මාධ්‍යවේදීන්ට ලබාදීමට නියමිත තීරු බදු රහිත යතුරුපැදි සඳුදා (8) සිට ඉල්ලුම්කිරීමට හැකි බවත් ඒ සඳහා පනවා තිබූ ඇතැම් කොන්දේසි ලිහිල් කළ බවත් ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
වලංගු රියදුරු බලපතක් තිබීම අත්‍යවශ්‍ය යැයි තිබූ කොන්දේසිය ඉවත් කළ බවත් ඉල්ලුම්පත් පිළිබඳ සියලු තොරතුරු මෙවර සති අන්ත පුවත්පත්වල පළ කරන බවත් අමාත්‍යවරයා කීවේය.
හෝමාගම දියගම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සතු ඉඩමේ මාධ්‍යවේදීන් සඳහා නිවාස 1500ක් පමණ කඩිනමින් සාදා නිමකරන බවත් ඒ සඳහා දෙස් විදෙස් ආයෝජකයන්ට ආරාධනා කරන බවත් ඇමැතිවරයා පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා! (නි)
නිවාස බෙදාදීමේදී රජයේ හෝ පුද්ගලික අංශයේ කියා නොබෙදා සියලු දෙනාට සමසේ සියල්ල සිදු විය යුතුයි. කඩේ යන්නන්ට විශේෂයක් නොකළ යුතුයි. (බ)
මෙයාලා මාධ්‍ය හසුරුවන්නේ තමන්ගේ බලය උදෙසාය.දොළ පිදේනි දීල අයුතු බලපෑම් කිරීමට ඒ.ජා.ප.ය හරි දක්ෂයි.ඉස්සර මෙයාල මාධ්‍ය දඩයම් කරපු අයනේ.(ම)
දොලපිදේනි දීමද හොඳ ? අතුරුදහන් කිරීමද හොඳ ? (ර)
ඉතා හොඳ වැඩක්. සුභ පතමි.! (ර)
මහින්ද රාජපක්ෂ මොන තත්ත්වයක් යටතේ හරි ලක්ෂ 12 ක් දුන්නා පොලි නැතිව කාරයක් ගන්න. ලක්ෂ 12 කට කාරයක් ගැනිම සිහිනයක් වුවත් එය අගේ කළ යුතුයි. දැන් දෙන්න යන යතුරැ පැදිය ඔර්ජිනල් ජපන් නම් ඒක කාටත් විවවේචනය කරන්න බැරි වේවි. සමහරෙක් කියාවි නිකම් දෙන අශ්වයාගේ දත් බලන්න එපා කියලා. (ර)