මහින්ද රාජපක්‍ෂ අගමැති වීමෙන් පසු පොලිස් මුල්‍ය අපරාධ විමර්ෂණ කොට්ටාසයේ නිලධාරීන්ට දඩුවම් ලබා දෙන බව ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා එසැණ සමග පැවසිය. දුරකථනය මගින් ඒ මහතා සමග කළ සංවාදය පහත පළවේ.
ප්‍රශ්නය, මන්ත්‍රීතුමා මොකද මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙලා තියෙන්නේ?
පිළිතුර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මොනවත් වෙලා නැහැ. අපි හැමෝම පක්ෂයත් එක්ක ඉන්නවා.
ප්‍රශ්නය, පක්ෂයට මොනවත් වෙලා නැහැ කියලා ඔබ කිව්වට රටේ ජනතාව දන්නවා පක්ෂය පිල් දෙකකට බෙදිලා කියලා.
පිළිතුර, ඒක දැනට පොඩි මත ගැටුමක් විතරයි. හැම ප්‍රශ්නෙම බත් මුට්ටිය ඉදෙනකම් විතරයි කියනවානේ.
ප්‍රශ්නය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති කල යුතුයි කියන මතයේ ඔබත් ඉන්නවද?
පිළිතුර, අනිවාර්යෙන්ම එතුමා අගමැති කල යුතුයි. අවුරුදු 10ක් පුරාවට එතුමා රටට කරපු දේ අපි දන්නවා. ඔහු අගමැති කරන සටනේ මම ඉදිරියෙන්ම ඉන්නවා.
ප්‍රශ්නය, මැතිවරණයට ප්‍රථම ඔහුට අගමැති අපේක්ෂකත්වය ලබා දිය යුතුද?
පිළිතුර, අපි එහෙම කියන්නේ නැහැ. ප්‍රථමයෙන් එතුමාට පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන්න අපේක්ෂකත්වය දිය යුතුයි. ජයග්‍රහණය කල පසු අගමැති කල යුතුයි.
ප්‍රශ්නය, එතුමාට නාමයෝජනා ලැබෙයිද?
පිළිතුර, එක තීරණය කරන්නේ පක්ෂයේ නාමයෝජනා මණ්ඩලය.
ප්‍රශ්නය, නමුත් අවසාන තීරණය තියෙන්නේ පක්ෂයේ සභාපති වශයෙන් ජනාධිපතිතුමා අතේ නේද?
පිළිතුර, එහෙම වෙන්නේ කොහොමද? නාමයෝජනා මණ්ඩලයේ තීරණය තමයි අවසාන තීරණය. මට නාමයෝජනා ලැබෙයිද නොලැබෙයිද කියලා මම දන්නේ නැහැ. නමත් මහින්ද මහතාට ලැබිය යුතුයි. එහෙම නැති උනොත් එදාට තමයි පක්ෂය දෙකට කැඩෙන්නේ.
ප්‍රශ්නය, ඒ කියන්නේ බත්මුට්ටිය බිදෙනවා.
පිළිතුර, අනිවාර්යෙන්ම.
ප්‍රශ්නය, මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවෙන් තමන්ට නිසි තැන නොලැබුණා කියලා ඒ කාලේ ඔබ මාධ්‍යට ප්‍රකාශ කළා. අද ඔබ හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී හිටිනවා. මොකක්ද මේ වෙනස?
පිළිතුර, ඒ කාලේ මගේ හිත රිදවීමක් තිබුනා තමයි. නමුත් දන් මම ඒවා අමතක කරලා ඉන්නේ. දැන් එතුමාට අපේ සහයෝගය අවශ්‍ය වෙලාව.
ප්‍රශ්නය, ඔබේ පළාතේ ඇමතිවරයෙක් වන ඩි වී උපුල් පසුගියදා පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් මහින්ද රජයක් යටතේ ගල් ගසා මරා දමන බවට තර්ජනය කළා. ඔබ මොකද ඒ ගැන කියන්නේ.
පිළිතුර, මම මොනවත් ඒ ගැන කියන්නේ නැහැ. එතුමාගේ ආවේගය ඒ අවස්ථාවේ පිටවෙන්න ඇති. මමත් කියනවා මහින්ද රජයක් යටතේ ඕක විසුරුවා හරිනවා. ඔව්න්ට දඩුවම් දෙනවා.
ප්‍රශ්නය, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා සමග මේ වනවිට සිටින අය පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයට විරුද්ධව නොයෙක් මත ප්‍රකාශ කරනවා. ඇයි ඒ ?
පිළිතුර, විමර්ශනය කරන්නෙත් ඔව්න් දඩුවම් නියම කරන්නෙත් ඔව්න්. පලිගැනීමට කරන දේවල් මේවා. ජෝස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා දවස් 24ක් හිරගෙට දැම්මා.
