කිලෝ 146 ක් බරැති ගල් කොස්සකු හලාවත ඉරණවිලදී මාදැලකට අසුවූ බව ධීවරයෝ කියති.
මෙම මාළු කිලෝවක් රුපියල් 1000-1200 ත් අතර වන බවත් තොග මිල රුපියල් 800ක් බවත් ධීවරයෝ පවසති.
මෙම මාළුවා ගල් පර අතර සිටින්නෙකි.
මාළුවාගේ සිල්ලර මිල රුපියල් ලක්ෂ එකහමාරක් බව ධීවරයෝ කියති.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන මාළු ඉන්නේ කන්න තමා. නැතුව මුහුදේ ඇතිකරන්න නෙමෙයි (නදී)
මට මෙහෙම දෙයක් හිතෙනවා. කටු, හම ආදිය අතහැරලා මාළු විතරක් කිලෝ 100 ක් තියනවා කියලා හිතුවොත්, එක් අයෙකු එක වේලකට මාළු ග්‍රෑම් 100 ක් කනවා නම් මේ මාළුවා 1000 දෙනෙකුට සෑහෙනවා. ඒ කියන්නේ එයා ප්‍රාණයකින් දාහෙන් පංගුවකටයි වගකියන්නේ. අනෙක් අතට හාල්මැස්සෝ වගේ පොඩි මාළු කන කෙනෙක් එක වේලකට හාල්මැස්සන් 10 ක් කනවා කියලා හිතුවොත් එයා ප්‍රාණ දහයකට වගකියනවා. එහෙම බැලුවොත් හාල්මැස්සන් කන කෙනා අනිත් එක්කෙනාට වඩා දස දහස් ගුණයකින් පව් සිද්ධකර ගන්නවා. (නි)
ඡන්දෙන් පස්සේ බන්දුල පෙරේරා වැඩිය පත්තර බලන්නේ නැතුව වගෙයි (නි)
අනේ පවු මොනවා වුණත් (නි)
අපේ රට කිට්ටුව මාළුවෙක් වෙලා ඉපදීමත් පවක්. (නි)
මල්ලි, මොකක්ද දැන් ප්‍රශ්නේ? දැන් ඉන්න කොස්සෝ නම් ටිකක් ගණන් (නි)
ඌ ඉන්න හැටි දකිනකොට දුකයි (නි)
හරකා ජීවත්වෙන්නේ හරක් මස් කාලද? කුකුල් මස් කාලද? මාළු කාලද? අපිට හරකාගේ එළුවාගේ කිරි ටික විතරක් මදිද? කුකුළු බිත්තර මදිද? අහිංසක සතුන් මරන්න එපා. ඔය මාළුවා ජීවත්වුණා නම් තව කොච්චර වටිනවද? හිතන්න! (නි)
නිවන යනු ප්‍රාර්ථනාවෙන් පමණක් ලැබිය නොහැකි දෙයකි (නි)
ලසන්ත, එයා දැන් ලියන්නේ පිවිතුරු යහපාල නමින් . (නි)
මිනිසත්කම ලැබූ අපි ඇයි මළකුණු කන්නේ? (නි)
බොහොම වටිනා මාළුවෙක් බව පෙනෙනවා. නමුත් ඔය විදිහට ශීත කාමරයක නොදා එළිමහනේ තව ටිකක් වෙලා තිබුනොත් මිනිසුන්ට රුපියල් 1000 ගානේ දීලා කන්න වෙන්නේ කුණු මාළු තමයි. දැනටම මාළුවා ඉදිමිලා වගෙයි පෙනෙන්නේ. (නි)
කිලෝ 146 ක් බරයි. ඇල්ලුව වගේම කිලෝ ඩබල් ට්‍රිබල් වෙලා පාප කර්මෙට ගෙවන්නත් සිද්ධ වෙයි. (නදී)
අහිංසක කොස්සෙක්. අනේ පවු! (නි)
දුප්පත් මනුස්සයෙකුට මේ මාළු කෑල්ලක් කන්න ලැබෙන්නෙ නැහැ, කවදාවත්. ගාන ටිකක් අඩු වුණා නම් තමා ඒකේ ප්‍රතිඵල රටටම ලැබෙන්නේ.ඒ ගැනත් ටිකක් හිතුවොත් තමා හොඳ. (නි)
මාර කොස්සෙක්නේ! අද නත්තල් වගේ ඇති කට්ටියට (නි)
මම හිතුව මේ කොස්සෙකුට ගල් ගහල කියල...(ස)
මෙහෙමත් පව් කාරයෝ ටිකක්! සතෙක්ගේ ජීවිතය ඌටත් හොරෙන් පැහැරගෙන, කපා කොටා, ලුණු තුනපහ එකතු කර තම්බා තම දිව පිනවා ගන්නා මිනිසුන් ගැන කවර කතාද? (ස)
අහින්සක මාළුවා. උගේ ගෙදර අය ඌ එනකම් බලාගෙන ඉන්නවා ඇති. (ස)
ජාතික අපරාදයක්. (ස)
ඕඩි හෙළෙයියා! අපි රකිනු මැන දෙවිඳුනේ! (නි)
දැන් මිනිසුන්ගේ හොඳ කාලය තමයි උදාවෙන්නේ (නි)
