මුන්දලම දිසා රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයා වහාම ස්ථාන මාරු කරන ලෙස ඉල්ලමින් එම රෝහලේ වෛද්‍යවරු ඇතුළු සෙසු කාර්ය මණ්ඩලය වර්ජනයක් ආරම්භ කර ඇත.
මුන්දලම දිසා රෝහල තුළ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා ඇතුළු වෛද්‍යවරුන් 05 ක් හා හෙදියන් 09 දෙනකු සේවය කරති.
අද (19) පෙරවරුවේ සේවයට වාර්තා කළ වෛද්‍යවරු සහ සෙසු කාර්ය මණ්ඩලය රාජකාරි කටයුතු වලින් ඉවත් වී රෝහල ඉදිරිපිට විරෝධතාවයකද නිරත වූහ.
ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා පරුෂ වචනයෙන් අමතන බවටද රෝහල් සේවකයෝ චෝදනා කරති.
ප්‍රතිකාර සදහා පැමිනෙන තමන්ට ප්‍රධාන වෛද්‍යවරුයාගේ පුද්ගලික බෙහෙත් ශාලාවට පැමිණෙන ලෙස බල කරන බව විරෝධතාවයට එක්වී සිටි ගමවැසියෙකු සදහන් කළේය.
වර්ජනය හේතුවෙන් රෝගීහු දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි කියති.
මුන්දලම දිසා රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ජේ.අයි.යාපා මහතාගෙන් අප මේ සම්බන්ධයෙන් විමසු විට ඔහු අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුකුත්තෙරුකම් නොඉවසන කොන්දක් තියෙන ඔබ සැමගැන ලාංකිකයෙක් වශයෙන් මට ඇතිවෙන්නේ අභිමානයක්. මේවයින් අපිත් පාඩම් ඉගෙන ගත යුතුයි. (අ)
වහාම මාරුකර වෙන කෙනෙකු පත් කළ යුතුයි (නදී)