2013 ගතවූ දින 115 දී පුද්ගලයන් 197 දෙනකු මරා දමා ඇතැයි පොලීසිය කියයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා පවසන්නේ ගැටුම් 185 දී මේ පිරිස මරා දමා ඇති බවයි. 2012 මුල් මාස තුනේදී ගැටුම් 219 දී ඝාතනය වූ සංඛ්‍යාව 265 කි. ඒ අනුව මේ වසරේදී මිනීමැරුම් ප්‍රමාණය සියයට 24 න් අඩුවී ඇත.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මිනී මැරුම් අඩුවෙලා
ගිම්හානි Friday, 26 April 2013 12:19 PM
අනේ ! හරිම සතුටුයි නේද? (නි)
උදය Thursday, 25 April 2013 11:15 PM
එක වෙන්න ඇති දුමින්දට එහෙම ඇප දුන්නේ.(නදී)
රූපවතී Friday, 26 April 2013 01:04 PM
මේවට පිළිතුරු දමන්න තියා, කියවන්නත් ලැජ්ජයි අපිට. රටට වෙලා තියන දේ ගැන හරිම දුකයි. මේ මගේ රට ශ්‍රී ලංකාව කියලා බය නැතුව කට ඇරලා කියන්න පුළුවන් විදියට තමන්ගේ රටේ හොද පැවැත්මක්, සදාචාරයක් ,නීතියක් ,ඇතිකරගෙන ඉන්න ඕනෑ (නි)
මිනිපේ Friday, 26 April 2013 03:40 AM
අපි ඇමෙරිකාව ගැන ඉතාම අප්‍රසාදයෙන් කතා කරනවා. බලපල්ලකො අපේ ධර්මදිපය! (නි)
බන්දුල Friday, 26 April 2013 04:06 AM
මම නම් හිතන්නේ මේ ප්‍රමාණය ඕනෑවටත් වැඩියි ලෝක වාර්තාවකට. දැනට ලෝකයේ දිනකට වැඩිම මිනීමැරුම් ගණනක් සිදුවෙන එකම ධර්මදීපය ශ්‍රී ලංකාව වෙන්න ඇති. මේ අපරාධ වලට වගකියන්නේ කව්ද...? (නි)
පෙරේරා Friday, 26 April 2013 06:57 AM
බන්දුල, මේ වගේ දේවල් වලට වග කියන්න ඕනෑ දූෂිතයන්ට, මැරයන්ට ඡන්දෙ දීලා නායකයන් ලෙස පත් කරගන්න අපේ රටේම ඉන්න අය තමයි. (නි)
ශාන්ති Friday, 26 April 2013 02:39 PM
මම දන්නවා හේතුව කියන්නේ නැහැ (දී)
වරුණ Friday, 26 April 2013 08:02 AM
මිනිස්සු මරාගන්න එක නවත්තන කටයුතු කරනවා වෙනුවට කරන්නේ ගනන් හිලව් පෙන්නන එක. ලැජ්ජා නැතුව මේවා කියවනවනේ.(නදී)
උපුල් Thursday, 25 April 2013 06:59 PM
හරි ලොකු දෙයක් වගේ.(නදී)
සීල Thursday, 25 April 2013 07:16 PM
ඒ කියන්නේ දල වශයෙන් දවසකට එක්කෙනෙක්ට වඩා මැරුම් කනවා. අඩුවුනාට තවම වැඩියි.(නදී)
යොහාන් Thursday, 25 April 2013 07:37 PM
ආසියාවේ ආස්චර්ය.(නදී)
කිරින් Friday, 26 April 2013 10:16 AM
ඒ වුනත් මිනී මරුවෝ වැඩි වෙලා. මාර බල සේනාව දේශපාලන අනුග්‍රහය මත ශක්තිමත් වෙලා. සාමාන්‍ය මිනිස්සු රජය විසින්ම බාගෙට මරලා. තවත් මරන්න දෙයක් ඉතුරුවෙලා නැහැ.(නදී)
චන්ද්‍රා-ඇමරිකාව Thursday, 25 April 2013 08:04 PM
මේ හැමදේම වැඩිවෙන කාලයේ මේක විතරක් අඩු මොකද? (නදී)
ගාමිණී Thursday, 25 April 2013 08:35 PM
රට හදන වාට වඩා රටේ විනයක් ඇති කිරීම ජනාධිපති තුමාගෙත් , ආරක්ෂක ලේකම් තුමා ගෙත් වගකීමත් . රට ඉතාමත් ව්‍යාකූලයි.(නදී)
දසුන් Thursday, 25 April 2013 09:11 PM
මේ පොලිසිය නිසා මැරුණු අයත් එක්කද, නැතුවද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
ෂෙරිෆ් Thursday, 25 April 2013 09:15 PM
වසර අවසානය වෙනකොට වාර්තාව බිඳ දැමිය හැකිවේවි, අනිත් අපරාධ ගැන වර්තාවක් ගන්න අමතකවෙලා වගේ, මංකොල්ල කෑම්, දුෂණ... (නදී)