(සුජිත් හේවාජුලිගේ)
ඉන්ධන සොයාගත නොහැකිවීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පනහකට වැඩි පිරිසක්ද විවිධ අවශ්‍යතා සඳහා කොළඹට පැමිණීමට නොහැකිව සිය ගම්බිම්වල කොටුවී සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ.
මින් වැඩි පිරිසක් උතුරු නැගෙනහිර ප්‍රදේශවල මන්ත්‍රීවරු වෙති.
මේ තත්වය හේතුවෙන් සමහර මන්ත්‍රීවරුන් පසුගිය දිනවල පාර්ලිමේන්තුවට පැමිණියේද හිතවතුන්ගේ වාහනවලින් සහ බස්රථ හා දුම්රිය වැනි පොදු ප්‍රවාහන මාර්ගවලිනි.
තවත් සමහර මන්ත්‍රීවරුන් ඉන්ධන ඉතිරි කර ගැනීමේ පියවරක් ලෙස සහභාගි වූයේ පාර්ලිමේන්තුවේ එක රැස්වීමකට පමණි.
එසේම ඉන්ධන ප්‍රශ්නය හේතුවෙන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල මන්ත්‍රීවරුන් පසුගිය දිනවල පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි වූයේද ඉතා අඩු වශයෙනි. පාර්ලිමේන්තු සභාගර්භයේ මන්ත්‍රීවරුන්ගේ සැලකිය යුතු අඩුවක් මෙනිසා අපට දැකගත හැකිවිය.
ප්‍රවාහන මාධ්‍යයක් ලෙස දැන් බොහෝ දෙනා පාපැදි යොදා ගත්තත් ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න පවතින හෙයින් පාපැදියෙන් ගමන් කිරීමට හැකියාවක් නැතැයි මන්ත්‍රීවරු කිහිප දෙනෙක් ලංකාදීපයට පැවසූහ.
ඈත දුර බැහැර ප්‍රදේශවල සිට කොළඹට එක් වාරයක් පැමිණීමට ඉන්ධන මිල ඉහළ යෑම හේතුවෙන් රුපියල් පනස් දහසකට වැඩි මුදලක් වැය වන බවත් එම අධික ඉන්ධන මිල තමන්ගේ ආර්ථිකයට දැන් දරාගත නොහැකි බවත් ඔවුහු පෙන්වා දෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියලවත් කරගන්න බැරි වැඩක් . ඉතිරි අයගෙත් තෙල් ටික ඉවර කරන්නකො. සක්කිලි මඩුවක් කරලා තියන උත්තරිතරයි කියන තැනට යන වියදම සම්පුර්යෙන්ම ඉතුරුයි. දවසට කෝටි 9, මාසෙට කෝටි 270යි, අවුරුද්දට කෝටි3276. කොහොමද ඉතිරිය?
උන්නම් මැරිලම යන්න ඕන . !!!
ඉතාම යහපති. ඔවුන්ට පොදු ප්‍රවාහන සේවාවල ගුණ අගුණ බලාගන්නත් එක්ක එහෙම වෙන්න ඕනෑ.. කළින් දවසේ බස්, කෝච්චියෙන් ඇවිල්ලා අර නිලනිවසේ නැවතිලා පහුවදාට පාර්ලිමේන්තුවට පොඩි වෝක් එකක් දාන්න විතරයිනේ තියෙන්නේ. මහජන සේවය නම් ඒ විදිහට තියෙන්න ඕනෑ. මෙතන සුපිරි සැප සහ සුපිරි ආදායම් භුක්ති විඳින්න බලන් ඉන්නේ නැතිව.
එහෙම්ම ඉන්න අරින්න... පව්කාර රැළ..!
මම දවසක් තරුණයෙක්ගෙන් ඇහුවා දැන් විදුලිය බිල් එවන්නේ නැහැ කියනවා නේද කියලා? මිනිහා කියනවා ජේආර් ගේ විවෘත ආර්ථිකය නිසා දැන් කඩදාසි ගෙන්වන්න ක්‍රමයක් නැතිනිසා බිල් එවන්න ක්‍රමයක් නැහැ කියනවා කියලා. ජේ.ආර් පළාත් සභා ඇතිකර රට අගාධයකට යොමුකළ බව සත්‍යයක් රටේ සමහර කර්මාන්ත වැසුණු එකත් සත්‍යයක්... නමුත් ප්‍රශ්නය ගෝඨාභය රජවෙනතුරු ප්‍රශ්නයක් නොවුණු විවෘත ආර්ථිකය ජේ.ආර් මියගොස් අවුරුදු විසිගණනක් ගෙවිලා තිබියදී කඩදාසි ප්‍රශ්නය ඇතිවුණේ කොහොමද කියලයි. මෙහෙම අදහස් තියෙන මොට්ටයින් සිටිනතුරු මේ රට නම් හදනවා බොරු..!
එලොවටත්, මෙලොවටත් වැඩක් නැති දේශපාලුවන්..., ජනතා මුදල් කාබාසිනියා කරන දූෂිතයින්...
ඔච්චර දුක් විඳලා පාර්ලිමේන්තු ඇවිත් ජනතාවට සේවාවක් කරනවාට වඩා ඉල්ලා අස් වුණා නම් හරිනේ.. ඒත් අයින් වෙන්නෙත් නෑනේ...
මාසික පඩිය රු 60,000..! විදුලිය..පෙට්‍රල්.. ෆෝන් දීමනා රු 60,000 හා ආරක්‍ෂක බොඩිගාඩ් දෙන්නාට මාසික ගෙවීම රු 80,000 ...! පාර්ලිමේන්තුවේ මූණ පෙන්වන හැම වාරයකම දීමනාව රු 3000... අමතරව ඒ තුළ කෑමබීම්, දීමනා..! රට දියවෙන්න ආව අය..!!