IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මෝදනා අවුරුදු උලෙළ

උදා වූ සිංහල අවූරුද්දේ ඉතාලියේ මෝදනා මෛතී‍්‍ර විහාරය සහ මෝදෙනා  ලංකා සංස්කෘතික හා සමාජ සේවා සංගමයේ සංවිධානයෙන් මහත් උත්කර්ශවත් අන්දමින් අවුරුදු උළෙල පැවැත්විණි.
අවුරුදු චාරිත‍්‍ර ඉටු කිරීම මෛතී‍්‍ර විහාරස්ථානයේදී විහාරාධිපති මෙදේරිපිටියේ විමලරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් සිදු විය. මහා මාර්ග හා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රධාන ආරාධිතයා විය. සියලූ අවුරුදු කී‍්‍රඩා සහ සංස්කෘතිකාංග ද  සංගීත සංදර්ශනයක්ද  උළෙලේ කැපී පෙනිණි.



අදහස් (0)

මෝදනා අවුරුදු උලෙළ

පාඨලී පුත්‍ර Wednesday, 17 April 2013 01:10 AM

ඉතාම හොද වැඩක්. අතිසාර්ථක බක්මහ උළෙලක්. නගරාධිපති, පොලීසියෙ ප්‍රධානිය සහ ලංකාවෙන් ඇමති රෝහිත අබේගුණවර්ධන ඇතුලු ආරාධිත අමුත්තන් පිරිවරාගෙන ඉතාම සංවිධානාත්මකව හා සාර්ථකව පවත්වන්නට යෙදුන මෝදනා බක්මහ උළෙල ශ්‍රි ලාංකික අපට මහත් ආඩම්බරයකි. යුරෝපයෙ වෙසෙන අපි කා හටත් අළුත් මගක්,හොද ගමනක පෙරණිමිති පෙන්වූ මෙය අගේ කළ යුත්තකි. මෙය සංවිධානය කල සංවිධායක මඩුල්ලටත්,සියළු අනුශාසනා ලබා දුන් මෝදනා විහාරාධිපති මැදිරිපිටියේ විමලරතන මහ නාහිමිටත් මිලානෝ වලින් සහභාගිවූ අප සියළු දෙනාගේ හද පිරි ප්‍රනාමය! (නි)

:       0       0

සුමුදු.මිලානෝ. Wednesday, 17 April 2013 01:14 AM

අයියෝ කුහක සිතින් බලන්න එපා. මෙහෙම දෙයක් සංවිධානය කළ එක අගයන්න. (නි)

:       0       0

පුෂ්පික.මෝදනා,ඉතාලිය. Wednesday, 17 April 2013 01:24 AM

දේශපාලනය නැත්තෙ කොතනද? කන බත් එකේ ඉදන් අනිත් සියලු දෙයටම දේශපාලනය තියෙන බව අමතක කරන්න එපා. මෙවන් උළෙලවල් වලට පැමිනි ඇමතිතුමාට අප ස්තුතිවන්ත විය යුතුයි. රට නියෝජනය කිරීමට ‍‍ ඇමතිතුමා පැමිනි එක කොතරම් අගනේද? (නි)

:       0       0

සේනක Wednesday, 17 April 2013 02:50 AM

අරයා හිටියේ විකට ඇඳුම් තරගේටද? ඒත් එයාලා වැඩියෙන් දක්ෂ කඹ අදින්න, එහෙම නැත්නම් පිල් මාරුකර කර චක්ගුඩු ගහන්න. (නි)

:       0       0

ලාල් ගලබඩ ලේක්කෝ නගරය Wednesday, 17 April 2013 03:40 AM

උත්සවේ ජයටම සැමරෙන්නේ අවුරුදු කුමරුන් වේගෙන් සෙට්වෙන්නේ ඩිකියේ දොර බාගෙට ඇරගන්නේ වැඩ අල්ලලා වැනි වැනි පැමිණෙන්නේ... (නි)

:       0       0

ජෝයි Tuesday, 16 April 2013 04:45 PM

දේශපාලනය ගාවා ගන්නේ නැතුව කරන්න පුළුවන් නම් අපි සතුටුයි. ලංකාවේ දේශපාලනේ ගෑවෙන තැන ප්‍රශ්න නිසයි මම මේ කිවුවේ. (නි)

:       0       0

සූකිරි Tuesday, 16 April 2013 04:46 PM

ඇමති තුමාට අවුරුදු උත්සවේ බලන්ට යන්ට ටිකෙට් එකට වියදම් කලේ සල්ලි ගත්තේ අපේ සක්කුවෙන්ද?(නදී)

:       0       0

සේන Tuesday, 16 April 2013 04:47 PM

රෑ වෙලා පාටියක් තිබුනේ නැද්ද? තිබුණා නම් පින්තූරත් දාන්නකෝ අපිට බලන්න (නි)

:       0       0

පාල Wednesday, 17 April 2013 08:11 AM

කළුතර පැත්තේ ගියාම නෙලුම් මලේ ගුණ ඇහෙනවා. (නි)