අපරාදේ මේ මාලුවව නිදහස් කරන්න තිබුනා නම්. මොකද ප්‍රමාණයේ හැටියට මෙයාව ටැංකියක දැම්මා නම් ප්‍රේක්ෂක ආකර්ෂනය දිනා ගන්න තිබුනා (නදී)
තෝර මාළු මීටත් වැඩිය ගණන් නේද? (නි)
අම්මෝ! ඉන්න ශුද්ධවන්තයෝ ටික! එතකොට අමු අමුවේ මිනීමරනකොට කොහෙද අනේ ඔයාලා ගියේ? නිකන් කිඹුල් කඳුළු හෙළන්නේ නැතුව ඉන්න. (නි)
දැන් අහුවුණ නිසා හොඳයි. තව මාසෙකින් විතර අහුවුණා නම් ඔය මාළුවා රුපියල් 100ක්වත් වටින්නේ නැතිවෙයි. මොකද බඩු මිල ලාබ වෙනවනේ! (නි)
මොනවා වුණත් සතා පවු! (නි)
සිසිර, ඔයත් ගෙදර යන්න දැන්. ගෙදර අය ඔයා එනතුරු බලාගෙන ඇති (නි)
මිනිසුන්ගේ බඩගින්දර නිවන සියලුම සතුන්ට නිවන් සුව ලැබේවා! (නි)
පෙනෙන හැටියට "සී බැස්" මාළුවෙක් වගෙයි. ඇමරිකාවෙ සුපර් මාර්කට් වල විකිණෙන්නෙ රාත්තලක් ඩොලර් 22.00 වගේ මිලකට. (නි)
දුර්ලභ වර්ගයක කොස්සෙක්.මෙතරම් විශාලව කොස්සෙකු දැක නැහැ.නිදහස් කිරීමේ හැකියාව තිබුනා නම් හොඳයි. නැවත දකින්න ලැබේදැයි සැකසහිතයි. (නි)
මේක නම් ලොකු අපරාධයක්. (නි)
කට නිකන් බන්දුල පෙරේරාගේ වගේමයි. ඇරගත්ත ගමන්මයි! (නි)
පව් පව් කියන අය බලාගෙන (නදී)
ඔය මොනවා කිවුවත් කට්ටිය මාලු නොකා ඉන්නවද. නිකන් බොරු කියන්නේ එපා එයාලට නෙමි පව ඔයාලට. ඔයාල ඔක්කොම සුදනෝ නේ .කාට හරි හරියන්වට කැමති නැති එවුන් තමා මේ . (අ)
අනේ අනේ ,අපේ මිනිස්සු හිතන හැටි ,ඔය මාළුවා නිසා පවුල් කියක් නම් අද සතුටු වෙනවද ,,,ඔය මා දැලට එන ධීවරයන්ගේ වාසනාව තමා,,එහෙම පාප කාර්ම වලට මුහුණ දෙන්න වෙනවානම් .මේ ලෝකේ මාළු කන ඔක්කම අපායට යාවි නේද ,,,,,,හැම දේම සුබ වාදීව හිතන්න පුරුදු වෙමු නේද....? (අ)
මනුක, ගමනක් ගිහින් එනකොට කෙනෙක් මේ වගේ මැරිලා හිටියොත් ගෙදර අයට දැනෙන්නේ කොහොමද? (නි)
මට දුකයි (නදී)
මිනිසුන්ට තේරෙන්නේ නැහැ මෙවැනි මාළු මැරුවහම පරිසරයට වෙන හානිය. (නි)
ධීවර කර්මාන්තයේ සුභ නිමිති පහළවෙලා.අලුත් ධීවර අැමතිතුමාගෙ වාසනාව. (නි)
මෙතන මාළුවා පව් කියලා අදහස් දාන අය හරිම කපටි ටිකක්. ධීවර වෘත්තියේ යෙදෙන මිනිස්සු ජීවත්වෙන්න මාළු අල්ලනවා මිසක් මිනිස්සු මරන්න කියලද කියන්නෙ? නුඹලාගෙ සත්ත්ව කරුණාව නුඹලාටම තියාගෙන අනිත් මිනිසුන්ගෙ බඩට ගහන්නෙ නැතුව හිටියා නම් හරි (නි)
ඒ මාලුවා ආත්මයෙන් නිදහස් කරපු අපේ ධිවරටන්ට ගොඩාක් පින් (නදී)
මෙතන ඉන්න කී දෙනෙක් නිර් - මාංශ ද ? (නදී)
මෙවෙනි දුර්ලභ ඝනයේ මාලුන් දඩයම් නොකිරීමට නීති පැනවිය යුතුයි. (නදී)
අපිටත් කිලෝ 1ක් දෙනවද ? (බ)
අනේ පව් මාළුවා ! (බ)
ඔලුවේ තිබෙන විශාල සිදුරු දෙක දැක්කහම හරිම කණගාටුයි. ඉතාමත්ම අමානුෂිකයි. මෙවන් පර පණ නසන රැකියා වලට යොමුවෙන්න නරකයි. මෙහි ඇති බැරෑරුම්කම වටහාගෙන ප්‍රාණඝාතයෙන් වළකින්න කියා මම ඔවුන්ගෙන් ඉල්ලනවා. (නි)
මුහුදු ඡිවිතය ගැන අපි හොඳට දන්නවා.ඒ නිසා අපි මොකුත් කියන්නේ නැහැ. ජයෙන් ජය ඔබට. (නි)