ඇය නමින් මදාරා දිල්හානි අමරසිංහ. වයස අවුරුදු දාසයයි. ගිරාඳුරුකෝට්ටේ ද්විතීක පාසලේ 11 වසරේ උගත් සාමාන්‍ය පෙළ විභාගයට තව තියෙන්නෙ මාස හතක් විතරයි. ඒ නිසා හොඳට පාඩම් කරන්නත් ඕනෑ. ඒත් මේ වෙනකොට මදාරා ඉන්න තත්ත්වෙ හැටියට මහන්සි වෙලා පාඩම් කරන්නත් බැහැ. ඒකට ලොකු හේතුවක් තියෙනවා. මේ කියන්න යන්නෙ මදාරාගෙ කතාව.
විවේක කාලයට ඉස්කෝලෙ යාළුවන් හැමෝම පිට්ටනියට ගිහිල්ලා සෙල්ලම් කරනකොට පුංචි මදාරා ඈතට වෙලා යාළුවන් සෙල්ලම් කරන දිහා බලාගෙන ඉන්නවා. යාළුවන් එක්ක හරිහරියට සෙල්ලම් කරන්න මදාරා කැමතියි. ඒත් සෙල්ලම් කළොත් හවසට අසනීප වෙන බවත්, බෙහෙත් ගන්න දොස්තර මහත්තයා ළ`ගට යන්න වෙන බවත් එයා දන්නවා. ඒ හැම දේකටම වඩා බෙහෙත්වලට ඕනෑ කරන සල්ලි තාත්තා ළ`ග නැති බව මදාරා හොඳින්ම දන්නවා. ඒ නිසා යාළුවො සෙල්ලම් කරන දිහා බලාගෙන ඉඳලා සතුටු වෙන්න මදාරා හිත හදා ගත්තෙ අවුරුදු හතේ අටේ කාලෙදිමයි.
මදාරා උපන්නෙ 1999 අවුරුද්දේ. ඉපදී මාස හයක් විතර යනකොට එයාගෙ වර්ධනය, ඒ වයසේ අනිත් ළමයින්ට සාපේක්ෂව අඩුයි කියලා ඇගේ අම්මටයි තාත්තටයි තේරුණා. ඒ නිසා ඇය මහියංගනය රෝහලට ගෙන ගියා. වර්ධනය අඩු වෙන්න හේතුව තෛරොක්සින් විටමින් ඌණතාවක් කියලා දොස්තර මහත්තුරු කිව්වා. මේ නිසාම ඇගේ ගර්භාෂයට දරුවකු දැරීමේ හැකියාව නැති බවත්, ඇය වැඩිවිය පැමිණීම ගැන නිශ්චිතව කියන්න බැරි බවත් අම්මයි තාත්තයි දැන ගත්තා. එදා ඉඳලා මදාරාට ඛෙහෙත් බොන්න සිද්ධ වුණා. සෙල්ලම් කරලා හරි වෙන වැඩක් කරලා හරි මහන්සි වුණොත් උණ හැදෙන එක සාමාන්‍ය දෙයක් බවට පත් වුණා. එතකොට ඉස්කෝලෙ යන්න බැරි වෙනවා කියලත් මදාරා දන්නවා. ඉගෙනගන්න තිබුණූ දක්ෂකමත්, ආසාවත් නිසා එයා සෙල්ලම් නොකර ඉන්න කැමති වුණා. ඒත් එක දවසක්වත් ඉස්කෝලෙ නොගිහින් ඉන්න කැමති වුණේ නෑ.
