මහනුවර රෝහලේ විශේෂඥ වෛද්‍ය සපුමල් ධනපාල මහතාට පහර දීම සහ මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරියට බැන වැදී තර්ජන කිරීමේ සිද්ධි සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් කිත්සිරි අමරතුංග ලබන 6 වැනි දා තෙක් රිමන්ඩ් ගත කරන ලෙස මහනුවර අතිරේක දිසා විනිසුරු සහ වැඩ බලන මහේස්ත්‍රාත් ඔගස්ටා පෙරේරා මහත්මිය නියෝග කළාය. මහනුවර පොලිසිය ඔහු අධිකරණයට ඉදිරිපත් කෙළේය. පහර කැමට ලක්වූ වෛද්‍යවරයා මහනුවර රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබයි. මෙම පහර දීමට විරෝධය දක්වමින් මධ්‍යම පළාතේ සියලුම රෝහල්හි වෛද්‍යරු අද සේවයෙන් ඉවත්වූහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස්තරලා එක්ක මන්ත්‍රිලාට හැප්පෙන්න ලේසි නැහැ. (නි)
හැම දේකින්ම අන්තිමට දුක් විදින්න සිද්ධ වෙන්නේ අහිංසක දුප්පත් මිනිස්සුන්ටම තමයි. (නි)
නුඹ නාඩන් නුඹ නාඩන් - මේවා අපිට හොද පාඩම්. (නි)
නිසි දඩුවමක් දීලා රටට ආදර්ශයක් දෙන්න ඕනේ.(නි)
මෙතුමත් තෙල් සංස්ථාවේ හිටියා නේද? (ත)
මෙසේ පොලීසිය දේශපාලක මෝරෙකුට විරුද්ධව නීතිය ඉටුකළ මිහිරි පුවතක් කාලෙකින් වත් අහන්න ලැබුනේ වෛද්‍ය වෘත්තීය සංගම් වල බලපෑම නිසා මිස පොලීසියේ හපන්කමකට නොවේ. ඔයා කියන්නේ වෛද්‍යවරු ගුටිකාගෙන සේවය කරන්න ඕනෑ කියලද? නැත්නම් ' අපේ ජීවිත බේරගන්න ඉන්න බෝසත් උතුමන්ට ගහපු එකා අල්ලනු..' කියලා රෝගීන් සහ ඔයා වගේ වැදගත් මහත්වරුන් යම් බලපෑමක් කරනවද? නැහැනේ.. කරුණාකර රටේ තත්වය ගැන දැනුවත් වී ඉන් පසු ප්‍රතිචාරය දාන්න. (නි)
ගැහුව කියලා අමතක ඇති. (ත)
ආදර්ශමත් විනිසුරෙක්. (ත)
මමත් කල්පනා කරන්නෙ නීතීඥයෙක් මොනවද සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන දන්නේ.අපේ පැරණි මිනිස්සු සුදුස්සාට සුදුසුතැන දෙන්න කිව්වේ ඕක නිසා වෙන්නැති..
ලංකාවේ ඉන්න ඡන්ඩින්ට බෙහෙත් නැද්ද? (ත)
මේවගේ අය දරණ සියලුම තනතුරුවලින් පහ කරලා අසාදුලේඛන ගත කරන්න ඕන. (ත)
මේකත් ඉස්සර හිටපු සභාපති කෙනෙක් ගත්ත වැරදි තීරණයක් වෙයිද දන්නෙ නැහැ. (නි)
තවත් නඩුවකුත් තියෙනවා නේද මෙයාට? ඒත් ඇමති කෙනෙක් ????? (නි)
ඉන්ද්‍රජිත්, අසාධාරණයක් වුණා කියලා ඒකට විරෝධය පාන්න කොහෙවත් නැති අහිංසකයන් ටිකකට තවත් අසාධාරණයක් කරන එක නිවැරදියි කියලද ඔය කියන්න හදන්නේ? ඔය වෘතීය සමිති කාරයන්ට තිබුණේ නැද්ද අහිංසක ලෙඩුන් තලන්නේ නැතුව උසාවියට ගිහින් නඩුවක් දාන්න? හිතක් පපුවක් තියෙන කෙනෙක් නම් ඔය දාලා තියෙන පින්තූර දිහා බලබලා ඔහොම කටකැඩිච්ච කතා කියන්නේ නැහැ. සත්තයි!!!! (නි)
මෙයාව රිමාන්ඩ් කළේ පොලිසියද? දොස්තරලාද? (නි)
අනේ, රටට වුණූ විනාශයක්! (නි)
උගත් මිනිසුන්ට නූගත් මිනිසුන්ගේ චන්ඩිකම්වලට බයේ ඉන්න වෙලා. උගත් මිනිසුන් රට හැර යන එක සාධාරණයි.
