අජන්ත කුමාර අගලකඩ
මිනින්දෝරු වර්ජනය සංවර්ධන කටයුතුවලට දැඩි ලෙස බලපා ඇති බව ඇමැතිවරුන් ගණනාවක් අද (20) පැවති කැබිනට් රැස්වීමේ දී ප්රකාශ කර ඇතැයි වාර්තාවේ.
මහාමාර්ග සංවර්ධනය,මහ නගර සංවර්ධනය ආදි සංවර්ධන කටයුතු රැසක් මේ නිසා නතර කරන්නට පවා සිදුව ඇතැයි ඇමැතිවරුන් පෙන්වා දී ඇති බව දැනගන්නට තිබේ.
සංවර්ධන කටයුතුවලදී මෙය බරපතල අර්බුදයක් වී ඇති බැවින් මිනින්දෝරු වර්ජනය විසඳීමට වහා මැදිහත්විය යුතු යැයි ද ඇමැතිවරන් එහිදී පෙන්වා දී ඇති බව වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ මැනුම් කටයුතු ඇමරිකාවට භාරදීමට විරුද්ධව මිනින්දෝරුවෝ විතරක් නෙමේ අපි හැමෝම පාරට බහින්න ඕනේ. මොකද ඇමෙරිකාව අපිට ආදාර දීලා අපේ රට මන්නන්න හදන්නේ අපේ මිනින්දොරුවන්ට ඒක කරන්න බැරී නිසාවත්, අපිට ඇති ආදරේ නිසාවත් නෙමේ.
ඕවත් ඇමරිකාවෙන්ම දාල කරල, ඇමති මණ්ඩලේටත් ඇමරිකාවෙන් ගේමු.
පිස්සුද? අපේ දේශපාලකයන්ගේ සංවර්දනයට කිසිම බාදාවක් නැහැ.
බාධාවක් වෙන්න තරම් සංවර්ධනයක් වෙනවාද.?
දැන් එතකොට මේ වර්ජනය නොකර හිටපු පහුගිය දවස් ටිකේ සංවර්ධනය ඕසෙට වෙන්න ඇති නේද ඇමතිවරුනි.
මේ ඇමතිවරුන්ට රටට මොනවා වුනත් ප්රශ්නයක් නැත. මේ කරන්නේ ලොකු විනාශයක් බව ජනතාව තේරුම් ගත යුතුය.
ඉන්දියාවෙන් ගේන්න. අඩු පඩියට ඕනෑතරම් ඉන්නවා.