දෙවිනුවර කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවර යාත‍්‍රාවක් මුහුද මැදදී ආක‍්‍රමණය කළ මුහුදු කොල්ලකරුවන් දස දෙනකු එහි බෝට්ටුකරුද සමග එක්ව එහි සිටි පස්දෙනකුට පිහියෙන් ඇන අත්පා බැඳ මුහුදට දමා ඇතැයි ද ඉන් දෙදෙනකු නැවකින් බේරාගෙන නාවික හමුදාවට බාරදී ඇතැයි ද පොලිසිය කියයි.
එම දෙදෙනා රෝහලට ඇතුළු කරන ලැබූහ. කුඩාවැල්ලෙන් මුහුදු ගිය ‘තේජාන්’ යාත‍්‍රාව ගැන හෝ එහි බෝට්ටුකරු ගැනත් මුහුදට දැමූ තිදෙනා ගැනත් වාර්තා වී නැත.
ඡායාරූප සජීව විජේවීර
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හැමතැනම මෙහෙම දේවල් තමයි අහන්න ලැබෙන්නේ (නි)
වැරදිකරුවන්ට උපරිම දඩුවම් දෙනු! (නි)
නාවික හමුදාව මේ ගැන සොයන්න ,මෙය අපේ රටට තර්ජනයක් (ස)
මුහුදේ මාලු මරණවා වාගේ දැන් ධීවරයන්වත් මරන්න පටන් අරන්. (නි)
කොටි හිතවාදීන්ගේ අළුත්ම සෙල්ලම.(නදී)
කහවත්තෙත් මරණ... මුහුද මැදත් මරණ... (නි)
ධීවරයන්ට හමුදා පුහුණුව සමග ටී56 දෙමුද මුහුදු යන්න? (නි)
අනේ මන්දා අපේ රටේ මිනිස්සුන්ට මොනවා වෙලාද කියලා හිතා ගන්න බෑ (ස)
මේකත් සමහරවිට නාට්‍යක් වෙන්න ඇති (ස)
ලංකාව සෝමාලියාව වගේ වෙයි නෙමෙයි....සොමාලියාව තමයි (ස)
ලාංකාවෙ ප්‍රධානම ආදයම් මාර්ගය හොරකම වෙයිද? අපිටත් අනාගතයේ හොරකමේ යන්න වෙයිද?(නු)
මේ කොල්ලකරුවනුත් ලාංකිකයෝ වෙන්න ඇති නේද? (ස)
දිය ගොඩ හැම තැන හොරු පැතිරේ..... (ස)
මහ මුහුද විතරයි පොඩ්ඩක් නිදහසේ තිබුණේ. දැන් ඒකත් ඉවරයි (ස)
දැන් ශ්‍රීලංකාව සෝමාලියාව වගේ වෙලා සෝමාලියාවේ ප්‍රදාන අදායම් මාර්ගය මුහුදු කොල්ලකෑම නේද හා ???(නු)
මදෑ කොලා, දැන් රටේ ඉන්නත් බැහැ, මුහුදට පනින්ත් බැහැ (ස)
අනේ කලේ වනේ වාසේ කිව්වලු. මේකත් අරයගේ ගේ වැඩක් වෙන්න ඇති. (ස)
මුහුදු රකුසා සමග ජීවන සටන ගෙනයන අහිංසකයන්ට පාත් වී ඇති සෙනසුරෙක්... (නි)
ශුවර් එකට ඕකත් විජාතික කුමණ්ත්‍රණයක ප්‍රථිඑලයක් (ස)
මෙතන සැකයක් තිබෙනවා. ඇයි අත පය බැන්දේ? (නි)
කෝ අර මූදු කොල්ල කරුවාගෙන් බේර ගන්න ආණ්ඩුව කිව්ව මූදු නාවිකයෝ...