
(කාංචන කුමාර ආරියදාස)
කන්ද උඩරට ප්‍රදේශවල මහජනතාව ඉවතලන කැලි කසල ප්ලාස්ටික් අපද්‍රව හා කෘමිනාශක ඇසුරුම් බොහොමයක් මේ වන විට නාවුල බෝවතැන්න ජලාශයේ තම්පත්ව තිබීම නිසා ජලය පරිබෝජනය කරන රජරට ප්‍රදේශවල මහජනතාවට දැඩි සෞඛ්‍ය තර්ජනයකට ලක්වීමේ අවදානමක් තිබෙන බව බෝතැන්න ජලාශභාර ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න මහතා පවසයි.
මේ දිනවල කන්ද උඩරට ප්‍රදේශවලට ඇද හැලෙන වර්ෂාවත් සමඟි විශාල කුණු කසල තොගයක් බෝව තැන්න ජලාශයේ තැන්පත්ව තිබේ.
නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රාජ්‍ය ආයතන වන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය , නාවුල පොලිසිය , නාවුල ප්‍රාදේශීය සභාව බෝතැන්න කාර්යභාරය කාර්යාලය මහවැලි නිලධාරීන් එක්ව රජරටට මෙම කුණු කසල ගලා යෑම වැළැක්වීම සඳහා ඒවා ඉවත් කිරීමේ ශ්‍රම දානයක් සිදු කිරීමට කටයුතු යොදා ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ යාලුවෙක් ලංකාවට ඇවිත් ඉන්නවා. වැස්ස අස්සේ ගංගා වල තියෙන කුණු දැකල පුදුම වෙනවා. ආණ්ඩුව දැන් වත් මේ ප්ලාස්ටික් ඇසුරුම් කරන ආයතන වලට බල කරන්න ඕනේ තමන්ගේ ප්ලාස්ටික් එකතු කරගන්න කියල. මම ඉන්න රටේ ප්ලාස්ටික් ඇසුරුම් දෙද්දී Euro .20 ඉඳල .50 වෙනකල් මුදලක් තියාගන්නවා .ඒවා බාර දෙන්න ඕනේ. මෙච්චර මේ වෙන විනාශය දැකල , නොදැක්ක වගේ ඉන්න පාලකයොයි, රජයේ වගකිවයුතු නිලධාරින්, පඩි ගන්න එකල ලජ්ජා වෙන්න ඕනේ.
ඕවා ගැන කතා කරපු මනුස්සයාව එලවා ගත්තා. තව ටිකකින් මැරුම් කනවා
මිනිසා යනු තිරිසනුන්ටත් අන්ත ජීවී කොටසක් බව මොනවට පෙන්වන පුවතක් සහ පින්තූර කීපයක්. මඩිහේ හාමුදුරැවන් කලෙකට පෙර දෙසූ ලෙස "මිනිසා නොහදා රට හැදිය නොහැකියි" යන්න මෙමඟින් තවත් පැහැදිලි වේ.
මේක තමයි රටේ හැම තැනම තත්ත්වය , කොලපාට කිරී පැකට් , පැනිබීම බෝතල් නැවත එකතුකරගැනීමේ ක්‍රියාවලියක් නොමැතිව මෙම නිශ්පාදන වෙළදපොලට දැමීම තහනම් කල යුතුයි. මම ඕස්ට්‍රේලියාවෙදි දුටුව, ප්‍රසිද්ධ සුපර්මාකට් අසල බෝතල සහ කෑන් එකතුකිරීමේ යන්ත්‍ර ,ඒවට බොතල සහ කෑන් දෑවම ලොකු ගානක වවුචරයක් ලැබෙනව, සේරම ප්‍රතිචක්‍රිය කල හැකි නිශ්පාදන, එම රටවල යෝගට් සඳහා හැඳි දෙන්නෙ නැහැ ඒ නිවසෙදි කන්න හැකිවනසේ, පාරදිගේ කකා බිබි කසල පාරෙ නැත්නම් ඇල දොලට එකතුකරන කැත පුරුදු දුටුවෙ නැහැ ඒක නිසා පරිසරය පිරිසිදුව තිබුන. මේ රටේ මිනිස්සුන්ගෙ මොළ හදන්න ඕන ඒකට මාධ්‍ය සහ ඔය කොම්පැනි කිසිම සහයෝගයක් නැහැ.
