රායප්පු ජෝසප් මන්නාරම රදගුරුතුමෝ හදිසියේ රෝගාතුර වී කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබති.
ජාතික රෝහල් ප්‍රකාශකයකු සඳහන් කළේ ඔහුගේ මොළයේ අභ්‍යන්තර ලේ ගැලීමක් සිදුවී ඇති බවයි.
රදගුරුතුමා කොළඹ පැමිණියේ ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී හමුවීමට බව ආරංචි මාර්ග කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන් උපන් රටට ද්‍රෝහීවීම යනු ශ්‍රී ලාංකික ජාතියටම ද්‍රෝහීවීමකි (නි)
සිල් ගත්තත් නැතත් මේ වගේ උතුම් වෙසක් සමයක මෙවැනි පුද්ගලයෙකු ගැන සිතීමෙන් හෝ කතාකිරීමෙන් හෝ කට පව් පුරවාගන්නේ කුමටද? (නි)
ෂෙරින්, අපායටවත් දිව්‍ය ලෝකෙටවත් මේ කුණු පංචස්කන්ධය ගෙන නොයන නිසා එහි බර දිවෙහි බර සමඟ සැසඳීමේ තේරුමක් නැත. ලෝකාපවාදයට ඇති බියද මිනිසුන් සමාජයට අයහපත් වන ක්‍රියාවන්ගෙන් වැළැක්වීමට යම් පමණකට හෝ දායකවන හෙයින් ද සෑම දෙයක්ම නීතියෙන් පාලනය කිරීමට නොහැකි හෙයින්ද මිනිස්සු හොඳ නරක ගැන ප්‍රසිද්ධියේ කතාකිරීම දිගු කාලීනව සැළකූවිට සමාජයක යහපැවැත්මට හේතු වේ. එහෙත් එහි අරමුණද සීමාද දැනසිටීම වැදගත් වෙයි. (නි)
ධර්මය රකින්නා ධර්මය විසින් රකිනු ලබයි (නි)
මිනිසෙක්ව ඉපිද සිප්සතර හදාරා රැකීරක්ෂා කොට ආවාහ විවාහ වී පුත්‍ර කලත්‍රයන් පෝෂණයකොට මියයාම සාමාන්‍ය ජීවිතයක ස්වභාවයයි (නි)
එක ජාතියක් යටපත්කර තවත් ජාතියක් උසස්ස්කර තැබීමට උදවු කිරීමත්, එක ජාතියක කුරීරුකම් යටපත්කර වසන්කර තවත් ජාතියක කුරීරුකම් හුවා දැක්වීමත් බුද්ධ ධර්මයේත්,ක්‍රිස්තු ධර්මයේත් කිසිම තැනක ඒ ආගම් කතුවරුන් විසින් ප්‍රකාශ කළබවක් සදහන්වී නොමැත. (නි)
පවිටු චේතනා ගෙන එයි වේදනා. ''චේතනාහං භික්ඛවේ කම්මං වදාමි''. (නි)
පිවිතුරු යහපාල, ඔයා දන්නේ නැහැ ඇත්ත (නි)
පසුගිය දේවල් ගැන මතක් කිරීම සුදුසුයි කියා මා හිතනවා (නි)
දෙවියන් වහන්සේගේ තීරණ වල වැරැද්දක් නැහැ (නි)
එකතුවෙලා යහපතක් කරන්න පුළුවන් වෙයි කරදරයක් නැතුව. (නි)
සමහරු අද දවසේ වැදගත්කම ගැන හිතලා අදහස් දානකොට ගොඩක් පරෙස්සම් වෙලා. පව් පුරවා ගනීදෝ කියලා බයටද කොහෙද? අද වගේම හැම දවසෙම වැදගත් කියලා හිතන්න.හැම වෙලාවක්ම සුබ වේලාවන් කියලා හිතන්න.හොඳ දේ පමණක් කතාකරන්න.අනුන්ගේ අඩුපාඩු කතා කිරීමෙන් වළකින්න.ග්‍රෑම් 70ක් බරැති දිවට කිලෝග්‍රෑම් 70ක් බර ශරීරය අපායට තල්ලු කිරීමට ඉඩ නොදෙන්න. (නි)
දිනපතා බුදුන් වැඳලා අපේ රට සියලු උපද්‍රව වලින් ආරක්ෂා වෙලා , රටට යහපතක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන, රටට ආදරය කරන ජනතාවක් සිටින අපේ රටට යහපතක්ම වේවා!!!! ලෝක ධර්මතාවය වෙනස් කරන්න අපි කාටවත් බැහැ.හැම කෙනෙක්ම කළ හොඳ නරක ගෙන යයි ...... (නි)
