ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන ලෙස ජාතික හෙළ උරුමය තමාට දැනුම් දී නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ කියති.
තමන් ස්වාධීන වීම ගැන පක්ෂයේ මතය තමාට දැනුම් දුන්නද මන්ත්‍රී ධුරයෙන් ඉවත්වන ලෙස නොකී බව සඳහන් කළ රතන හිමියෝ මේ අවස්ථාවේ රට ගැන සිතා කටයුතු කළ යුතු බව ද කීහ.
හෙළ උරුමය මාධ්‍ය හමුවක් කැඳවමින් පසුගියදා කීවේ ස්වාධීන වූ රතන හිමියන් මන්ත්‍රී ධුරයෙන්ද ඉවත් විය යුතු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරුතර හාමුදුරුවනේ, ඔබවහන්සේ රට, ජනතාව ගැන හිතලා කරපු සේවය මොකක්ද මෙච්චරකල්? (නි)
මෙයාලා නිවන වුණනත් අතහරියි මන්ත්‍රීකම වෙනුවෙන්... (නි)
ගලේ පැහැරූ බළලුන් වගේ දැන් (නි)
මේ වෙනකොට අපේ රටට සිදු වී ඇති විනාශයට 99% වග කියන්න ඕනෑ මේ රතන හිමියි. මොවුන් අප බුදුරජාණන් වහන්සේගේ සිවුරට මුවාවෙලා අහිංසක මහජනතාව නොමඟ යැවුවා. බුදුන්ගේ ධර්මය අනුව එය මෙලොවදී මෙන්ම පරලොවදීද අනිවාර්යයෙන් පටිසන් දෙනවා. (නි)
ලිඛිතවම කියන්න ඕනෑ ඇති (නි)
ඡන්දෙට කලින් ඡන්දදායකයන්ට වුණ පොරොන්දු ඉටුනොකරමින් ආණ්ඩුව වෙන පාරක යන නිසා සහ මහබැංකු මගඩිය වැනි දේවල් මෙම ආණ්ඩුව යටතේත් සිදුවිම නිසා රතන හිමි ස්වාධින වෙලා. නැතුව වරප්‍රසාද ගන්න නොවේ. රතන හිමි ඉල්ලා අස්වෙන්න උවමනාවක් නැහැ. පාර්ලිමේන්තුවේ ඉඳගෙන ආණ්ඩුව යහමඟට ගන්න. උසාවි ගියත් රතන හිමිගේ පාර්ලිමේන්තු ආසනය අහිමි කරන්න බැහැ. ලබන ඡන්දෙදි රතන හිමියෝ ස්වාධින කණ්ඩායමෙන් ඉල්ලුවත් පාර්ලිමේන්තු යනවා. ආණ්ඩුව ඡන්ද පොරොන්දු ඉටු කරන්න, හොරු අල්ලන්න, ජීවන බර අඩු කරන්න, මහබැංකු ප්රශ්නය විසඳන්න. එතකොට රතන හිමියෝ නැවත ආණ්ඩුවට ඒවි (නි)
හාමුදුරුවනේ, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන එකේ තේරුම මොකක්ද? (නි)
ආණ්ඩුව පත්කරගන්න දැඟලුවේ එකතුවෙන උදවිය ගැන නොදැනද? දැන් බොරුවට ස්වාධීන වෙනවා කියලා කිවුවට රටට කරපු අපරාධයට විපාක ගෙවන්නම වෙනවා (නි)
යුද්ධය දිනුනේ රතන හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන්. ඡන්ද දිනුවේ උන් වහන්සේ රජයෙන් ඉවත් වූ නිසා. අනාගත වෙනස්වීම්ද උන් වහන්සේ නිසා සිදුවේවි (නි)
අනේ රතන හිමි මොකුත්ම දන්නෙ නැහැනේ (නි)
රතන හිමියන්ට මුහුණටම ඕවා කියන්න ගියා නම් හොඳවයින් දෙකක් අහගන්න තිබුනා. රතන හිමියෝ අැමතිකම් ගන්න පැත්ත මාරුකරලා නොවේ, විරුද්ධ පක්ෂේටත් ගිහිල්ලා නොවේ ස්වාධින වෙලා (නි)
