(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
“මනුස්සකම යටවී මහා භයානක සමාජ තත්ත්වයක් රටේ ඇති වෙලා. මුදලට මෙන්ම තවත් මුදල් ලබා ගන්නට ඕනෑම දෙයක් පාවාදෙන්න ලෑස්ති පිරිසක් අපේ රටේ ඉන්නවා. විශේෂයෙන්ම දේශපාලනඥයෝ තමන්ගේ අම්මා පවා බන්දේසියක තියලා විකුණන්න ලෑස්ති වෙලා සිටින යුගයක් ඇතිවෙලා“ යැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පැවසුවාය. ඇය මේ බව කීවේ නිට්ටඹුව හොරගොල්ල ඕචඩ්වත්ත මුස්ලිම් විද්‍යාලයේ 25 වැනි සංවත්සරය නිමිත්තෙන් පැවති කලා ප්‍රසංගයේ ත්‍යාග ප්‍රදානයට එක්වෙමිනි.
හිටපු ජනාධිපතිනිය මෙසේ ද කීවාය.
“මගේ ජනාධිපති ධුර කාලයේදී අධ්‍යාපනයට විශේෂ තැනක් දුන්නා. අධ්‍යාපන ඇමති සමග මම පැය ගණන් දවස් ගණන් සති ගණන් ගත කරලා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කර ඒ තුළින් රටේ අධ්‍යාපනයේ විශාල වර්ධනයක් ඇති කරන්න පුලුවන් වුණා“
“නවෝද්‍යා පාසල් වැඩ පිළිවෙල යටතේ හැම ප්‍රාදේශය ලේකම් කොට්ඨාසයකම පාසල් දෙකක් ගානේ පාසල් හත්සිය ගානක් තේරුවා . උතුරු නැගෙනහිර යුද්දේ තිබුණු නිසා ඒ පාසල්වලට අත ගහන්න බැරිවුනා.
අපි බලයට එනකොට විදුහල්පතිවරු සිටියෙත් නැහැ. වැඩි දෙනා කොළඹට යන්න බලා ගෙන හිටියා. ඈත පලාත්වලට යන්න සූදානම් වූ විදුහල්පතිවරුන්ට ගුරුවරුන්ට විශේෂ දීමනාවකුත් දුන්නා. එහේම කරගෙන පාසල් දියුණු කර ගෙන එනකොට ආණ්ඩුව වෙනස්වුනා. දැන් ආපහු මුල ඉදලා ගේන්න වෙලා තියෙනවා. අපි ඒ දේ කරන්න ආරම්භ කර තිබෙනවා.‘‘ යයිද චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන පිරිසේ මුලින්ම ඉන්නෙ මැය නේද ?
අනේ අම්මෝ ඒ කාලෙ කරපුවනම් ආයෙත් පටන් ගන්නෙ නැතිනම් හොඳයි....
අවුරුදු අටක් තිස්සෙ පාලනය කරලත් මේවගේ කතා කියනවා. ඒ කාලෙ අධ්‍යාපන නිලධාරීන්ට උදේ නමයට එන්න කිව්වත් හම්බවන්න වෙන්නේ හවස හයට...
සංහිඳියා උපදේශක කියාගෙන තමුන්නැහෙත් කොරන්නෙ ඔය කෙංගෙඩියමනෙ. සංහිඳියාව බාර ඇමති මඟින් කැබිනට් සංදේශයක් ඉදිරිපත් කරලා ආගම ඉගැන්වීම පාසැල් විෂය නිර්දේශයෙන් අයින් කළ යුතුයි කියල යෝජනා කළේ ජාත්‍යන්තර එන්ජීඕ නඩයේ මුදල් වලින් යැපෙන හින්ද නෙවෙයිද?
අවාසනාවට රිචඩ් පතිරණ ජීවතුන් අතර නෑ. අපි දන්නවා රිචඩ් පතිරණ වටිනා දේවල් රැසක් කළා ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය වෙනුවෙන්