ඔය පාවෙල එන ඒව පමණයි , තවත් ගෝනි මලුවල බැඳල පාරෙ තැන් තැන් වලත් ජලාශ ඇල දොල වල පතුලේත් තියෙනවා. මේක මහ කැතම සිරිත්.තියෙන ජනතාව ඉන්න රටක්, යහපත් පුරවැසයෙන් වෙන්න ඉගෙන ගන්න යන ළමයි, යතිවරයො වෙන්න ගානට දහම් පාසල් ගාටන ළමයි කන බොන බිම පැකට දැවටුම පාරෙ දාල යනව අනන්තවත් දැකල තියෙනව, දෙමාපියන් මේව නොදනිනවා නොවේ, ට්‍රිප් යන අය කාපු බීපුව ෂොපින් බෑග් එකේ ගැට ගහල පාර දාල යන ආත්මාර්තකාමී ජනතාව තමයි වැඩිය ඉන්නෙ. මම දැකල අහල නැහැ පරලොව සුගතියට බණ දෙසන කවුරුවත් මේව කියනව. අපි කියන ඒව නොඅසන සමහරු ඒ අය දෙසන ඕනෑම දෙයක් අහන නිසා උන්නාන්සෙලගෙ නිහඬතාවය පුදුමයි.
ප්ලාස්ටික් විතරක් නොවේ.විවිධ ආහාර ඇසුරුම් කරන බෝතල් ප්‍රතිචක්‍රීයකරණය කරන විදියක් නෑ.පත්තර බෝතල් එකතුකරන අය ගන්නේ අරක්කු බෝතල් සහ සමහර බියර් බෝතල් පමණයි.වෙනත් කෑම ජෑම් බෝතල් වර්ණ ගැන්වූ බෝතල් පාරවල් අයිනට විසිකරල දාන හේතුව මේකයි. මොනව හෝ ක්‍රමයක් ඕන මේ නොදිරූ ද්‍රව්‍ය සඳහා.
රට ගැන එහි ජීවත්වන ජනතාව ගැන හැගීමක් හා දැනීමක් නැති, කයෙන් පමණක් මෙහි සිටින සිතින් බටහිර ජීවත්වෙන, ලංකාවේ තිබෙන තම දේපළ වතුපිටි හා හරකාබාන රැක බලාගන්න වගේම තම දාසයන්ගේ වැදුම් පිදුම් ගරු බුහුමන් ලබා ගන්න වගේම, ඩීල් දේශපාලනය හරහා කූඨ ලෙස මුදල් උපයන්න ලංකාවේ ජීවත් වෙන තක්කඩි මජර දේශපාලකයන්ට මේ රටේ ස්වභාවික සම්පත් කළමනාකරණ පරිසරය සුරැකීම හා තිරසාර ආර්ථික සංවර්ධනය රූපවාහිනී සංවාද හා පත්තර පිටු පුරවන්න පුළුවන් හොද ටොපික් විතරක් බව සනාත වෙලා බොහෝ කල්ය. ඒ නිසා මේක තමන්ගේ රට කරගත් තම දරු මුණුපුරන් සමග හැමදාම මෙහි ජීවත් වෙන්න සිතන පතන මිනිස්සු දැන්වත්, මේ රටට ආදරය කරන මේ මහ පොලවේ පය ගහලා ජීවත් වෙන මේ රට තමන් උපන් රට, තමන් ජීවත්වෙන රට, හා කවදා හො තමන්ගේ සිරුර පොලවට පස් වෙන රට බව අවබෝධයක්, හැගීමක් හා දැනීමක් ඇති අයෙක් මේ රටේ නායකත්වයට කර ගත යුතු බවට අවබෝධ කර ගත යුතුව ඇත.