ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මධ්‍යම කාරක සභාවේ බහුතර කැමැත්ත අනුව පත් කළ බව හිටපු ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා අද සවස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.
මහින්ද රාජපක්ෂ මහතා ද ඊට සහභාගී වී සිටියේය.
මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් දිගින් දිගටම ප්‍රශ්න ඇසූ අතර සුසිල් ප්‍රේමජයන්ත මහතා කීවේ සඳුදා දෙකට තවත් මධ්‍ය හමුවක් පවත්වන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනුමේ මෙන්ම පරාජයේදීත් එකමුතුව සිටිය යුතුයි. ශ්‍රීලංකා නිදහස් පක්ෂය අවුරුදු 20 පාලනය කලානේ. (ස)
“ඇතිදා සීනි, නැතිදා ගෝනි“ වගේ මැති ඇමතිලාට අපි නම් කැමති නැහැ. එළැඹෙන මහා මැතිවරණයකදී අපි ඔවුන් ගැන තීරණ ගන්නවා (නි)
මහින්ද රාජපක්ෂ 2005 ජනාදිපති වූ විගස කරේ , එවකට සබාපති වූ චන්ද්‍රිකා මැතිනිය ඉවත් කිරීම , එදා සිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හරය අරුත නැති වන්නට ගත්තා , පසු ගිය කාලයේ උප සබාපති වුයේ සිංහලයන් මරපු අපේ රණ වුරුවන් මරපු කරුණා අම්මාන්. (ස)
අර අර සුමනදාස කියන කේන්දර විශේෂඥ මහත්තයාව ඔය නිලේට පත් කර ගත්තා නම් නරකද? එයා තමයි නියම මිනිහ! (අ)
තල වැපුරුවොත් තල මුං වැපුරුවොත් මුං ! (අ)
විපක්ෂ නායක වශයෙන් පාර්ලිමේන්තුවේ සිටියොත් එතුමාගේ ආරක්ෂාවටත් පක්ෂයේ දියුණුවටත් රටේ යහපතටත් හොඳයි. නරක අය යවන්න. හොඳ අය ගන්න. (නදී)
කව්රු කයිය ගැහුවත් අපේ ජන්දෙන් තමයි කවුරු කවුරුත් දින්නේ. කොහොම කිව්වත් අපි හැමදාම දකුණේ මහින්ද සමගයි (නදී)
ලංකාවේ අනික් පක්ෂ ඔක්ක්කොම කඩන කොට මේ පව කවද හරි පලදෙනව කියල හිතුනේ නැද්ද? අනික් පක්ෂ කැඩුනේ මාස ගණන් ගිහින්. එ්ත් ඔබේ පක්ෂය දවස් දෙකෙන් කැඩුනා. දිට්ටධම්ම වේදනීය කාර්ම කියන්නේ මේවට (නදී)
වපුරන දෙය අනුව අස්වැන්න ලැබේවි. (ස)
මෙහෙම වුණාම පාක්ෂිකයෝ අමාරුවේ වැටෙනවා නේද ?(දිල්)
මහින්ද මහත්තයට සුබ පතනවා ඔය ගිය එක කෙනෙකුවත් ආපසු බාරගන්න එපා ඔබ තුමාට ජය ලබෙනවමයි ජය නියතයි (බ)
අපි ඔබට සුභ පතනවා ඔබයි අපේ සෑබෑ වීරයා (දිල්)
විය යුත්තේ එයම පමණි .කිසි කෙනෙක් මහින්දව දල යන්නෙපා .ගියොත් පසුතැවිලිවෙන්න වේවි (අ)
මහින්ද මාහතාට සුබ පතනවා! (නි)
මහින්ද මහත්තයා පැරදිලා පැය කිහිපයක් ඇතුළත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් දෙකට කැඩුනා.අද හවස් වෙනකොට තව කීදෙනෙක් ඔතනින් ඉවත් වෙයිද කියන්න කවුද දන්නේ? (නි)
මහින්ද යලිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩ නගනු ! (අ)
මම නම් හිතන්නේ අලුත්ම කෙනෙකුට මේක බාරදීලා හොඳ අනාගත සැළසුමකට වැඩකළා නම් හොඳයි කියලයි. එතුමා යන්න පුළුවන් ඉහළම තැනට ගියා. නැවත පාර්ලිමේන්තුවට ගිහින් තේරුමක් ඇත්දැයි අපිට ඇත්තේ ගැටළුවක්. එතුමා උපදේශකයෙක් විදියට සිට අලුත් පිරිසකට බාරදුන්නා නම් හොඳ ඉදිරි ගමනක් යන්න පුළුවන් වෙයි නේද? (නි)
මහින්ද මහතාට සුබ පතනවා! (ස)