මාසෙකට සැරයක් මහියංගන රෝහලේ සායනවලට සහභාගි වෙන අතරෙ එක දවසක් දොස්තර මහත්තයා කිව්ව දෙයින් මදාරාගෙ අම්මගෙයි තාත්තගෙයි මුළු ලෝකෙම කඩාගෙන වැටුණා. ඒ තමයි මේ වනවිට මදාරා ‘හඳුනා නොගත් වකුගඩු ආබාධය‘ කියන රෝගී තත්ත්වයෙන් පෙළෙන බව. මේ රෝගය නිසා මදාරාගේ වකුගඩු දෙකම නිසි තත්වයෙන් ක්‍රියා කරන්නේ නැහැ. ඒ වගේම මේ වනවිට ඇය ඉන්නේ මේ රෝගී තත්වයේ පස්වන අදියරේ. ඇයට අනිවාර්යයෙන්ම වකුගඩු බද්ධ කළ යුතු වෙනවා. මේ ශල්‍යකර්මය කරන්න නම් ඇයට ගැලපෙන වකුගඩුවක් සහ රුපියල් ලක්ෂ හතර හමාරක් විතර අවශ්‍ය වෙනවා. ශල්‍යකර්මය වෙනුවෙන් මුදල් අවශ්‍ය නොවුණත් ශල්‍යකර්මයෙන් පසු ඇයට සමහර ඖෂධ වර්ග වෙනුවෙන් මුදල් ඕනෑ. ශල්‍යකර්මයෙන් දින කීපයකට පස්සේ ඇයට රෝහලෙන් පිටවිය හැකි වුණත් හදිසි තත්වයන් ඇති වෙන්න පුළුවන් කියන අවදානම නිසා ඇය මාස තුනක් විතර යනතුරු රෝහල කිට්ටුව කොහේ හෝ තැනක නතර විය යුතු වෙනවා. ඒ වෙනුවෙන් තමයි ඇගේ තාත්තා ප්‍රියන්තට මුදල් ඕනෙ වෙන්නෙ.
ප්‍රියන්ත කරන්නෙ ගල් වළක රියදුරු රැකියාවක්. වැඩ කරන දවස්වලට විතරයි වැටුප් ලැබෙන්නෙ. ඒ වගේම ඔහුට වයස අවුරුදු දහ හතරක තවත් දියණියක් සහ අවුරුදු දෙකක පුංචි පුතෙක් ඉන්නවා. දරුවෙකුගෙ අසනීපයක වේදනාව ඒ දරුවට වඩා දැනෙන්නෙ අම්මට. ඉතිං මදාරාගෙ වේදනාවත් මදාරාට වඩා දැනුණෙ එයාගෙ අම්මට. ඒ නිසාම ඇය දෙපාරක් හිතන්නෙ නැතිවම, තමන්ගෙ කුසින් බිහි වූ, තමන්ගේ රුධිරය කිරි කර පෙවූ වැඩිමල් දුවට තමන්ගෙ වකුගඩුව ලබා දෙන්න ඉදිරිපත් වුණා. අම්මාගෙ දේවල් හැර වෙන මොනවද දුවෙකුට ගැලපෙන්නෙ? අන්න ඒ නිසා තමයි .
අම්මගෙ වකුගඩුව දුවට හරියටම ගැලපුණේය. දැන් ඉතිං මදාරාගෙ තාත්තට හොයා ගන්න ඕනෙ මේ වෙනුවෙන් ඕනෙ කරන මුදල විතරයි.
තවත් ටික දවසක් යනකොට මදාරාගෙ අම්මාගේ හන්දිපත් ඉදිමෙන්න පටන් ගත්තා. දොස්තර මහත්තුරුන් කිව්වෙ ඒක ආතරයිටිස් නම් වූ රෝගයේ වෙනත් අවස්ථාවක් කියලයි. හැබැයි ඇය මේ රෝගයට ඛෙහෙත් කළොත් සමහර විට ඇගේ වකුගඩුව මදාරාට ලබා දෙන්න බැරි වෙන්නත් පුළුවන්. මේ නිසා දැන් මදාරාගෙ අම්මා ඇගේ මේ රෝගී තත්වයට බෙහෙත් කරන්නෙ නැහැ. වේදනාව ම`ගහැර ගන්න මොනවා හරි කරනවා මිසක් සුව කරගන්න කිසිම දෙයක් කරන්නෙ නෑ. මදාරාට වකුගඩුව ලබා දුන්නට පස්සෙ ඛෙහෙත් කරනවා කියලා හිත හදා ගන්න මේ අම්මට පුළුවන් වුණේ ඇගේ ආදරණීය වැඩිමහල් දියණිය වෙනුවෙන්. දැන් ඔවුන් හැකි ඉක්මණින් මදාරාගේ ශල්‍යකර්මය කර ගන්න තමන්ට පුළුවන් විදියට අවශ්‍ය මුදල් එකතු කරගන්න උත්සාහ කරනවා. ශල්‍ය කර්මය ප්‍රමාද වෙන්න වෙන්න මදාරාගේ වගේම ඇගේ අම්මාගේත් ජීවිත අවධානම වැඩි වෙනවා.
