ලෝකයේ අවම මාධ්‍ය නිදහසක් ඇති රටවල් 20 අතර ශ්‍රි ලංකාව ද සිටින බව “දේශසීමා රහිත වාර්තාකරුවෝ” නම් ජාත්‍යන්තර සංවිධානය 2015 වර්ෂය සඳහා සකස් කළ ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකය ඇතුළත් වාර්තාව සඳහන් කරයි.
ලෝකය රටවල් 180 ක් යොදාගනිමින් සකස් කළ මෙම දර්ශකයට අනුව ශ්‍රි ලංකාවට හිමිව ඇත්තේ 165 වැනි ස්ථානයය. පසුගිය වසරේ ද ශ්‍රි ලංකාවට මෙම දර්ශකයේ දි හිමිව තිබුණේ 165 වැනි ස්ථානයයි.
මාධ්‍ය බහුවිධතාව (මාධ්‍ය හරහා නිරූපනය වන මතය) ,මාධ්‍ය ස්වාධිනත්වය,රාජ්‍ය වාරණයේ ස්වභාවය, ව්‍යස්ථාදායක රාමුව හා එහි නීති ,තොරතුරුවල විනිවිදභාවය, තොරතුරුවල ව්‍යුහය හා මාධ්‍ය පීඩාකිරිම් යන නිර්නායක හත සඳහා එක් එක් රටවල්වලින් ලබාගත් ප්‍රශ්නාවලි තොරතුරුවලින් මෙම දර්ශකය සකස් කර ඇත. මෙම තොරතුරු අනුව එක් එක් රටවලවලට ලකුණු ලබාදීමේ ක්‍රමයකින් මෙම දර්ශකය සකස් කර ඇති අතර මෙම දර්ශකයේ අඩුම ලකුණු ලබාගත් රටවල් අඩුම මාධ්‍ය නිදහසක් ඇති රටවල් ලෙසත් වැඩිම ලකුණු ලබාගත් රටවල් අඩුම මාධ්‍ය නිදහසක් ඇති රටවල් ලෙසත් වර්ගීකරණය කර ඇත.
මෙම දර්ශකයට අනුව ලෝකයේ වැඩිම මාධ්‍ය නිදහසක් ඇති රටවල් තුන පිළිවෙලින් පින්ලන්තය , නෝර්වේ , ඩෙන්මාර්කය වන අතර මාධ්‍ය නිදහස අඩුම රටවල් තුන වන්නේ තුර්ක්මෙනිස්තානය, උතුරු කොරියාව හා එරිත්‍රියාවයි.
ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ මෙම දර්ශකයට අනුව දකුණු ආසියානු රටවල් වන භූතානයට 104 වැනි ස්ථානය ද, නේපාලයට 105 වැනි ස්ථානය ද , මාලදිවයිනට 112 වැනි ස්ථානය ද , ඇෆ්ගනිස්ථානයට 122 වැනි ස්ථානය ද , ඉන්දියාවට 136 වැනි ස්ථානය ද, බංගලාදේශයට 146 වැනි ස්ථානය හා පකිස්ථානයට 159 වැනි ස්ථානය ද හිමි වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ තවම තියෙන්නේ ඊනියා මාධ්‍යය නිදහසක්. එය එසේ වී තිබෙන්නේ රජයට අයිති මාධ්‍යය ආයතන ප්‍රධානීන් අලුත් ආණ්ඩුව යටතේ පවා පත්වෙලා තියෙන්නේ වරින්වර හැම ආණ්ඩුවකටම කඩේ ගිය අය. මාධ්‍යයේ මුඛ්‍යය පරමාර්ථය නොදන්නා එක මහාචාර්යවරයෙකුත් රැල්ලට ගහගෙන අවුත් තනතුර රැකගන්න බලවත් සටනක යෙදිලා ඉන්නවා කියලත් ආරංචියි.(නි)
මේකත් අධිරජ්‍යවාදී කුමන්ත්‍රණයක්ද දන්නේ නැහැ නේද?(හේ)
මේ රටේ එහෙම එකක් නැහැ. නමුත් මේ තරමට අපේ රට මාධ්‍ය පැත්තෙන් මෙහෙම වෙලා කියලා කියවෙන්නේ මේ රටේ ඉන්න නිතර පිට රටට සල්ලි වලට ගතු කියන මිනිසුන් වැඩි නිසා.(හේ)
අද සියල්ල පල්ලමේ කොටින්ම ආණ්ඩුව ගෙනියන්නේ රීම් එකෙන්. (ර)
