IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මාදැල්කරුට නිධානයක්

කිලෝ 146 ක් බරැති ගල් කොස්සකු හලාවත ඉරණවිලදී මාදැලකට අසුවූ බව ධීවරයෝ කියති.

මෙම මාළු කිලෝවක් රුපියල් 1000-1200 ත් අතර වන බවත් තොග මිල රුපියල් 800ක් බවත් ධීවරයෝ පවසති.

මෙම මාළුවා ගල් පර අතර සිටින්නෙකි.

මාළුවාගේ සිල්ලර මිල රුපියල් ලක්ෂ එකහමාරක් බව ධීවරයෝ කියති.

 

DSC_0004 DSC_0005 DSC_0007 DSC_0009 DSC_0012 DSC_0020



අදහස් (0)

මාදැල්කරුට නිධානයක්

රෝස් Saturday, 17 January 2015 08:50 AM

කන මාළු ඉන්නේ කන්න තමා. නැතුව මුහුදේ ඇතිකරන්න නෙමෙයි (නදී)

:       0       0

වික්ටර් Friday, 16 January 2015 06:25 PM

මට මෙහෙම දෙයක් හිතෙනවා. කටු, හම ආදිය අතහැරලා මාළු විතරක් කිලෝ 100 ක් තියනවා කියලා හිතුවොත්, එක් අයෙකු එක වේලකට මාළු ග්‍රෑම් 100 ක් කනවා නම් මේ මාළුවා 1000 දෙනෙකුට සෑහෙනවා. ඒ කියන්නේ එයා ප්‍රාණයකින් දාහෙන් පංගුවකටයි වගකියන්නේ. අනෙක් අතට හාල්මැස්සෝ වගේ පොඩි මාළු කන කෙනෙක් එක වේලකට හාල්මැස්සන් 10 ක් කනවා කියලා හිතුවොත් එයා ප්‍රාණ දහයකට වගකියනවා. එහෙම බැලුවොත් හාල්මැස්සන් කන කෙනා අනිත් එක්කෙනාට වඩා දස දහස් ගුණයකින් පව් සිද්ධකර ගන්නවා. (නි)

:       0       0

ලසන්ත Friday, 16 January 2015 06:54 PM

ඡන්දෙන් පස්සේ බන්දුල පෙරේරා වැඩිය පත්තර බලන්නේ නැතුව වගෙයි (නි)

:       0       0

වසන්ත Friday, 16 January 2015 07:57 PM

අනේ පවු මොනවා වුණත් (නි)

:       0       0

චන්ද්‍රා Friday, 16 January 2015 07:58 PM

අපේ රට කිට්ටුව මාළුවෙක් වෙලා ඉපදීමත් පවක්. (නි)

:       0       0

අශෝක Friday, 16 January 2015 09:46 PM

මල්ලි, මොකක්ද දැන් ප්‍රශ්නේ? දැන් ඉන්න කොස්සෝ නම් ටිකක් ගණන් (නි)

:       0       0

නිශාන්ත Friday, 16 January 2015 10:45 PM

ඌ ඉන්න හැටි දකිනකොට දුකයි (නි)

:       0       0

සුජීව Friday, 16 January 2015 11:31 PM

හරකා ජීවත්වෙන්නේ හරක් මස් කාලද? කුකුල් මස් කාලද? මාළු කාලද? අපිට හරකාගේ එළුවාගේ කිරි ටික විතරක් මදිද? කුකුළු බිත්තර මදිද? අහිංසක සතුන් මරන්න එපා. ඔය මාළුවා ජීවත්වුණා නම් තව කොච්චර වටිනවද? හිතන්න! (නි)

:       0       0

රුචිර Saturday, 17 January 2015 01:34 AM

නිවන යනු ප්‍රාර්ථනාවෙන් පමණක් ලැබිය නොහැකි දෙයකි (නි)

:       0       0

උමේෂ් Saturday, 17 January 2015 02:18 AM

ලසන්ත, එයා දැන් ලියන්නේ පිවිතුරු යහපාල නමින් . (නි)

:       0       0

අශාන් Saturday, 17 January 2015 02:29 AM

මිනිසත්කම ලැබූ අපි ඇයි මළකුණු කන්නේ? (නි)

:       0       0

ලලිත් Saturday, 17 January 2015 03:05 AM

බොහොම වටිනා මාළුවෙක් බව පෙනෙනවා. නමුත් ඔය විදිහට ශීත කාමරයක නොදා එළිමහනේ තව ටිකක් වෙලා තිබුනොත් මිනිසුන්ට රුපියල් 1000 ගානේ දීලා කන්න වෙන්නේ කුණු මාළු තමයි. දැනටම මාළුවා ඉදිමිලා වගෙයි පෙනෙන්නේ. (නි)

:       0       0

ඩී. ජී. දිනේෂ් කුමාර Saturday, 17 January 2015 03:24 AM

කිලෝ 146 ක් බරයි. ඇල්ලුව වගේම කිලෝ ඩබල් ට්‍රිබල් වෙලා පාප කර්මෙට ගෙවන්නත් සිද්ධ වෙයි. (නදී)

