුවො තමයි මුර දේවතාව කියල හදුන්වන්නෙ. හාමුදුරුවරු නිසා තමයි අපේ සන්ස්කෘතිය මෙහෙම හරි රැකුණෙ. සුද්ද ඒ දවස් වල හාමුදුරුවන්ව කහ හමුදාව කියල හැදින්වුයෙ එක නිසා.(නු)
කොන්දක් තියෙන පොලිස් නිලධාරියෙක්..(ස)
මේක බෞද්ධ රටක්.. ලංකාවෙ තියෙන සියලුම දේවාල කෝවිල්වල සම්පූර්ණයෙන්ම සත්ව ඝාතනය තහනම් කළ යුතුයි...!!මේ කෝවිලේ විතරක් නෙමෙයි.. අවිහිංසාවාදී සංගමයත් මේවට එකතුවීම ඉතාම වැදගත් කියලා මම විශ්වාස කරනවා..!(නු)
කාලි අම්මා මේ අපරාධ දැනගත්තොත් මේ සේරම මරණවා..!!(නු)
මමත් මස් කන කෙනෙක්.. අපි මස් කන එක නතර කළානම් මේ ගැටලු ගොඩක් දුරට විසදෙනවා.. (නු)
මෙහෙම ආගම් ඇදහීම බලා සිටින කුඩා දරුවන්ගේ මනස නිතැතින්ම බෙලි කපන ලේ විල් දකින සිද්ධි සාමාන්‍යකරණය වී අනාගත ප්‍රභාකරන්ලා බිහිකරන මොන්ටිසෝරි බවට පත්වේවි. (නි)
හොද වැඩක්
අධිකරණයෙන් නිත්‍ය විසදුමක් දෙන්න
සතුන් මරනවා වාගේ මිනිසුන් මරන එක හෙළා දකිමු. (නි)
ගැලැක්සි, ඔයා දෙමළ බසින් ලියන්න ඕනෑ. (නි)