ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ලබන මාර්තු මාසයේදී නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි ‘‘ටයිම්ස් ඔෆ් ඉන්දියා“ වෙබ් අඩවිය කියයි.
යම් හෙයකින් ඔහු පැමිණියහොත් වසර 28කට පසු ඉන්දීය අගමැතිවරයකු නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රථම අවස්ථාව එය වනු ඇත.
ඉන්දීය අගමැතිවරයකුවූ රජිව් ගාන්ධි 1987දී ශ්‍රී ලංකාවට පැමිණියේය.
ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහකා උපුටා දක්වමින් ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත කියනුයේ ලබන පෙබරවාරියේදී ශ්‍රී ලංකාවේදී රැස්වන ඉන්දු ශ්‍රී ලංකා ඒකාබද්ධ සැසිවාරය සඳහා ඉන්දීය විදේශ ඇමැතිනී සුෂ්මා ස්වරාජ් මහත්මියගේ ආගමනයෙන් පසුව ශ්‍රී ලංකාවේ නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ඉන්දීය සංචාරයක් සඳහා යනු ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අසල්වැසි රට අපේ රටට වඩා හැටගුණයක් විශාල බව අමතක නොකළ යුතුයි (නි)
එහෙම එන එක හුඟක් හොඳයි. (ර)
අපිට නොවෙයි හොඳ යාපනයට. ඔහොම යන් දීපු අයට තේරෙයි (නදී)
එහෙනම් එතුමාත් ලංකාවට එනවා... හොඳයි හොඳයි (නි)
කුමාර් ඔයාට මොනවගේ දෙයක්ද තියෙන්නේ. ඔයාල අඹරපු ගුලි හොදටම ඇති. හොඳ දෙයක් වෙන කොට බලාගෙන ඉන්න (නදී)
එහෙම වෙනවා නම් අපි කැමතියි. බලමුකෝ නව වෙනස කොහොම වෙයිද කියලා (නි)
ගුලිය අඹරන්ට යන්නේ (නදී)
එහෙම තමයි වෙන්න ඕනේ (නදී)
චන්ද වේදිකාවට ගෙනැල්ල කතාකරානම් ජුන්ධා දිනුම් (අ)