‘ජනමාධ්‍ය ඉතා වේගයෙන් නවීකරණය වෙනවා. වෙළඳපොළේ ඉල්ලුම තීරණය කරන සාධකයක් වෙළා. උගතුන් බිහිවුණාට වැඩක් නෑ, නිර්මාණශීලි මිනිස්සුයි අවශ්‍ය. නිදහස් අදහස් ප්‍රකාශ කළ හරි අපුරු මිනිස්සු අපිට හිටියා.‘ යැයි කැලණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයන අංශ ප්‍රධාන, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසීය.
ඒ මහතා එලෙස පැවසුවේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයීය ජනමාධ්‍ය දිනයට සහභාගී වෙමිනි.
විදුහල්පති ලාල් දිසානායක මහතාගේ උපදෙස් පරිදි පැවැත්වූ මාධ්‍ය දිනයට මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ද සහභාගී විය.
මාධ්‍ය දිනයට සමගාමීව පැවැත්වූ සමස්ත ලංකා පාසල් තරගාවලියේ වැඩිම ලකුණු හිමිකරගනිමින් ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය සම්මානය හිමි කර ගත්තේය.
(ග.හෙ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහාචාර්යතුමාගේ කතාව හරියටම හරි. මම හිතන්නේ නිර්මාණශීලි වීමත් සමගම නිර්භීතකමත් අවශ්‍යයි. මට හිතෙන්නෙ ලංකාවෙ දැන් නැත්තෙ එයයි, අයුක්තියට එරෙහිව සටන් වදින්න. අනිත් කරුණ නිර්මාණශීලී ලාංකිකයින් බොහොමයක් දැන් ඉන්නෙ පිට රට වල! (නි)
ලංකාදීපය අද පෙරමුණේ සිටින්නේ පාඨක අදහස් වලට මුල් තැනක් දී ලෝකය සමග එම අදහස් බෙදාහදා ගන්න නිසා. නවීණ තාක්ෂණයත් සමග ලංකාදීප පෙරමුණේ බව හැගී යනවා. සමහර මාධ්‍ය පාඨක අදහස් වලට කිසිම තැනක් දෙන්නෙ නැහැ. එයාලා කියන දේ විතරමයි. එතකොට වෙන්නේ එකතැන පල් වීම පමණයි. (නි)
මේ බව කිව්වට වැඩක් නැහැ. මාධ්‍ය මාෆියාවක් වීම නැති කරන්න බැරි වුණත් අඩු කරන්න හරි රජයට බලකරන්න ඕනෑ. (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. අද විශ්ව විද්‍යාල වල ඉන්න උගතුන්ගෙන් කීදෙනෙක් ඔය වගේ නිර්මාණයන් කර තියෙනවාද? (නි)
අපේ විද්වතුන්ගේ මගපෙන්වීම අවශ්‍යමයි, මාධ්‍ය කලාවට. ඒ මගපෙන්වීම නිර්මාණාත්මක කම සමග එක් වූ විට හොද නිර්මාණයක් අපට ලබා ගත හැක (දී)
ඒ කතාව ඇත්ත. උගතුන් බිහිවුණත් ඒ සියල්ලෝම බුද්ධිමතුන්වත්, නිර්මාණශීලීත්වයෙන් යුත් අයවත් වෙන්නෙ නැහැ. (නි)
ඕකට අපේ අධ්‍යාපන වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න වෙනවා. (නි)
ඔබතුමා කියූ දේ මම අනුමත කරනවා (දී)