‘සත්‍ය වාර්තාකරණයට කැපවෙමු‘ තේමාව කරගත් ජනමාධ්‍යවේදීන්ගේ මැයි රැළිය මැයි 1 වැනිදා උදේ 9 ට කොළඹ විජේරාම සව්සිරිපාය සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
දිවයිනේ ප්‍රථම වතාවට ප්‍රාදේශීය හා ජාතික මාධ්‍යවේදීන් එක්ව මෙම මැයි රැළිය සංවිධානය කර තිබේ.
තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරන පනත කෝ, ලසන්ත, ශිවරාම්, නිමලරාජන් ඝාතකයින් අත් අඩංගුවට ගනු, ප්‍රගීත් එක්නැලිගොඩට මොකද වුණේ? , ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ වාර්තාකරණ අයිතිය ආරක්ෂා කරමු යන තේමාවන් මෙහිදී මතුකිරීමට නියමිතය.
මෙයට සම්බන්ධවීමට දිවයින පුරා සෑම අංශයකම මාධ්‍යවේදීන්ට සංවිධායකයෝ විවෘත ආරාධනයක්ද කරති. වැඩි විස්තර 071 5361347 අංකයෙන් ලබාගත හැක.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම අවස්ථාවට සහභාගි වන ලෙස සමස්ථ මාධ්‍ය සගයින්ට ආරාධනය කරමු. (බ)
උතුරේ සහ දකුණේ 88.89 භීෂණයට බිලි උන අය අමතකද (බ)