අධිකරණයට අපහාස කිරීම සම්පුර්ණයෙන් ම නතර කරන ලෙසත් මන්නාරම මහේස්ත්‍රාත්ට එරෙහිව සිදුකරන දේශපාලන බලපෑම් නවතා දමන ලෙසත් ඉල්ලමින් වවුනියාව, කිලිනොච්චිය, මුලතිව්, යාපනය සහ මන්නාරම නීතිඥවරු මන්නාරම දිසා අධිකරණය ඉදිරිපිට අද පෙරවුරුවේ උද්ඝෝෂණයක් පැවැත්වූහ. අපහාස කිරීම නතර නොකළහොත් විරෝධතාව දිගටම සිදු කරන බව ඔවුහු කියති. මෙම උද්ඝෝෂණය නිසා වවුනියාව, කිලිනොච්චිය, මුලතිව්, යාපනය සහ මන්නාරම අධිකරණ කටයුතු අදත් අඩාල විය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිෂොප් ට කල දේ තමා පල දෙන්නේ (දී)
සියළු විනිසුරුවනුත්, නීතිඥයනුත් දේශපාලනයට යට නොවී සාධාරණ නීතියක් ජනතාව වෙනුවෙන් ඉටු කළ යුතුයි. එසේ කරන්නන් හට ජය වේවා! (නි)
අපේ රටට නිදහස ලැබෙන කොට හොඳ ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුණ. හොඳ පත්තර නිදහසක් තිබුණ. හොඳ ඡන්ද ක්‍රමයක් තිබුණ , නිදහස් අධ්‍යාපන ක්‍රමයක්/විශ්ව විද්‍යාල තිබුණ.අධිකරණයට ඉහලින් කිසිම කෙනෙකුට යන්න බැහැ.පොලිසි වල, උසාවි වල වැඩ වලට කවුරුවත් ඇඟිලි ගැහැව්වේ නැහැ. පිටින් කවුරුවත් අවේ නැහැ ඡන්දෙ හරියට තියෙනවද කියල බලන්න. කවුද මේවා නැති කර ගත්තේ? වෙන කවුරුවත් නොවේ. අපිම තමයි.දැන්වත් ටිකක් ඔලුව පාවිච්චි කලොත් නේද හොඳ? (දී)
හැම රටකම නීතියට අපහස කරන කාටවත් බැහැ (දී)
නීතියට අපහාස නොකරනු. (දී)
මෙයාලත් අර බස් කට්ටිය විදියමයි. ටික දවසකින් වර්ජනය ඉවරයි. නඩු නැතුව සල්ලි නෑ. නීතිය අයිති මෙයාල ට විතර ද? (නි)
අත්අඩංගුවට නොගන්නට හේතුව කුමක්ද? (නි)
2005දී අධිකරණයට අපහාස කරපු කෙනෙකුට දුන්න දඩුවම මේ පුද්ගලයාටත් දුන්නා නම් හරි නේද (නි)
නීතිය පොඩිමිනිහට විතරද අමතිවරු අත්අඩංගුවට ගන්න නීතිය මොකක්ද (දී)
හේවගේ කෝ................ (ස)
කොහොමද අර දේශපාලකයාගේ තරම ? (දී)
මේ වෙලාවේ රජය ආදර්ශයක් දෙමින් පරීක්ෂණ අවසන්වනවතුරු චෝදනා ලබන ඇමතිව අයින් කළ යුතුයි. (ස)
සියළුම ජනතාවගේ අනාගතය අනතුරේ......(ස)