ඉතිං ප්‍රියන්ත ඉල්ලන්නෙ එකම දෙයයි. ‘මට මගේ දුවයි නෝනයි බේර දෙන්න.‘ බුදු දහමේ හැටියට නම් කෙනෙකුගේ ජීවිතයක් බේර ගන්න එක උදව්වක් නෙවෙයි. උපදින ජාති ජාතිත් දෙන කුසල කර්මයක්. දැන් පුංචි මදාරාගේ ජීවිතය තියෙන්නේ ඔබේ අතේ කියලා අමතක කරන්න එපා. ඇය වෙනුවෙන් ඔබේ හදවත සංවේදී වන බව අපට විශ්වාසයි.
ඊ. ජී. ප්‍රියන්ත අමරසිංහ,
මහජන බැංකුව (ගිරාඳුරුකෝට්ටේ ශාඛාව)
268 2001 9003 6883
ලිපිනය -
ඊ. ජී. ප්‍රියන්ත අමරසිංහ,
නො. 250/53,
බතලයාය,
අලූත්තරම.
071 - 5991537 / 072 - 3039130


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නංගියේ අපි ඔබට උදව් එවනවා (ම)
අපි කොහොමහරි උදව්වක් කරනවා. (නි)
හැකි පමනින් උදව් කරමු (නදී)
ප්‍රියන්ත අමරසිංහ මහතාට, ස්විෆ්ට් කෝඩ් : PSBKLKLXXX ගිනුම් අංකය : 268 2001 9003 6883 ට රුපියල් 20 000 එව්වා. එය ලැබීමට දින දෙක තුනක් යයි. ඔබේ දරුවාට සුවය ලැබේවායි පතමි (නදී)
හැකි පමණින් ඉක්මනට ආධාර යවමු. (ර)
කෝ මේ ලෝකේ දෙවිවරු? (ර)
දුවේ අපි ඔයාට උදව් කරනවා (ම)
මේ ගිනුම් අංකයට සම්පත් බැංකුවෙන් ඔන් ලයින් ගෙවන්න බැහැ (නදී)
268 කියනේ ගිරාඳුරුකෝට්ටේ ශාඛාව නොම්මරය. එතකොට ගිනුම් අංකය හරි (නදී)
ඇයි නදී මිස් අවුරුදු 10කට කලින් ඔයා ඔන්ලයින්ද ගෙව්වේ. උදව් කරන්න හිතක් තියනවනම් කොහොම වුණත් කරයි නිදහසට කාරණා කියන්න එපා (බ)
ඔයාට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන (බ)
පවු අහිංසක දරුවා! (නි)
කුඩාගල්ගමුවේ පුංචි දුවගේ සැත්කමටත් මම උදව් කළා. මෙයාටත් උදව් කරනවා (බ)
මේ සතියේ අසරණ පවුල් දෙකකට (ලංකාදීප එසැන තීරුවේ) මුදල් යැව්වා. මේ දුවටත් ලගදීම යවනවා. මම යවන්නේ වෙස්ටන් යුනියන් එකෙන් . එදාම ගන්න හැකියි. (ම)
අනේ අපි හැමෝම හැකි පමණින් උදව් කර මේ අසරණයින්ගේ ජීවිත බේරා දෙමු .ඒ පින් බලෙන් අපේ දරුපටවුන්ගේ මෙන් අපේ ජීවිතද ආලෝක මත් වෙනවා සිකුරුයි ...! මට හැකිපමණින් මා මුදලක් එවමි...! (කේ)