:       0       0

රාණි Wednesday, 17 April 2013 08:12 AM

දේශපාලනිකරනය වුණු අවුරුද්දක්. (නි)

:       0       0

නිමලා Wednesday, 17 April 2013 08:14 AM

දේශපාලනය ගාවා නොගෙන මේ අවුරුදු උළෙලවල් සමරනවා නම් තමයි අපි කැමති (නි)

:       0       0

සුබසිංහ Wednesday, 17 April 2013 08:16 AM

ඉතාලියේ ඉන්න අපේ මිතුරනේ, අපේ රටෙන් ඔබට ඉතාලි යන්න ඍජුව හා වක්‍රව දායකත්වය දුන්නේ කවුද කියලා අපි දන්නවා. ඒක ඔයාලට වාසනාවක් බව ඇත්ත. නමුත් කීදෙනාද ඉතාලි ඉන්නේ. ඔක්කොම ඉන්නේ මැදපෙරදිග. (නි)

:       0       0

මාලා Wednesday, 17 April 2013 08:19 AM

කණගාටුයි මෙහෙම කියන්න වුණාට. දේශපාලනය නැතුව මොකුත්ම බැරිද? (නි)

:       0       0

ලසන්ත Wednesday, 17 April 2013 08:21 AM

දේශපාලනයේ හොද චරිත ඉන්නවා කියල මම නම් පිළිගන්නේ නැහැ. පක්ෂ විපක්ෂ කිසි කෙනෙක් නැහැ මට නම් හොද. (නි)

:       0       0

නීලා Wednesday, 17 April 2013 08:22 AM

මිතුරනේ, හොද වුණත් නරක වුණත් පුළුවන් හැම අතකින්ම මේ දේශපාලන ක්‍රමයට විරුද්ධ වෙන්න. (නි)

:       0       0

රීටා Wednesday, 17 April 2013 08:48 AM

දෙයියනේ! අපේ මිනිස්සුන්ට තමන්ගේ උත්සාහයෙන් නැගිටින්නම බැරිද? (නි)

:       0       0

වීරසිංහ Wednesday, 17 April 2013 08:49 AM

ඔවු ඔවු ගත්තු උදවු වලට හිලවු කරන්නත් එපයි.අපි දන්නවා ඔය බයිලා.(නදී)

:       0       0

ඇන්ටන් Tuesday, 16 April 2013 06:20 PM

මෙහෙ ඇවිත් සාමාන්‍ය විදියට ඉන්න පුලුවන්නම් ඇයි ලංකාවේදී එහෙම ඉන්න බැරි .....අනේ මම දන්නේ නැති නිසයි මේ අහන්නේ. (නි)

:       0       0

රකිත් Wednesday, 17 April 2013 10:50 AM

කෝ ඇමතිතුමා නැනේ කඹ ඇදිල්ලට? මෙහෙ ඇදල, ඇදල මහන්සි ඇති මගේ හිතේ..අලියාගේ ඇහැට අනින්නවත් ගියේ නැද්ද මෙහෙ වගේ.(නදී)

:       0       0

රකිත් Wednesday, 17 April 2013 10:53 AM

සුකිරි, අහන්නත් ඕන ප්‍රශ්නයක්ද ඕක? අපේ සාක්කුවෙන් නැතුව, ඉතාලි රජය අරන් දෙනවැයි ටිකට්.(නදී)

:       0       0

අජිත් Wednesday, 17 April 2013 10:56 AM

රත්රන් මල පරෙසම් කරගන්න.(නදී)

:       0       0

හසන්ත Tuesday, 16 April 2013 07:42 PM

ඉතාම හොද උත්සවයක්....!(නු)

:       0       0

දිනේෂ් Wednesday, 17 April 2013 12:48 PM

දේශපාලකයන්ට බැන බැන ඉන්නේ නැතිව. අපේම උත්සාහයෙන් නැගිට්ටෝත් හොදයි නේද?(නදී)

:       0       0

සුසිල් මිලනො Wednesday, 17 April 2013 01:22 PM

ලාල් ගලබොඩ, ඔයා උම්බෑ කියන්න එපා. එතකොට සතා අදුන ගන්නවා. ලෙක්කො, මිලනො තරම් මොදෙනා පිරිහිලා නෑ. ඔයා ලියන්නේ ඔයාලා කරන දේවල් නේ. අපිත් ගිය නිසයි ලියන්නේ. හොද දේ අගයන්න. ඔයා මේ පිටුවේ සියලු දේකම හොදක් දකින්නේම නෑ. ඔයා වගේ අය ඕනේ තරම් ඉන්නවා. හිත පිරිසිදු කරන් හොද දේ අගයන්න. (නදී)

:       0       0

සුසිල් මිලානෝ Tuesday, 16 April 2013 09:44 PM

ජෝයි..මඩ ගොහොරුවලත් නෙළුම් මල් පිපෙනවා. නරුම විදියට හිතලා වත්මන් සමාජයේ වැඩ කරන්න බෑ. කියන්න විතරක් පුලුවන්. හොද දේ අගයන්න අස් කොන් විතරක් දැක්කම හොදක් පේන්නෙම නැති වෙනවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 710 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 451 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site