විනිල් මැණික් අධිපති ඩබ්ලිව් විණිල් මහතාගේ දියණියගේ විවාහ මංගලෝත්සවය කොළඹ ප්‍රසිද්ධ හෝටලයක දී පැවැත්විණි.

එහි දී මනාලයාගේ පාර්ශ්වයෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ද, මනාලියගේ පාර්ශ්වයෙන් වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන ද සාක්ෂිකරුවන් ලෙස අත්සත් තැබූහ.

ඉන් අනතුරුව දෙදෙනාම එක්ව සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය. ඡායාරූපයට පෙනී සිටීමෙන් පසු වෙනත් කටයුතු ඇති බැවින් වත්මන් ජනපති පිටව ගිය ද හිටපු ජනපති මද වේලාවක් උත්සවයේ රැඳී සිටියේය.

විවාහ මංගලෝත්සවයේ දී හිටපු ජනපති හා වත්මන් ජනපති කතා බහ නොකළ බව ද කියති.

හිටපු ජනපති සමඟ ‘සෙල්ෆි‘ ගැනීමට ද සමහරු පොරකෑහ.

tghkgf

FB_IMG_1434704747870

(ඡායාරූප හා වීඩියෝ ෆේස්බුක් වෙතිනි)