හිටපු මහ බැංකු අධිපතිට එරෙහිව උසාවි නියෝගය නොතකා කොළඹ රීගල් සිනමාහල අසල සිට කොටුව දක්වා පාගමනින් ගිය බව කියන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් අට දෙනකුට එරෙහිව කථානායකවරයා මගින් නොතීසි නිකුත් කරන්නැයි පොලිසිය කළ ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (1) ප්‍රතික්ෂේප කළාය.
එදින විරෝධතා පාගමනේ යෙදීම වළක්වමින් කොළඹ කොටුව උසාවියෙන් ලබාදී තිබූ උසාවි නියෝගය අදාළ මන්ත්‍රීවරුන්ට නිසි පරිදි ලබා නොදීමත් ශබ්ද විකාශන යන්ත්‍ර මගින් පමණක් උසාවි නියෝගය දැනුම්දීමත් හේතුවෙන් අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ උසාවිය එම මන්ත්‍රීවරුනට නොතීසි ලබාදුන් බවට ප්‍රසිද්ධ කළ ජනමාධ්‍ය ආයතන වෙතද එය නිවැරදි කරන ලෙස දන්වා ලිපි නිකුත් කරන්නැයි අධිකරණ ලේකම්ට නියෝග කළේය.
එම මන්ත්‍රීවරුන් වරදක් කර ඇත්නම් ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන ලෙසද උසාවිය පොලිසියට නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් කියලත් හිතෙනවා මේ යහපලානේ වැඩ වලට.(රේ)
මෙන්න අධිකරණයේ ස්වාධීනත්වය බලාගන්න. (ර)
අකුරට නිතිය ක්‍රියත්මක වීම ගැන සියලු දෙනාටම ආචාරය පුද කරමි... (ර)
පාලකයෝ දැනගන්න ඕන කුජිදු නොවී ඉන්නේ කොහොමද කියල. නිතරම හැම එකකටම බාල්දි පෙරලන්න ගියාම කවුරුවත් ගණන් ගන්නේ නැහැ. මොකක්ද මේ හැම එකකටම උසාවි ගානේ යන්නේ. (අ)
ඇසළ, පව් කියලා හිතන්න එපා. දැන් සතුටු වන්න රටේ යම්කිසි නීතියක් තියෙන නිසා. කලින් තිබුන තත්වේ ඔයත් මමත් දන්නවනේ. (ර)
හැබැයි මේ නීතිගරුක වටපිටාවෙන් යුතු ප්‍රයෝජන ගන්න එපා යැයි ඒකාබද්ද විපක්ෂයෙන් ඉල්ලා සිටිනවා. (හේ)