මොහු පැමිණියේ ජෝන් කෙරී හමුවෙන්නලු.ස්වභාව ධර්මය මහුගේ කටහඬ සුළුවෙන් නිහඬ කර ඇත.කෙසේවුවත් ඔබට සුවය පතමි. වෛරයෙන් වෛරය සන්සිඳෙන්නේ නැත. (නි)
මිල කල නොහැකි අගනා ජිවිතයක්.මෙතුමා ශ්‍රී ලංකාව වෙනුවෙන් කර තියෙන මෙහෙවර අපිරිමිතයි. අභීතව කොටි ත්‍රස්තවාදීන්ට විරුද්ධව හඩ නඟා ඔවුන්ගේ කෘරකම් වලට විරුද්ධව රටත් ලොවත් අවදිකළ මේ උතුම් මනුෂ්‍ය රත්නයට තිස්වසරක් ශාපකාරී යුද්ධයෙන් බැට කෑ සියලු ජනතාවගේ ආශිර්වාදය නොඅඩුව හිමිවෙනවා! (නි)
මේක බුදුන් වැඩිය රට. (නි)
වෛරයෙන් රෛය සන්සිඳෙන්නේ නැත මිනිසුනි (නි)
මේ රට අමුතු එකක්. ස්වභාව ධර්මයාත් මේක රකිනවා.... (නි)
වෙසක් දිනය නිසා නරක දෙයක් ලිවීමෙන් වැළකී සිටිමි (නි)
අසනීප ඕනෑ කෙනෙකුට හැදෙනවා. මේ දිහා වපර ඇසින් බලන්න එපා (නි)
අනේ දෙවියනේ! (නි)
ඔහුට දේව රැකවරණයි (නි)
ඒ කාලේ අපිට හොඳට මතකයි (නි)
දෙවි පිහිටයි ඔබට! (නි)
දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔබ සමඟ වේවා! (නි)
දේව පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා! (නි)
කරදරයක් නොවේවා! (නි)
ඉක්මන් සුවය පතමි (නි)
හදිසියේම මොකද වුණේ? (නි)
මෙතුමාට ඉක්මන් සුවය පතනවා! (නි)
යසිරු කියන දේ ඇත්ත (නි)
ඒක තමයි කියන්නේ, සිතු දේ නොමවෙයි නොසිතු දෙයක් වෙයි කියලා (නි)
කර්මය ගැන ලියන්න ගොඩක් දේ ඇත. නමුත් මෙතන ඒවා සඳහන් කිරීමට අපහසු නිසා නොලියමි. (නි)
මට කියන්න තියෙන්නෙත් සමන්,ප්‍රසන්න,ගගන,සදුන් යන මහතුන් කියපු දෙයම තමයි. (නි)
හිමිපාණන්ට ඉක්මන් සුව පතමු! (නි)
ඉක්මන් සුවය පතමි. ලෙඩදුක් අපි කාටත් උරුමයි. (නි)
මෙතූමා ගැන මෙහි සඳහන් කර කාලය නාස්ති කිරීම අපරාධයකි. මෙතුමා ඔවුන්ගේ ජාතිය වෙනුවෙන් අනුපමේය මෙහෙවරක් කළ අයෙකි. ඉදිරියටද එසේමය. ශ්‍රී ලාංකික අපිට මොනවා වුණත්, මෙතුමාට ඉක්මන් සුව පතමි. (නි)
දෙවියන් වහන්සේට සියල්ල තීරණය කළහැකිය (නි)
කෙසේවෙතත් මේ වෙසක් දිනයේ උන්වහන්සේ සුවපත් වේවායි පතමු. (නි)
ස්වාව ධර්මයා සොයාබලා කටයුතු කරයි. (නි)
මේක බුදුන් වැඩිය රට වෙන්න පුළුවන්. අන්න ලන්ඩන් වල ,රෝමේ ,පැරිසියේ වෙසක් සමරනවා. අන්න ඒකයි කතෝලික මිනිස්සු අනිත් අයට වඩා වෙනස් කියන්නේ (නි)
චිරාත් කාලයක් ආයුරාරෝග්‍ය සම්පන්නව තව තව රටට සේවය කරන්නට ඉඩ ලබාදෙන්නට දෙවියන්ට පොල් ගසා කන්නලව් කරමු. (නි)
ඉක්මන් සුව පතමු ...! (නි)
පිවිතුරු යහපාලයන්ගේ පණිවුඩය අර්ථාන්විතව ලියා ඇති බව සඳහන් කරනු කැමැත්තෙමි. (නි)
."අස්වැන්න යැයි අපිට ලැබෙන්නේ අපම වැපිරූදේය". බුදු වදන එසේය. නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි ! (නි)
ගොනුන් පසුපස ඇදෙන කරත්තය මෙන්, තමා කළ කර්ම තමා පසුපස පැමිණේ (නි)
කොටින්ගෙන් රට බේරාගත් අභීත නායකයාණෙනි!! ඔබතුමාට අපට ප්‍රජාතන්ත්‍රවාදය උදාකරදුන් ජෝන් කෙරී උතුමාණන් මුණගැසෙන්න වාසනාව ලැබේවා! (නි)