මධ්‍යම රජය පළාත් සභා සතු බලතල පවරා ගැනීමට එරෙහිව විරෝධය පළකරන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතා පවසයි.
මෙරට පළාත් සභාවන් සදහා පූර්ණ ලෙස බලතල විමධ්‍යගත කර එම පළාත් සභා ස්වයං පාලනයක්ව පැවතීමට මධ්‍යම රජය ඉඩකඩ සලසා දිය යුතු බව ද විග්නේෂ්වරන් මහතා පවසා තිබේ. උතුරේ දෙමළ මාධ්‍යවේදීන් පිරිසකට අදහස් දක්වමින් විග්නේෂ්වරන් මහතා එසේ කියා තිබේ.
“සියළු පළාත් සභාවල මහ ඇමතිවරුන් මධ්‍යම රජයේ බලතල උදුරා ගැනීමේ ක්‍රියාවලියට එරෙහි වීම අගය කළයුතුයි“
“පළාත් සභා නවයටම ස්වයං පාලන අයිතිය දිය යුතුයි.උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කළහොත් බලතල සුදුසු ලෙස ක්‍රියාත්මක කරන්න පුළුවන්. මේ සඳහා සියළුම පළාත් සභා එක්විය යුතුයි“ යැයි ද විග්නේෂ්වරන් මහතා පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයා මොකටද විරුද්ධ නොවුණේ? (නි)
එතකොට පළාත් සභා වලට බලතල දුන්නේ කව්ද? දීපු අයට දැන් තේරෙනවා වඳුරන්ට දැලිපිහි දුන්නා වගේ කියලා. (නි)
අනේද කියන්නේ ජේ ආර් මහත්තයාගේ ගහපු ගැටෙන් බේරෙන්න කාටවත් බැ වගේ. (ර)
කොන්ඩේ බැඳපු චීන්නුට ඕවා කියන්න. (ර)
මෙතුමා හැමදාම කළේ මේ දේම තමයි. (ර)
බලාගන ඉන්න අපි බන්දේසියක තියලම දෙන්නම් පළාත් සභා ස්වයං පාලනය බලය එච්චරයි අඩු ඔයාලට ජීවත් වෙන්න... (ර)
හොදයි අපි සලකලා බලන්නම්කෝ ! අපේ හමුදාව 27000 විතර ජීවිත පුජා කරලා රට බේරාගත්තේ ඔය ටික කරලා දෙන්නනේ ? (ර)
පලාත්සභා අහෝසි කරලා ප්‍රදේශිය ලේකම් කාර්යාල මට්ටමට කොට්ටාසයේ පදිංචි අයගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පත්කරලා බලය බෙදුවම මේ පුංචි රටට ඇති මදිනම් එම මන්ත්‍රී කොට්ටසයකට ප්‍රදේශිය ශාබාවකුත් ඇතිකරමු. (ර)
එයා හැමදාම විරෝධතාව දක්වනවා මොන වැඩේටත් (ර)
ප්රභාකරන් නවතපු තැනින් පටන් ගන්නද හදන්නේ.? (ර)
මෙයාට මෙහෙ නීති හරියන්නේ නැත්නම් කැනඩාවට හෝ තමිල්නාඩුවට යන්න කියන්න. (නි)
සිංහල මුස්ලිම් අයටත් යාපනයට සියල්ලන්ටම එන්න කියන්න. (ර)
අනික් පලාත්වල මහා ඇමතිවරුත් තමන්ගේ කුට්ටිය අඩුවෙනවට නම් බයයි. ඒ හින්ද මෙයාගේ ස්වයං පාලන ඉල්ලීම්වලට සහාය දෙන්නත් කල්පනා කරයිද දන්නේ නෑ. (ර)
අපි කාටවත් පළාත් සබා ඕනෑ නැහැ. අපිට ඕනෑ දෙයියනේ කියලා පොදු ප්‍රශ්න වලට විසඳුම්. එ්ක දෙමළ සිංහල කියලා නැහැ (නි)
මෙයට තියෙන ලොකුම අමාරුව, උතුරු නැගෙනහිර වෙන්ව පාලනයවීමයි. මෙයාගේ ගැටේට අනෙකුත් පළත් සබාත් සහය දෙනවා නම් ජනතාව තීරණය කරාවි ඉදිරියේදී මොකක්ද කළයුත්තේ කියා. (නි)
තේසවලාමේ පනත නිසා මුස්ලිම් සිංහල අයට යාපනයට ගොස් පදිංචි වෙන්න බැහැ.මේ පනත අයින් කරන්න (නි)
පළාත්සභා ගැන ජනමත විචාරණයක් පවත්වා මහජනයාට අවශ්‍ය නම් රටේම ඇති පළාත්සභා අහෝසි කිරීමට කාලය පැමිණ ඇත. පළාත්සභා වලට වියදම් කරන මුදලින් රටට නිසි ප්‍රතිඵල නොලැබෙන අතර ලංකාව වැනි කුඩා රටකට මෙවැනි දේවල් අවශ්‍ය නැත (නි)
කොටි ආයෙත් වැඩකිඩ පටන් අරන්ද? (නි)