( ඉන්දිකා රාමනායක)
පෞද්ගලික බැංකු සේවිකාවක් වශයෙන් පෙනී සිටිමින් එම බැංකුවේ ස්ථාවර තැන්පතුවලට වැඩි මුදලක් ලබා දෙන බව පවසා රුපියල් කෝටි 2 1/2 ට අධික මුදලක් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට කොළඹ වංචා විමර්ශන කාර්යාංශය මහජන සහය පතයි.
පිළියන්දල , මඩපාත, අලූබෝගහවත්තේ අංක ,66 නිවසේ පදිංචි ප්රත්රමතන්ත්රිගේ දෝන නිශාදි ධනුෂ්කා නැමැති ජාතික හැදුනුම්පත (827253464) දරණ සැකකාරි මෙලෙස අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
මෙම සැකකාරිය ඉහත ලිපිනයේ පදිංචිව සිටියදී 2017,2018 යන වසර වල බැංකුවේ ස්ථාවර තැන්පතු වලට වැඩිම පොලියක් ලබාදෙන බව පවසමින් කාන්තාවන් ඇතුලූ පුද්ගලයින් පස් දෙනකුගේ මුදල් ලබාගෙන ඒ වෙනුවෙන් ඔවුන් ව්‍යාජ තැන්පතු සහතික නිකුත් කර ඇති බව වංචා විමර්ශන කාර්යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
රුපියල් ලක්ෂ 10, 25, 40, 45, 50, වශයෙන් පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන සැකකාරිය මෙම ව්‍යාජ තැන්පතු නිකුත්කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් වංචා විමර්ශන අංශයේ ඒකකය 3 සහ 7 වෙත පැමිණිලි රැසක් ලැබී ඇති බව එම නිලධාරියා කීය.
ඒකක 3 බාර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පිලපිටිය සහ ඒකක 7 බාර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බස්නායක යන මහත්වරුන් විසින් මෙම පරීක්ෂණ ආරම්භ කර ඇත.
ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර මුදල් වංචා කර සාපරාධී සාවද්‍ය පරිහරණය කිරිම සම්බන්ධයෙන් මෙම සැකකාරියට එරෙහිව කොළඹ කොටුව,අලූත්කඩේ,මාලිගාකන්ද,මොරටුව යන මහේස්ත්‍රාත් අධිකරණවල නඩු රැසක් විභාග වන බවද වංචා විමර්ශන අංශය සඳහන් කරයි.
පහත ඡායාරූපයෙන් සිටින මෙම සැකකාරි සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ අධ්යක්ෂ-0112673593,ස්ථානාධිපති කොළඹ වංචා විමර්ශන කාර්යාංශ - 0112673571,කොළඹ වංචා විමර්ශන අංශය - 0112673590, අංක වෙත දැනුම් දෙන ලෙසට පොලිසිය ඉල්ලා සිටියි.

ඡායාරූප සැපයුම - පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදල් දුන් උදවිය ජීවිතේට බැංකුවකට නොගිය උදවිය විය යුතුයි. නැති නම් අදාළ ස්ථිර තැන්පත් සහතික වල පොලිය එකතු වෙන විට බැංකුවෙන් ලියුමක් එවන බව දැනගෙන සිට නැහැ වගේ... වෙනත් කටයුත්තකට බැංකුවට ගිය විටදිවත් මේ තැන්පත් මුදල් ගැන බැංකු නිලධාරින් සමග සාකච්ඡා කර නැද්ද? මේ තැනැත්තිය එකත් එකටම දැන් පිටරටකට පැන ගෙන ඇති.
ඔක්කොම ගනුදෙනු වැඩ කරලා තියෙන්නේ ගෙදර ඉඳලාමයි. හරිම ශෝක් නේ...
මේ තරම් මෝඩ මිනිසුන් ලංකාවේ සිටිනවා යැයි ඇසීම, රටම ලැජ්ජා විය යුතු කරුණක්...
මට හරියටම විශ්වාස නැහැ. නමුත් මේ වගේ කෙනෙක් ලන්ඩන් පන්සලක හිටියා වගේ මතකයි.
අපේ මිනිස්සු තවමත් මොන්ටිසෝරි වැඩ කරන්නේ ඔච්චර පත්තරවල ටීවීවල කොච්චර දැනුවත් කළත් වැඩක් නැහැ. සල්ලි තණ්හාව තියෙනකම් අහක ඉන්න අයට හම්බකරගන්න මෝඩ මිනිස්සු පෝලිමේ යනවා.
