ප්ලාස්ටික් කූඩ අනිවාර්ය කරීමත් සමග කොළඹ මැනිං වෙළෙඳ පොළ ද අද පාළුවට ගියේය. වෙන දා ලොරි 100- 150 එහි එන නමුත් අද ලොරි පහකට හයකට වඩා දක්නට නොලැබිණි.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පේනවා නේද මිනිස්සුන්ට කන්න දෙන එළවලු බිම දාල තියෙන හැටි. ඒ නිසා කවුරු විරුද්ධ වුණත් මේ නීතිය ක්‍රියාත්මක කරන්න ඕනා. නීති නැතිව රටක් දියුණු කරන්න බෑ
එළවලු ටික තැලෙන්නෙ පොඩිවෙන්නෙ නැතිව පාරිභෝගිකයන්ට ලැබෙන හොද වැඩක් මේක. ඒත් මේ වියදම් අහිංසක ගොවියෝ කොහොමද දරාගන්නේ? ඒ නිසා ආණ්ඩුව කරන්න ඕනෑ සහන මිලකට මේ ප්ලාස්ටික් කූඩ ටික දෙන එකනෙ
මේ නීතිය කොහොම හරි ක්‍රියාත්මක කල යුතුයි. උරවල එළවලු ගෙනවාම 50% ක් විතර අහක යනවා. එත් ප්ලාස්ටික් කූඩ ගන්න එයාලට සහනයක් දිය යුතුයි.
අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරන්න ඕන වැඩක්
මේ වගේ නීති බලෙන් වෙළෙන්දන්ට සහ ගොවියන්ට පටවන්න බෑ. හැමෝම දැනුවත් කරලා, සාධාරණ ප්‍රශ්න වලට පිළිතුරක් සපයලා ක්‍රියාවේ යොදවන්න.
මේක රජය ගත් ඉතා හොද තීරණයක්. මොකද මේ වැඩෙන් අපි වගේ අහිංසක ගොවියන්ටත් හොද මිලක් ලැබෙනවා. ඒ වගේම පාරිභෝගිකයන්ටත් හොද එළවලු ලැබෙනවා. ඒක නිසා නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්න
මෙවැනි නීති එකපාරටම වෙළෙන්දන්ට දරා ගැනීමට අපහසුයි. ඒත් හොද නීතියක්. හැබැයි ප්‍රායෝගික නෑ. එළවලු මිළ අධික කාලේ මෙවැනි නීති දැඩිව ක්‍රියාත්මක කිරීම අසාධාරණයි..
කරන දේ කියන තරම් ලේසි නම් කොච්චර හොදද?
මම ඉන්නේ ස්කැනේඩියානු රටක ලංකාවේ එළවලු හරිම රසයි. මෙහෙත් කැරට් තියෙනවා ඒ වුණාට ලංකාවේ අල, කැරට් තරම් රස නෑ. දිය රසයි. බෙහෙත් ගහපු නැති, පොඩි නොවිච්ච එළවලු දෙනවනම් තවත් හොදයි
මේක හොද ක්‍රමයක්. අපේ මිනිස්සුන්ට පළදායිතාවය ගැන තේරුම් කරන්න අමාරුයි. ඒත් කොහොම හරි මේක උගන්වන්න ඕනා
ඇමැති තුමාගේ වැඩේ හොදයි! ඒත් ගොවියන්ට මේක දරාගන්න බැරි පාටයි. තව සහනයක් දුන්නොත් නරකද?
අදහස හොද වුණත් දුප්පත් ගොවියන්ට කූඩ වලට වියදම් දරන්න අමාරුයි. කූඩ ටික අඩු මිලකට ලබා දීමට කටයුතු කළ යුතුයි.
මිනිස්සුන්ට අඩුවට එළවලු ටික ගන්න තිබුණේ මැනිං මාර්කට් එක විතරයි.
නීතිය හොදයි. ඒත් වටපිටාව හදලා නීතියක් ක්‍රියාත්මක කළ යුතුයි. එහෙම නොවුණොත් අසරණ වෙන්නේ පාරිභෝගික අපි.