මධු නම් ලංකාවේ ජීවත් වෙන එක කෙසේ වෙතත් පත්තරයක් වත් නොබලන කෙනෙක් වගේ. මේ රටේ අධිකරණ විනිසුරු තුමෙක් හමුදාවේ සෙබලෙක් අතින් ගුටි කැවා . තව විනිසුරු තුමෙකුට තර්ජනය කරලා උසාවියටත් ගල් ගැහුවා. කෝ ඇල්ලුවද? අනේ ඔයාලගේ සත්ව කරුණාව... (වි)
ෆොන්සේකා මහත්තයා ආවොතින් නම් කට්ටිය නවතින්නේ එල්ලුම් ගහේ. (නි)
රට බල්ලට ගිහිල්ල (දී)
ඉන්ද්‍රජිත්, ඔයා අපේ රටෙ මුලු නීති පද්දතියම මනින්නෙ සිද්දි 2ක් දිහා බලල නම් ඒක විහිලුවක්. බොරු කියන්න ඔනෙ නෑ හමුදා සෙබලගෙ කතාව නම් මන් අදමයි ඇහුවෙ. (සමහර විට අපි ඉපදෙන්න කලින් එකක් ද දන්නැ). හැබයි මන්නාරම විනිසුරුතුමාට ගහපු අයට නොතීසි නිකුත් කරලයි තියෙන්නෙ නිශ්චිත දවසක නඩු විබාගෙට් පෙනී සිටින්න කියලා. තවත් ඕනෙ නම් ඔයාට මතක ඇති මේ ලඟදි ජේශ්ට ඇමතිකෙනෙක්ටත් ලක්ශ ගානක් ගෙවන්න දුන්නු තීන්දුව.එතකොට අර කාලයක් එස්.බී. හිරේ ගියෙ ජ්‍යාත්ත්‍යාන්තර අදිකරන තීන්දුවකටවත් කියලද හිතුවෙ? මේ ලඟක ඉඳන් බුරුතු පිටින් අතඩන්ගුවට පත් වුනෙ පිටරට මන්ත්‍රීල කියලද හිතුවෙ? දැන් මොකද කියන්නෙ? (දී)
මධු, ඕව ඔච්චර ගනන් ගන්න එපා, ඔය රටෙ නීතියක් නැ කිය කිය කෑ ගහන්නෙ පිටරටින් එන ඩොලර් වලට කහින බොහොම ටික දෙනෙක් විතරයි. ඒගොල්ලො හදන්නෙ මේ රට අසමත් කියල ලෝකෙට මවා පාල අර ලිබියාවෙ වගේ ජාත්ත්‍යන්තර මැදිහත්වීමක් කරව ගන්න. (දී)
"හමුදා සෙබලගෙ කතාව නම් මන් අදමයි ඇහුවෙ. (සමහර විට අපි ඉපදෙන්න කලින් එකක් ද දන්නැ)" මධු ඉපදුන කාලේ අපි දැනගත්තා. මාතර මහේස්ත්‍රාත් තුමෙකුට මාතර කොටුවේදී පහර දීලා තවම අවුරුද්දක් වුනෙත් නැහැ මගේ හිතේ. වෙන මොකුත් ඕන නැහැ. රටේ ජනාධිපති උපදේශක කෙනෙකුට පාරේ දෙනෝදාහක් මැද වෙඩි තියපු මිනිහට වරෙන්තුවක් දීගන්න පුළුවන් වෙලාද? සුදර්මන් රදලියගොඩ වරෙන්තු පිට වරෙන්තු ඇතුව එළියේ ඉන්නේ කොහොමද? සනත්ලගෙයි ඔයාලගෙයි 'සමත්' රාජ්‍යය ගැන තව කොච්චර කියන්න පුලුවන්ද කියනවානම්. කරුණා කරලා වෘත්තීය ඉරිසියාව අයින් කරගෙන ප්‍රශ්න දිහා බලන්න. මේ වෛද්‍ය වර්ජනේ නිසා කවුරුවත් මැරුණේ හෝ අසාධ්‍ය වුනේ නැහැ. එත් ඔයාලහේ 'සමත් රාජ්‍යයේ' වැඩ හින්දා දිනපතා අහිංසකයෝ මැරුම් කනවා. (දී)