ලංකාව කියන්නේ ප්‍රභූ දේශපාලකයාගේ පටන් මහපාරේ සිටින හිඟන්නා දක්වා, හොර තක්කඩින්ගෙන් පිරිණු දූපතක්. මේ දූපතේ සිටින වැසියන් ඒ බව අවබෝධ කරගෙන කටයුතු කළොත් ඇතිවන ගැටළු අවම කර ගත හැකියි. ඉක්මණින් පොහොසත් වෙලා මැරුණාම රැගෙන යන්න. පෙරුම් පුරාගෙන පොදි බඳින තණ්හාවෙන් පිරුණු අය, අනුන් අන්දවන ඇඳුම් උජාරුවට ඇඳ ගත්තට කාටවත් කල හැකි දෙයක් නැහැ. රටේ පවතින ඇත්ත ඇහෙද්දී, භූමිතෙල් ගෑවුණු ගැරඬි වගේ, දේස ප්‍රේමේ ඔලුවට ගහලා, පුහු මාන්නයක් ඇතිකරගෙන, සත්‍යයට පිටුපානකොට, රට තුල පවතින සරල යතාර්ථය නොපෙනීම සාමාන්‍ය දෙයක්...
අල්ලලා දුන්නොත් දෙන තෑගි හැබෑටම මොනවාද ආ ..?
මහජනතාවට පොලිසියෙන් පඩි ගෙවනවද?
දේශපාලනය ගැන නම් මහා ලොකුවට කතා කරනවා. මේ වගේ දේවල් ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ. රුපියල් 100 ක් තැන්පත් හෝ ආපසු ගන්න බැංකුවට යන අය මේවා කරන්නේ හොර රහසේ අහල පහළ අය දැන ගනීවි කියලා... ඔන්න වෙච්ච දේ වැඩි තණ්හාව නිසා. පව් වැඩේට.
අනික දිට්ඨ ධම්ම වේදනීය කර්මය පල දීම අනිවාර්යයෙන් සිදුවෙනවා.
සල්ලි දුන්න අයට ගහන්න හොයනවා... කට්ටියක් මේ අය හොරු බෝ කරනවා. තොත්ත බබාලා...
රනේ අල්ලලා දුන්නොත් අමුඩේ දෙනවා ඔයාට මුහුණටම ගහන්න.
මේ ආකාරයටම කොළඹ වංචා විමර්ශන කාර්යාංශය අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට මහජන සහය ඉල්ලා නොසිටින්නේ මන්ද? අර්ජුන් මහේන්ද්‍රන්ට ජාත්‍යන්තර පොලීසියෙන් රතු නිවේදනයක් තියනවා. කෙනෙකුගේ ලිපිනය, පින්තුරය, ජාතික හැඳුනුම්පත් අංකය මෙලෙස වරදකරුවෙකු වීමට ප්‍රථම ප්‍රසිද්ධියට පත් කිරීම කෙතරම් සදාචාරද යන්න සොයා බැලිය යුතු වෙනවා. ස්ථාවර තැන්පතුවලට බැංකුවකට ගොස් මුදල් තැන්පත් කිරීමේදී අනිවාර්යයෙන්ම තහවුරු කරන ලද රිසිට්පතක් තැන්පතු සහතික නිකුත් කිරීමට ප්‍රථම ලැබෙන බව ඉතාම ලද බොළඳ අයෙකු පවා දන්නවා. මෙය බැංකුවේ ඉතාම දුර්වල කළමනාකරණ අඩුපාඩුවක් මෙන්ම ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය බිඳ දැමීමක්. බැංකුවේ නම සඳහන් නොවීම තුල මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමක් බව පැහැදිලි වෙනවා.
උදව් කරන අපිට පොලිසියෙන් පඩි ගෙවනවද.?
මේ වගේ ලස්සන, හොද තැනක ජොබ් එකක් කරන ගෑණු කෙනෙක් මොකට හොරාකෑවද මන්දා. ඉස්සර මිනිස්සු හොරකම් කරේ බඩ ගින්නට කොස් ගෙඩියක්, කෙහෙල් ගෙඩියක්, ගමේ කඩෙන් බනිස් ගෙඩියක් වගේ නමුත් දැන් ඒකට මේ ලොකු තැන් වල ජොබ් කරන, හොද පෙනුමට ඉන්න මිනිස්සුමයි හොරකම් කරන්නේ.
එ්කනේ කියන්නේ අපි හරි වෙනස් ජාතියක් කියලා ...