හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතාගේ නිවස අසළ වෙනත් නිවසක රජයේ වාහන දෙකක් හිමිකරුවකු නොමැතිව නවතා ඇතැයි ලැබුණු තොරතුරකට අනුව ගාල්ල පොලිසියේ නිලධාරීහු එහි ගොස් අද ඒ වාහන පරික්ෂා කළහ. නිවැසියන් කීවේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ රියදුරන් මේ වාහන තම නිවසේ නිතර නිතර නවතා තබන බවයි. පොලිසිය එතැනින් නික්ම ගිය පසු එහි පැමිණි දෙදෙනෙක් මේ වාහන රැගෙන ගියහ. පොලිසිය පැවසුවේ නිශාන්ත මුතුහෙට්ටිගම මහතා භාවිතා කළ වාහන සියල්ල සඳුදා භාර දීමට කටයුතු කරන බව දැනුම් දී ඇති බවයි. හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම් ජනක් ප්‍රියන්ත ඉලේසිංහ මහතා කියා සිටියේ ද අද පොලිසියේ පරීක්ෂාවට ලක්වූ වාහන දෙක ඇතුළුව නියෝජ්‍ය අමාත්‍යවරයාත් ඔහුගේ කාර්ය මණ්ඩලයත් භාවිතා කළ වාහන හතක් ඇති බවයි. ඒ සියල්ල සඳුදා අමාත්‍යාංශයට ආපසු භාර දීමට කටයුතු සූදානම් කැර ඇති බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා බලලා මගේ බඩත් බුරුල් උනා (නදී)
වාහන 7කට වත්තේ ඉඩ නැති නිසා වෙන්නැති 2 ක් එහා ගෙදර නතර කරලා තියෙන්න ඇත්තේ...පව් අහිංසකයා. (නදී)
සින්නක්කරයටම ලියල දුන්නු රටක අපිට තවමත් ජිවත් වෙන්න සිද්ද වෙලා තියෙන්නේ. (නදී)
යුද්ධය දිනුව එක ඇත්ත ඒත් හැමදාම ඉන්න දෙන්න බෑනේ (දිල්)
මෙයාගේ දේපල වගේ හරියට මේ වාහන තාමත් තියාගෙන ඉන්නේ. හිතුවේ නෑ මෙහෙම වෙනවා කියලා. (නදී)
ඔය පොඩි වාහන 2ක්. තව කොච්චර ඇත්ද ඔය වගේ? (නදී)
බාර දෙන්න කලින් කෑලි ගලවයිද ? (නදී)
යන්න යන්න ප්‍රබාකරන් වගේ මාලිගා හම්බුවේවි.(අ)
මේ හාදයම නේද ලඟදි දවසක් කාටද ගහලා, මරන්න හදලා, මහා රෑම එයාපෝර්ට් එකේ "VIP lounge " එකෙන් හොරෙක් වගේ පැනලා, රට ගියේ? හොඳ, හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට අක්කේ! ඇස් ඇරගෙන, කන් ඇරගෙන ඉන්නකෝ ඕවා බලන්න!(අ)
කොහොමද තුන්වෙනි පාරත් හම්බ උනා නම්, රටක් ඉතුරු වෙන එකක් නැහැ. (නදී)
නලින් හරියට හරි (නදී)
මේ පුංචි රටේ වෙලා තියෙන ව්‍යසනය දුටුවම ඇස්, කන් අදහාගත නොහැක. මේක තමා පහුගිය ටිකේ කොටි බිල්ලෙක් මව මවා බෙරිහන් දුන්නේ. (නදී)
නියෝජ්‍ය ඇමති කෙනෙකුට වාහන හතක් තියෙන ලෝකයේ එකම රට ලංකාව වෙන්න ඇති (නදී)
ගම්මිරිස් ඇමති කම තිබිලා මෙහෙම නම් කොස්, පොල් වගේ ඇමතිකමක් ලැබුනා නම් කොහොම හිටීවිද? (නදී)
දැන් කෝ මේ තීරුවට ලියමින් කඩේ ගිය කට්ටිය ? රටේ උත්තරීතර නිලයක් දරන මහත්තයෙක් කියල තිබුනා දෙවියන්ගේ බුදුන්ගේ පිහිට නිසයි මගේ මලය පරාද උනේ කියලා. කට්ටිය හිතාගන්නකෝ ඉතුරු ටික (නදී)
මම එකක් අවදාරණයෙන් කියමි. මේ වැරදි කර තිබෙන දේශපාලකයන්ට ලංකා නීති සංග්‍රහය යටතේ අනෙක් පුරවැසියාට දෙන දඬුවමම දිය යුතුයි කියා. නමුත් මොවුන් කියන්නේ වැරදී ඔප්පු කලොත් ඉල්ලා අස්වී ගෙදර යන බවයි. එහෙම වැරදී කර තිබෙනවා නම් යැවිය යුතු වන්නේ ගෙදරට නොවෙයි සිර ගෙටයි.(නදී)