උදා වූ සිංහල අවූරුද්දේ ඉතාලියේ මෝදනා මෛතී‍්‍ර විහාරය සහ මෝදෙනා ලංකා සංස්කෘතික හා සමාජ සේවා සංගමයේ සංවිධානයෙන් මහත් උත්කර්ශවත් අන්දමින් අවුරුදු උළෙල පැවැත්විණි.
අවුරුදු චාරිත‍්‍ර ඉටු කිරීම මෛතී‍්‍ර විහාරස්ථානයේදී විහාරාධිපති මෙදේරිපිටියේ විමලරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් සිදු විය. මහා මාර්ග හා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රධාන ආරාධිතයා විය. සියලූ අවුරුදු කී‍්‍රඩා සහ සංස්කෘතිකාංග ද සංගීත සංදර්ශනයක්ද උළෙලේ කැපී පෙනිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොද වැඩක්. අතිසාර්ථක බක්මහ උළෙලක්. නගරාධිපති, පොලීසියෙ ප්‍රධානිය සහ ලංකාවෙන් ඇමති රෝහිත අබේගුණවර්ධන ඇතුලු ආරාධිත අමුත්තන් පිරිවරාගෙන ඉතාම සංවිධානාත්මකව හා සාර්ථකව පවත්වන්නට යෙදුන මෝදනා බක්මහ උළෙල ශ්‍රි ලාංකික අපට මහත් ආඩම්බරයකි. යුරෝපයෙ වෙසෙන අපි කා හටත් අළුත් මගක්,හොද ගමනක පෙරණිමිති පෙන්වූ මෙය අගේ කළ යුත්තකි. මෙය සංවිධානය කල සංවිධායක මඩුල්ලටත්,සියළු අනුශාසනා ලබා දුන් මෝදනා විහාරාධිපති මැදිරිපිටියේ විමලරතන මහ නාහිමිටත් මිලානෝ වලින් සහභාගිවූ අප සියළු දෙනාගේ හද පිරි ප්‍රනාමය! (නි)
අයියෝ කුහක සිතින් බලන්න එපා. මෙහෙම දෙයක් සංවිධානය කළ එක අගයන්න. (නි)
දේශපාලනය නැත්තෙ කොතනද? කන බත් එකේ ඉදන් අනිත් සියලු දෙයටම දේශපාලනය තියෙන බව අමතක කරන්න එපා. මෙවන් උළෙලවල් වලට පැමිනි ඇමතිතුමාට අප ස්තුතිවන්ත විය යුතුයි. රට නියෝජනය කිරීමට ඇමතිතුමා පැමිනි එක කොතරම් අගනේද? (නි)
අරයා හිටියේ විකට ඇඳුම් තරගේටද? ඒත් එයාලා වැඩියෙන් දක්ෂ කඹ අදින්න, එහෙම නැත්නම් පිල් මාරුකර කර චක්ගුඩු ගහන්න. (නි)
උත්සවේ ජයටම සැමරෙන්නේ අවුරුදු කුමරුන් වේගෙන් සෙට්වෙන්නේ ඩිකියේ දොර බාගෙට ඇරගන්නේ වැඩ අල්ලලා වැනි වැනි පැමිණෙන්නේ... (නි)
දේශපාලනය ගාවා ගන්නේ නැතුව කරන්න පුළුවන් නම් අපි සතුටුයි. ලංකාවේ දේශපාලනේ ගෑවෙන තැන ප්‍රශ්න නිසයි මම මේ කිවුවේ. (නි)
ඇමති තුමාට අවුරුදු උත්සවේ බලන්ට යන්ට ටිකෙට් එකට වියදම් කලේ සල්ලි ගත්තේ අපේ සක්කුවෙන්ද?(නදී)
