(ආරියරත්න රණබාහු)
බැඳුම්කර කොමිසමේ දී හෙළි වු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දුරකථන ඇමතුම් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධ කිරිමෙන් ඔවුන්ගේ වරප්‍රසාද කඩවී ඇත්දැයි සොයා බැලීමට එම කරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද කමිටුවට යොමු කිරිමට තීරණය කළ බව කතානායක කරු ජයසුරිය මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ඊට අමතරව ඉදිරි දින කිහිපයේ දී ඒ පිළිබඳව පක්ෂ නායක රැස්වීමේ දී සාකච්ඡා කිරිමට බලාපොරොත්තු වන බව කතානායකවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරප්‍රසාද නෙවෙයි දෙන්න ඕනේ ඔය දේශපාලකයන්ට
ඒත් වරප්‍රසාද වලට මුවාවී ජනතා සුභසෙතට පටහැනි දේ කලහැකිද.
රටේ පුරවැසියන්ගේ වරප්‍රසාද සැමවිටම කඩවන බව අප සැවොම දන්නා ප්‍රසිද්ධ රහසකි. ඒ පිලිබදව සොයා බැලීමට කිසිවකු නොමැත.
මන්ත්‍රීලා කඩකරන්නේ අපේ වරප්‍රසාදනේ?
ඒ අය ඇති තරම් වරප්‍රසාද ලබාගන්නා අතරතුර මහජනතාව වන අපගේ වරප්‍රසාද සමස්ත ලෙස අහිමි වී ඇත.
මන්ත්‍රී වරප්‍රසාද කඩ වුනාද බලන්න නෙවේ, හොර මන්ත්රීවරුනට දඩුවම් දෙන්න යාන්ත්‍රණයක් හදන්න. කතානායක කරන්න ඕන ඒක.
පිරිසිදු දේශපාලනයක් කරනවානම් මොකද බය වෙලා.
මේක හරි කෙළියක්නෙ කරන ජරා වැඩ හැමඑකක්ම වගේ කරන්නේ ඔය වරප්‍රසාද කියන ආවරණයට මුවාවෙලා තමයි. දීකිරි වලට බළලුත් සාක්ෂි කීවළු.
මන්ත්‍රිවරුන් කියන්නේ නීතියට අනුගත නොවන විශේෂ ජන කොට්ඨාශයක් ද? ලංකාවේ මැති ඇමතිවරුන්ට ජනාදිධිපතිට තිබෙන වරප්‍රසාද හා මුක්තිය ඉහටත් උඩින්. ඒවා අඩු කළ යුතුයි.
හොරකම්, මිනීමැරුම්, දුෂණ අපරාධ වලදී, අදාළ නීති අංශ ඊට අදාළ තොරතුරු සාක්ෂි රැස් කිරීම සඳහා අධිකරණ නියෝග මගින් දුරකථන විශ්ලේෂණ වාර්තා ලබා ගැනීම සාමාන්‍ය දෙයක්. ඒ ක්‍රියා පිළිවෙත එම අපරාධ හෙළිදරවු කර ගැනීමට මනා පිටුවහලක් වෙනවා. ඉතින් පාරිමේන්තු මන්ත්‍රීවරු අපරාධ වලට සම්බන්ධ වෙනකොට ඒවා හෙළිදරවු කරගන්න දුරකථන වාරතා ලබා ගැනීම වරදක්ද..? එතකොට රටේ අපරාධ සිද්ධ කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රටේ නීතිය යටත් නැත්ද..?
මේ අයගේ වරප්‍රසාද වෙනුවෙන් කිසිම පැකිලීමක් නෑ.. කතානායකයා යනු රටේ මධ්‍යස්ථ කෙනෙකු විය යුතුයි. පාර්ලිමේන්තුව යනු හිරිකිතම පුද්ගලින් සිටින තැනක්... මෙතනට නවක පිරිසක් අවශ්‍යයි. මේ වෙනුවෙන් රටේ කතිකාවක් වහා ඇති කල යුතුයි. දේශපාලන විචාරකයිනි, මෙය ඔබේ වගකීමකි...