:       0       0

මංජු Saturday, 17 January 2015 03:50 AM

අහිංසක කොස්සෙක්. අනේ පවු! (නි)

:       0       0

බණ්ඩාර Saturday, 17 January 2015 03:56 AM

දුප්පත් මනුස්සයෙකුට මේ මාළු කෑල්ලක් කන්න ලැබෙන්නෙ නැහැ, කවදාවත්. ගාන ටිකක් අඩු වුණා නම් තමා ඒකේ ප්‍රතිඵල රටටම ලැබෙන්නේ.ඒ ගැනත් ටිකක් හිතුවොත් තමා හොඳ. (නි)

:       0       0

ටි‍රෝන් Friday, 16 January 2015 10:52 AM

මාර කොස්සෙක්නේ! අද නත්තල් වගේ ඇති කට්ටියට (නි)

:       0       0

සිරි Friday, 16 January 2015 10:59 AM

මම හිතුව මේ කොස්සෙකුට ගල් ගහල කියල...(ස)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Friday, 16 January 2015 11:06 AM

මෙහෙමත් පව් කාරයෝ ටිකක්! සතෙක්ගේ ජීවිතය ඌටත් හොරෙන් පැහැරගෙන, කපා කොටා, ලුණු තුනපහ එකතු කර තම්බා තම දිව පිනවා ගන්නා මිනිසුන් ගැන කවර කතාද? (ස)

:       0       0

සිසිිර Friday, 16 January 2015 11:06 AM

අහින්සක මාළුවා. උගේ ගෙදර අය ඌ එනකම් බලාගෙන ඉන්නවා ඇති. (ස)

:       0       0

තේජාන්විත Friday, 16 January 2015 11:14 AM

ජාතික අපරාදයක්. (ස)

:       0       0

සරත් පියසේන Friday, 16 January 2015 11:19 AM

ඕඩි හෙළෙයියා! අපි රකිනු මැන දෙවිඳුනේ! (නි)

:       0       0

සසික Friday, 16 January 2015 11:29 AM

දැන් මිනිසුන්ගේ ‍හොඳ කාලය තමයි උදාවෙන්නේ (නි)

:       0       0

දිනුක ලියනගේ Saturday, 17 January 2015 05:16 AM

අපරාදේ මේ මාලුවව නිදහස් කරන්න තිබුනා නම්. මොකද ප්‍රමාණයේ හැටියට මෙයාව ටැංකියක දැම්මා නම් ප්‍රේක්ෂක ආකර්ෂනය දිනා ගන්න තිබුනා (නදී)

:       0       0

සෙලනිකස් Friday, 16 January 2015 11:44 AM

තෝර මාළු මීටත් වැඩිය ගණන් නේද? (නි)

:       0       0

ටෙෂාන් Friday, 16 January 2015 12:04 PM

අම්මෝ! ඉන්න ශුද්ධවන්තයෝ ටික! එතකොට අමු අමුවේ මිනීමරනකොට කොහෙද අනේ ඔයාලා ගියේ? නිකන් කිඹුල් කඳුළු හෙළන්නේ නැතුව ඉන්න. (නි)

:       0       0

විජය Friday, 16 January 2015 12:09 PM

දැන් අහුවුණ නිසා හොඳයි. තව මාසෙකින් විතර අහුවුණා නම් ඔය මාළුවා රුපියල් 100ක්වත් වටින්නේ නැතිවෙයි. මොකද බඩු මිල ලාබ වෙනවනේ! (නි)

:       0       0

වීරසිංහ Friday, 16 January 2015 12:17 PM

මොනවා වුණත් සතා පවු! (නි)

:       0       0

මනුක Friday, 16 January 2015 12:18 PM

සිසිර, ඔයත් ගෙදර යන්න දැන්. ගෙදර අය ඔයා එනතුරු බලාගෙන ඇති (නි)

:       0       0

තුසිත Friday, 16 January 2015 12:48 PM

මිනිසුන්ගේ බඩගින්දර නිවන සියලුම සතුන්ට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

පට්ටියෙගෙදර Friday, 16 January 2015 12:59 PM

පෙනෙන හැටියට "සී බැස්" මාළුවෙක් වගෙයි. ඇමරිකාවෙ සුපර් මාර්කට් වල විකිණෙන්නෙ රාත්තලක් ඩොලර් 22.00 වගේ මිලකට. (නි)

:       0       0

ශ්‍රීමාන් Friday, 16 January 2015 01:04 PM

දුර්ලභ වර්ගයක කොස්සෙක්.මෙතරම් විශාලව කොස්සෙකු දැක නැහැ.නිදහස් කිරීමේ හැකියාව තිබුනා නම් හොඳයි. නැවත දකින්න ලැබේදැයි සැකසහිතයි. (නි)