රත්න හාමුදුරුවනේ, කිවයුතු දේ බොහෝ ඇතත් බුද්ධ චීවරය නිසා කිසිත් නොකියමි. (නි)
බොරුවෙන් මිනිසුන් රවටන චිවරධාරින් නිසා බුද්ධ ශාසනයයි දිනෙන් දින අභාවයට යන්නේ! (නි)
අපොයි එහෙම කොහොමද? එතකොට දැන් ලැබෙන සුපිරි සැප පහසුකම්, කෝටි ගණනක් වටිනා රථ වාහන, නොයෙකුත් දීමනා, කොමිස් කුට්ටි ... ඒවා ඔහෙලා දෙනවද? (නි)
අනේ දෙව්දත් නොදිටි මොක්පුර .... (නි)
දැන් හාමුදුරුවෝ ස්වාදීන වෙන්නේ, රටේ ඔක්කොම ප්‍රශ්න විසදලද ? ඡන්දෙට පෙර කිව්වේ එහෙමනේ, සියලුම ප්‍රශ්න විසදනවා කිව්ව, යුද්ධේ කළේ රාජපක්ෂලා නෙමෙයි තමන්ය කිව්ව. එච්චර දෙයක් කරන්න පුළුවන්කම තිබුන නම් මේ ආණ්ඩුව දීපු පොරොන්දු ඉටුකරන එක ඔබවහන්සේට මොන කජ්ජක්ද ? දැන් රටටම කොම්පෝස්ට් පොහොර දීල ගොවියෝ හැමතැනම වගාකරලා දැන් රජවරු වගේ ඉන්නවනේ, සහල් මිලත් පහලටම බැහැල කෘෂිරසායන සහ රටින් ගෙන්වන පොහොර නොදමන නිසා. මේ තමා හෙළ උරුමේත් අවසානය (අ)
සියලුම භික්ෂුන් දේශපාලනය නොකර ඉන්නවා නම් ...??? (නි)
අස්වෙන්න කියල ආයෙත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ, ජාතික ලැයිස්තුව මගින් පත් වෙලා ඉන්නවා නම් ස්වාධීන වෙන්නේ කොහොමද? ඔය ලැයිස්තුවට මන්ත්‍රී පදවි ලැබෙන්නේ අදාළ පක්ෂය ගන්න ඡන්ද ප්‍රමාණය මත, එනම් පක්ෂයට හිමි ඡන්ද. ඉතින් මේ ස්වාමීන්වහන්සේ තමන් ස්වාධීන වන්න සිතනවා නම් පක්ෂයට හිමි මන්ත්‍රී අසුනත් අත්හැර දමා ඉවත් විය යුතුයි. (අ)
එ්කනේ. කියන්න එපෑ. කිව්ව සැනින්ම ඉල්ලා අස්වෙනවනේ. (නි)
බැලුවහම හෙළ උරුමයේ උදවියත් "හොරා පොලිස්" සෙල්ලම කරනවා වගෙයි. තමන්ට අයිති නැති, අදාළ නැති දේවල් කරන්න ගියාම ඔහොම තමයි. (නි)
බර්ලින් ද සිල්වා, ලංකාවට ගොඩ බැහැලා තත්වය හොයන්නකෝ. රට ගැන හිතලා මන්ත්රීකම් කරන රතන හාමුදුරුවෝ රටට කරන සේවය මොනවාද කියලා. ඊටපස්සේ කෑගහන්න. (නි)
වහාම රතන හිමියන්ට පක්ෂයෙන් ලිපියක් යවන්න ඉල්ලා අස්වන්න කියා.අපිට තමයි හාමුදුරුවරු කියන්නේ සියල්ල අත්හරින්න කියා. (නි)
ද සිල්වා බෙර්ලින්, ඔයා කොච්චර කාලෙකින් ලංකාවට ආවේ නැද්ද. නිකන් නොදන්නා දේවල් කතා කරන්න එපා. රතන හිමි ඡන්දෙ ඉල්ලුවොත් අද ඔහුට තියන මහජන පිළිගැනීම අනුව ඡන්ද 250 ගැනිමත් ඉතා අසිරු කාර්යයක් (නි)
කිවුවා කියලා හිතාගන්න, හාමුදුරුවනේ! (නි)