රෑ වෙලා පාටියක් තිබුනේ නැද්ද? තිබුණා නම් පින්තූරත් දාන්නකෝ අපිට බලන්න (නි)
කළුතර පැත්තේ ගියාම නෙලුම් මලේ ගුණ ඇහෙනවා. (නි)
දේශපාලනිකරනය වුණු අවුරුද්දක්. (නි)
දේශපාලනය ගාවා නොගෙන මේ අවුරුදු උළෙලවල් සමරනවා නම් තමයි අපි කැමති (නි)
ඉතාලියේ ඉන්න අපේ මිතුරනේ, අපේ රටෙන් ඔබට ඉතාලි යන්න ඍජුව හා වක්‍රව දායකත්වය දුන්නේ කවුද කියලා අපි දන්නවා. ඒක ඔයාලට වාසනාවක් බව ඇත්ත. නමුත් කීදෙනාද ඉතාලි ඉන්නේ. ඔක්කොම ඉන්නේ මැදපෙරදිග. (නි)
කණගාටුයි මෙහෙම කියන්න වුණාට. දේශපාලනය නැතුව මොකුත්ම බැරිද? (නි)
දේශපාලනයේ හොද චරිත ඉන්නවා කියල මම නම් පිළිගන්නේ නැහැ. පක්ෂ විපක්ෂ කිසි කෙනෙක් නැහැ මට නම් හොද. (නි)
මිතුරනේ, හොද වුණත් නරක වුණත් පුළුවන් හැම අතකින්ම මේ දේශපාලන ක්‍රමයට විරුද්ධ වෙන්න. (නි)
දෙයියනේ! අපේ මිනිස්සුන්ට තමන්ගේ උත්සාහයෙන් නැගිටින්නම බැරිද? (නි)
ඔවු ඔවු ගත්තු උදවු වලට හිලවු කරන්නත් එපයි.අපි දන්නවා ඔය බයිලා.(නදී)
මෙහෙ ඇවිත් සාමාන්‍ය විදියට ඉන්න පුලුවන්නම් ඇයි ලංකාවේදී එහෙම ඉන්න බැරි .....අනේ මම දන්නේ නැති නිසයි මේ අහන්නේ. (නි)
කෝ ඇමතිතුමා නැනේ කඹ ඇදිල්ලට? මෙහෙ ඇදල, ඇදල මහන්සි ඇති මගේ හිතේ..අලියාගේ ඇහැට අනින්නවත් ගියේ නැද්ද මෙහෙ වගේ.(නදී)
සුකිරි, අහන්නත් ඕන ප්‍රශ්නයක්ද ඕක? අපේ සාක්කුවෙන් නැතුව, ඉතාලි රජය අරන් දෙනවැයි ටිකට්.(නදී)
රත්රන් මල පරෙසම් කරගන්න.(නදී)
ඉතාම හොද උත්සවයක්....!(නු)
දේශපාලකයන්ට බැන බැන ඉන්නේ නැතිව. අපේම උත්සාහයෙන් නැගිට්ටෝත් හොදයි නේද?(නදී)
ලාල් ගලබොඩ, ඔයා උම්බෑ කියන්න එපා. එතකොට සතා අදුන ගන්නවා. ලෙක්කො, මිලනො තරම් මොදෙනා පිරිහිලා නෑ. ඔයා ලියන්නේ ඔයාලා කරන දේවල් නේ. අපිත් ගිය නිසයි ලියන්නේ. හොද දේ අගයන්න. ඔයා මේ පිටුවේ සියලු දේකම හොදක් දකින්නේම නෑ. ඔයා වගේ අය ඕනේ තරම් ඉන්නවා. හිත පිරිසිදු කරන් හොද දේ අගයන්න. (නදී)
ජෝයි..මඩ ගොහොරුවලත් නෙළුම් මල් පිපෙනවා. නරුම විදියට හිතලා වත්මන් සමාජයේ වැඩ කරන්න බෑ. කියන්න විතරක් පුලුවන්. හොද දේ අගයන්න අස් කොන් විතරක් දැක්කම හොදක් පේන්නෙම නැති වෙනවා. (නදී)