(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩී බී හේරත් සහ සුමිත් උඩුකුඹුර මන්ත්‍රීවරුන්ගේ වාරියපොල සහ ගොකරැල්ල පිහිටි නිවාසවලට සහ කාර්යාලවලට පහර දී ගිනි තබා අලාභහානි කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් පස්දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය.

ඉකුත් මැයි 9 වැනි දින මෙම පහරදීම සිදුකර තිබිණි.

කුරුණෑගල කොට්ඨාසයේ කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන් සිදුකළ විමර්ශනවලදී අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 19,27,29,36හා 55 අතර පසුවන මැල්සිරිපුර හා මලගනේ පදිංචිකරුවන්ය.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා වාරියපොල කුරුණෑගල පොලීසිය වෙත භාරදී ඇත.