සනත්ට : මන්නාරම මහේස්ත‍්‍රාත් උසාවියට පහරදුන් පිරිස අත් අඩංගුවට ගන්නා තුරු තම රාජකාරිවලින් වැලකී දිගමට උත්ඝෝෂණ කරන බව එහි නීතිඥ සංගමයේ සභාපති අයි.සී. ප‍්‍රනාන්දු මහතා කියයි. උසාවියට ගල්මුල් ගැසූ තිස් දෙදෙනකුගේ නම් පොලිසියට දුන් නමුත් ඔවුන් අත් අඩංගුවට නොගත්තැයි ඔහු පවසයි. මේ ලන්කාදීපෙම පුවතක්. මහත්තයෝ, කමෙන්ට් දමන්න කලින් අතට ගත්ත පත්තරේ වත් ඉවර වෙනකල් කියවලා ඉන්නකෝ. මේ පාලනයට බනින්නේ ඩොලර් වලට නම්, අද රටේ ඩොලර් පිරිලා ඉතිරිලා තියෙන්න ඕන (දී)
ලංකාවේ දේශපාලනය..!!(නු)
අනේ මන්දා ලංකාවේ ඉන්න දේශපාලකයන්ට පිස්සු හැදිලද කියලා. (නි)
අද රෑ වෙනකොට ගෙදර යන්න පුළුවං වෙයි...!!(නු)
මෙයා නීතිඥයෙක්ලු.. අනේ.. මොකටද ඉතිං තනතුරු වලින් ඉවත් කරන්න තියෙන්නෙ.. (නු)
මේගොල්ල රටම විනාශ කරනව...!!(නු)
මිනිස්සුන්ගෙ ඡන්ද අරගෙන චන්ඩි වෙලා නූගත් කම තමයි... (නු)
සෞඛ්‍ය ඇමතිට බෙහෙත ලැබිල තියෙන්නෙ.. දැං නීතිය දැන ගනීවි..!! (නු)
ඇමතිතුමාටත් රාත්‍රිය වෛද්‍යවරයා ඉන්න වාට්ටුවෙම ගත කරන්න පුළුවං..!!(නු)
දූෂණය සහ වංචාව විතරයි මේ අයට පුළුවං...!!(නු)
එයාලටත් නීතිය තියෙනවා කියලා දැනෙන්න ඔහොම කළ එක හොදයි..!!(නු)
විනිසුරු තීරණ්‍ය හරි, නැත්නම් දන්නවනෙ වෙන දේ..!(නු)
මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්...!(නු)
ආ... ඒ ගමන දකුණින් මධ්‍යම පළාතට ගිහින්ද? අයියෝ, අපේ ආශ්චර්යය. (නි)
නීතීඥවරයෙක් කොහොමද සෞඛ්‍ය ගැන දන්නේ? (ත)
අඩන්න ඉන්න මිනිහගේ ඇහැට ඇගිල්ලෙන් ඇන්නා වගේ. දොස්තරලා වැඩ වර්ජන. එතකොට ලෙඩ්ඩු?
ඊළගට මොකද වෙන්නෙ....!!(නු)
නීතිය තදින් ක්‍රියාකරන්න...!!(නු)
මම මේ බලාගෙන ඉන්නේ කවද්ද නියම ඇමති කෙනෙක් රිමාන්ඩ් කරන්නේ කියලා. (ත)
පොලිසියයි උසාවියයි තමයි අපේ පිහිට..!!(නු)
කාලෙකට පස්සේ හොඳ ප්‍රවෘත්තියක්. (ත)
දෙයියෝ සාක්කි!!! ඔන්න බොලේ මෝරෙක් අල්ලලා. (නි)
මං හිතන්නෙ අවුරුදු ගණනකට පස්සෙ වෙන්න ඇති ඔහොම ඇමතියෙක්ව අත් අඩංගුවට ගත්තෙ. (නි)
ලංකාවෙ නීතියෙ ආධිපත්‍යය ලබපු ලොකුම ජයග්‍රහණයක්. නොබියව තීන්දුව දුන් අධිකරණයටත් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන්ටත් අපේ ප්‍රණාමය... (නි)
මමත් නුවර. මෙයා ටිකක් චණ්ඩියෙක්ද කොහෙද. (ත)