:       0       0

බණ්ඩාර Friday, 16 January 2015 01:15 PM

මේක නම් ලොකු අපරාධයක්. (නි)

:       0       0

රවී Friday, 16 January 2015 01:16 PM

කට නිකන් බන්දුල පෙරේරාගේ වගේමයි. ඇරගත්ත ගමන්මයි! (නි)

:       0       0

අරුන් Sunday, 18 January 2015 11:54 AM

පව් පව් කියන අය බලාගෙන (නදී)

:       0       0

කසුන් Saturday, 17 January 2015 06:44 AM

ඔය මොනවා කිවුවත් කට්ටිය මාලු නොකා ඉන්නවද. නිකන් බොරු කියන්නේ එපා එයාලට නෙමි පව ඔයාලට. ඔයාල ඔක්කොම සුදනෝ නේ .කාට හරි හරියන්වට කැමති නැති එවුන් තමා මේ . (අ)

:       0       0

සමන් Saturday, 17 January 2015 06:54 AM

අනේ අනේ ,අපේ මිනිස්සු හිතන හැටි ,ඔය මාළුවා නිසා පවුල් කියක් නම් අද සතුටු වෙනවද ,,,ඔය මා දැලට එන ධීවරයන්ගේ වාසනාව තමා,,එහෙම පාප කාර්ම වලට මුහුණ දෙන්න වෙනවානම් .මේ ලෝකේ මාළු කන ඔක්කම අපායට යාවි නේද ,,,,,,හැම දේම සුබ වාදීව හිතන්න පුරුදු වෙමු නේද....? (අ)

:       0       0

සසික Friday, 16 January 2015 01:38 PM

මනුක, ගමනක් ගිහින් එනකොට කෙනෙක් මේ වගේ මැරිලා හිටියොත් ගෙදර අයට දැනෙන්නේ කොහොමද? (නි)

:       0       0

සමන්ත සිල්වා Saturday, 17 January 2015 04:23 PM

මට දුකයි (නදී)

:       0       0

ඩිල්ෂාන් Friday, 16 January 2015 02:43 PM

මිනිසුන්ට තේරෙන්නේ නැහැ මෙවැනි මාළු මැරුවහම පරිසරයට වෙන හානිය. (නි)

:       0       0

අමරසිරි Friday, 16 January 2015 02:46 PM

ධීවර කර්මාන්තයේ සුභ නිමිති පහළවෙලා.අලුත් ධීවර අැමතිතුමාගෙ වාසනාව. (නි)

:       0       0

ප්‍රශාන් Friday, 16 January 2015 03:49 PM

මෙතන මාළුවා පව් කියලා අදහස් දාන අය හරිම කපටි ටිකක්. ධීවර වෘත්තියේ යෙදෙන මිනිස්සු ජීවත්වෙන්න මාළු අල්ලනවා මිසක් මිනිස්සු මරන්න කියලද කියන්නෙ? නුඹලාගෙ සත්ත්ව කරුණාව නුඹලාටම තියාගෙන අනිත් මිනිසුන්ගෙ බඩට ගහන්නෙ නැතුව හිටියා නම් හරි (නි)

:       0       0

සම්පත් දිවාකර Saturday, 17 January 2015 11:17 PM

ඒ මාලුවා ආත්මයෙන් නිදහස් කරපු අපේ ධිවරටන්ට ගොඩාක් පින් (නදී)

:       0       0

සාලිය Saturday, 17 January 2015 08:08 AM

මෙතන ඉන්න කී දෙනෙක් නිර් - මාංශ ද ? (නදී)

:       0       0

චානක.(ලොස් ඇන්ජලිස්) Friday, 16 January 2015 04:20 PM

මෙවෙනි දුර්ලභ ඝනයේ මාලුන් දඩයම් නොකිරීමට නීති පැනවිය යුතුයි. (නදී)

:       0       0

ලෙස්ලි Saturday, 17 January 2015 08:17 AM

අපිටත් කිලෝ 1ක් දෙනවද ? (බ)

:       0       0

සඳලි Saturday, 17 January 2015 08:19 AM

අනේ පව් මාළුවා ! (බ)

:       0       0

පිටිගල මිලානෝ Friday, 16 January 2015 05:02 PM

ඔලුවේ තිබෙන විශාල සිදුරු දෙක දැක්කහම හරිම කණගාටුයි. ඉතාමත්ම අමානුෂිකයි. මෙවන් පර පණ නසන රැකියා වලට යොමුවෙන්න නරකයි. මෙහි ඇති බැරෑරුම්කම වටහාගෙන ප්‍රාණඝාතයෙන් වළකින්න කියා මම ඔවුන්ගෙන් ඉල්ලනවා. (නි)

:       0       0

බුද්ධික Friday, 16 January 2015 05:31 PM

මුහුදු ඡිවිතය ගැන අපි හොඳට දන්නවා.ඒ නිසා අපි මොකුත් කියන්නේ නැහැ. ජයෙන් ජය ඔබට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 736 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site