2013 ගතවූ දින 115 දී පුද්ගලයන් 197 දෙනකු මරා දමා ඇතැයි පොලීසිය කියයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා පවසන්නේ ගැටුම් 185 දී මේ පිරිස මරා දමා ඇති බවයි. 2012 මුල් මාස තුනේදී ගැටුම් 219 දී ඝාතනය වූ සංඛ්‍යාව 265 කි. ඒ අනුව මේ වසරේදී මිනීමැරුම් ප්‍රමාණය සියයට 24 න් අඩුවී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ! හරිම සතුටුයි නේද? (නි)
එක වෙන්න ඇති දුමින්දට එහෙම ඇප දුන්නේ.(නදී)
මේවට පිළිතුරු දමන්න තියා, කියවන්නත් ලැජ්ජයි අපිට. රටට වෙලා තියන දේ ගැන හරිම දුකයි. මේ මගේ රට ශ්‍රී ලංකාව කියලා බය නැතුව කට ඇරලා කියන්න පුළුවන් විදියට තමන්ගේ රටේ හොද පැවැත්මක්, සදාචාරයක් ,නීතියක් ,ඇතිකරගෙන ඉන්න ඕනෑ (නි)
අපි ඇමෙරිකාව ගැන ඉතාම අප්‍රසාදයෙන් කතා කරනවා. බලපල්ලකො අපේ ධර්මදිපය! (නි)
මම නම් හිතන්නේ මේ ප්‍රමාණය ඕනෑවටත් වැඩියි ලෝක වාර්තාවකට. දැනට ලෝකයේ දිනකට වැඩිම මිනීමැරුම් ගණනක් සිදුවෙන එකම ධර්මදීපය ශ්‍රී ලංකාව වෙන්න ඇති. මේ අපරාධ වලට වගකියන්නේ කව්ද...? (නි)
බන්දුල, මේ වගේ දේවල් වලට වග කියන්න ඕනෑ දූෂිතයන්ට, මැරයන්ට ඡන්දෙ දීලා නායකයන් ලෙස පත් කරගන්න අපේ රටේම ඉන්න අය තමයි. (නි)
මම දන්නවා හේතුව කියන්නේ නැහැ (දී)
මිනිස්සු මරාගන්න එක නවත්තන කටයුතු කරනවා වෙනුවට කරන්නේ ගනන් හිලව් පෙන්නන එක. ලැජ්ජා නැතුව මේවා කියවනවනේ.(නදී)
හරි ලොකු දෙයක් වගේ.(නදී)
ඒ කියන්නේ දල වශයෙන් දවසකට එක්කෙනෙක්ට වඩා මැරුම් කනවා. අඩුවුනාට තවම වැඩියි.(නදී)
ආසියාවේ ආස්චර්ය.(නදී)
ඒ වුනත් මිනී මරුවෝ වැඩි වෙලා. මාර බල සේනාව දේශපාලන අනුග්‍රහය මත ශක්තිමත් වෙලා. සාමාන්‍ය මිනිස්සු රජය විසින්ම බාගෙට මරලා. තවත් මරන්න දෙයක් ඉතුරුවෙලා නැහැ.(නදී)
මේ හැමදේම වැඩිවෙන කාලයේ මේක විතරක් අඩු මොකද? (නදී)
රට හදන වාට වඩා රටේ විනයක් ඇති කිරීම ජනාධිපති තුමාගෙත් , ආරක්ෂක ලේකම් තුමා ගෙත් වගකීමත් . රට ඉතාමත් ව්‍යාකූලයි.(නදී)
මේ පොලිසිය නිසා මැරුණු අයත් එක්කද, නැතුවද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
වසර අවසානය වෙනකොට වාර්තාව බිඳ දැමිය හැකිවේවි, අනිත් අපරාධ ගැන වර්තාවක් ගන්න අමතකවෙලා වගේ, මංකොල්ල කෑම්, දුෂණ... (නදී)