එකනේ අපේ පිණට පහලවෙච්ච අගමැතිතුමා මාධ්‍යට ඇන ගහල තියලා නගා සිටුවන්න නීතියක් සකස් කෙරුවේ. කෝ ඉතින් ඒකට අපේම මිනිස්සු කැමති උනේ නැහැනේ. (ර)
මාධ්‍ය නිදහස කියලා එකක් මෙහෙ සමහරුන්ට ඕනෑ නැහැ. ගොඩක් අය කරන්නේ ආණ්ඩුවට කඩේ යන එක. පස්සේ කියනවා නිදහස නැහැ කියලා. නියම මාධ්‍යවේදීන් ජීවිතය ගැන හිතන්නේ නැතුව ඇත්ත ලියන්න ඕනෑ. (නි)
මීට වඩා මාධ්‍ය නිදහස මොකක්ද.? (ර)
බටහිර රටවල පාඨකයින් ලවා තමන්ට අවශ්‍ය ආකාරයට සිතවනු පිණිස මාධ්‍ය ඒකාධිකාරය විසින් තදබල ලෙස වෙනස් කරන ලද තොරතුරු පමණක් එකී රටවල ජනමාධ්‍ය මගින් ඔවුන්ට ලබාදෙන බව ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබියදීත් සාපේක්ෂව එයට වඩා ටිකක් හෝ යහපත් මාධ්‍ය නිදහසක් ඇති අපේ රට මාධ්‍ය නිදහස නැති රටක් ලෙස නිතරම සමහරුන්ට පෙනෙයි. බොරුවට කවර ප්‍රතිරූපයක් අපට පෙන්වූවද ඔවුන්ගේ න්‍යාය පත්‍රයෙහි මූලිකාංගයක් වනුයේ අපේ රටවලට හානිකරන ජාතිවාදයටත් බෙදුම්වාදයටත් උඩගෙඩි දීම තුළින් ඇමරිකානු අධිරාජ්‍යවාදයට සේවය කිරීම මිස අන් කිසිවක් නොවෙයි. එබැවින් ඔවුන්ගේ මිනුම් දඬු විශ්වාස කිරීමට පෙර වරක් දෙවරක් නොව හතර පස් වරක්ම සිහි නුවණින් සිතාබැලීම අපේ රටට වැඩදායක වෙයි (නි)
මාධ්‍ය නිදහසට වඩා මට ප්‍රශ්නයකට තියෙන්නේ කල්ලිවාදය නැති, ස්වාධීන , වෛරය වපුරන්නේ නැති අපක්ෂපාති ගුණාත්මක මාධ්‍ය ව්‍යාපාරයක් පිළිබඳවයි (නි)
අද තියෙන මාධ්‍ය නිදහස කොපමණද කිවුවොත් රජයට අගමැතිතුමාට සිරස මාධ්‍යයෙන් කොපමණ මඩ ගහනවාද? ඒවාට රජයෙන් කිසිම පියවරක් අරන් නෑ. ඉතින් තව මොන නිදහසක්ද? (බ)
මාධ්‍ය නිදහස යනු බලයට එන දේශපලනඥයින්ට ඕන ආකාරයට මාධ්‍යකරුවා සහ ඒ ඒ මාධ්‍ය හැසිරීම නොවෙයි. 2015 ජනවරි 08 වෙනිදා එලිවෙන විට ලංකාවේ සියලු මාධ්‍ය ආයතන අංශක 360 ක් කැරකුණා. එහෙම නූනොත් මාධ්‍ය ආයතනවලට දේශපාලනඥයින්ගෙන් තර්ජන එල්ල වෙනවා. වත්මන් අගමැතිවරයාත් පසුගිය දිනක මාධ්‍යආයකනවලට හා මාධ්‍යකරුවන්ට අනියමින් තර්ජනය කළා. කවුරුහරි කියනවානම් ලංකාවේ මාධ්‍ය නිදහස තියනවා කියා ඔහුට පිස්සු. ඒ ඒ මාධ්‍යආයතන හිමිකරුවාගේ අභිලාෂයන් ඉටුකර දීමට සිය ස්වාධීන මතය පසෙක ලා මාධ්‍යකරුවාට කටයුතු කිරීමට සිදු වී තියෙනවා. මාධ්‍ය නිදහස යනු පිළිගත් ආචාරධර්ම පද්ධතියකට යටත්ව ඒ ඒ මාධ්‍යකරුවාට ස්වකීය නිදහස් මතය සමාජගත කිරීමට ඇති නිදහසයි. එය ලංකාවේ තිබේදැයි? විමසා බලන්න. (බ)
දේශසිමා රහිත වාර්තාකරුවෝ සංවිධානයට වැරදිලාවත්ද (බ)
සමහර කට්ටියට අමතක වෙලා මේ ආණ්ඩුවට තවම දවස් 120 කියල.අවුරුදු 10 රට ප්‍රපාතයට දාපු ය ගැන කතා නැහැ (බ)