ප්‍රශ්නය, රක්‍ෂිත බන්ධනාගත කිරීමත් අධිකරණයෙන් සිරදඩුවම් නියම කිරීමත් දෙකක් නේද? මෙයට ප්‍රථමත් අනන්තවත් විතිකරුවන් රක්‍ෂිත බන්ධනාගත කරලා තියෙනවා. හදිසි නිතිය පවතින අවස්ථාවල වසර ගණන් බන්ධනාගාර ගතවෙලා හිටපු උදවිය හිටියා. මෑතකදී අධිකරණයෙන් ඇප ලබා දුන් උතුරු පළාතේ දමිල කාන්තාවක් වසරකට අදික කලක් රක්‍ෂිත බන්ධනාගාර ගත කරලා හිටියා.පියත් නොමැති ඇයගේ එකම දියණිය වැඩිවියට පත් වූ අවස්ථාවේ එම උත්සවයට යෑමට ඇය ඇප ඉල්ලුවා. නමුත් ඇගේ එම ප්‍රර්තානාව ඉටු උනේ නැහැ. මැති ඇමතිවරු කියන්නෙත් මේ රටේ සාමාන්‍ය මිනිස්සු. හැමෝටම බලපාන නිතිය ඔව්න්ටත් පොදු විය යුතුයි. ඔබ හඩ නගන්නේ මැති ඇමතිවරු වෙනුවෙන් විතරද? උතුරු පළාතේ දමිල මවගේ මානුෂික අවස්තාව වෙනුවෙන් ජනතා නියෝජිතයෙක් විදියට ඔබට හඩ නගන්න තිබුනා නේද?
පිළිතුර, මට ඒ ප්‍රශ්නයට උත්තර දෙන්න බැහැ. මේ ලිපිය කවදද පළවෙන්නේ?
හෙට ලංකාදීප එසැණ පුවත් තීරයේ මෙම සාකච්ඡාව පළ වේවි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෝධි පූජාවක්වත් තියමුද? (ර)
අන්තිම ප්‍රශ්නේ තමයි නියම ප්‍රශ්නේ. අපේ රටේ හැම දෙනාම මේ ප්‍රශ්නේ තමන්ගෙන් අහල ඡන්දෙ දෙනවනම් අපේ රට මීට වඩා ගොඩක් දියුණු වෙයි. (ර)
මේ ගොල්ලන්ටද ආය රට බාර දෙන්නේ මේ කල්ලිය දියවන්නාවෙන් පන්නා දැමිය යුතුය (කේ)
පොඩ්ඩක් හරි මොලේ තියෙන අධ්‍යාපනේ ලබපු අය පාර්ලිමේන්තුවට යවන්න ඕනේ. (ස)
කියන්න දේවල් තිබුනාට කියලා කිසිම වැඩක් නැහැ. නිදොස්කොට නිදහස් කිරීම හෝ සාක්ෂි පරස්පරවීම තමයි සිදුවෙන්නේ. නයා නැතිවුණත් අද මිනිස්සු හුඹහටත් බයයි තවම.ඩ
ආපහු ඉල්ලන්න හදනවා නේද? ඒත් කවුරුවත් මෙයාට දෙන්නේ නැහැ මම හිතන විදියට (නි)
මේ ගොල්ලෝ තමා මහින්දව ගෙදර යවන තැනට වැඩ කළේ. ඇඟ තිබුනට ඔලුව නැහැ (නි)
තවත් "බත් මුට්ටියක්" විදියට මෙයා හුවා දක්වන්න හැදුවත් හාල් ඇටයක්වත් ඇතුළේ නැති හිස් මුට්ටියක් විදිහටයි මම නම් දකින්නේ. නමින් මුතු හෙට්ටියක්. හෙට දිනයේදී මහින්ද සංකල්පය වළදාන පෙට්ටියක්. (නි)
මෙයාගේ අතීතයේ පෙන්වූ වැඩ වලට නීතිය ක්‍රියාත්මක කරන්නේ නැද්ද? (නි)
මේ තව රට කාපු කෙනෙක් (බ)
මේ වගේ අය පාර්ලිමේන්තුවට යවන්න එපා. (නි)
රණවිරුවෝ කොටින්ගෙන් බේරගත්ත රට මුන් වගේ පෙරේතයෝ රැලක් අතට ගියොත් හරිම අපරාදයක් වෙන්නේ.(ම)
අනේ පව්කාර මනුස්සයෝ (බ)
ආයෙනම් මින්ස්සු මෝඩකම් කරයි කියලා හිතන්නවත් එපා. (බ)
කැස්ස සැරට තියෙනවනම් බෙහෙත් ගන්නවේවී (බ)
අපේ රට හදන්නේ කොහොමද? (ර)
මේ විදියට පොලිසියට පුලුවන්ද මහජනයාට ආරක්ෂාව සලසන්න? (ර)
අපි ඔබ සමඟයි (ම)