
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට සිදු වී ඇතැයි පැවසෙන හිංසන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට දෙවැනි කමිටුව පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය විසින් අද (27) පත් කරනු ලැබීය.
මේ සම්බන්ධයෙන් කරුණු විමර්ශනයට පත් කෙරුණු පළමු කමිටුව වින්දිත නිලධාරිනිය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම හේතුවෙන් එහි විමර්ශන කටයුතු අතරමග නතරවිය.
පාර්ලිමේන්තු මහ ලේකම්වරිය විසින් මෙම නව කමිටුව පත්කරනු ලැබ ඇත්තේ ඒ අනුවය.
මෙම නව කමිටුවේ සභාපතිත්වය උසුලන්නේ පාර්ලිමේන්තුවේ ප්‍රධාන අභ්‍යන්තර විගණක දිනේෂ් විතාන මහතාය.
චින්තා බුලසිංහල සහ පී.ජී.පී ප්‍රියංකර එහි සෙසු සාමාජිකයෝ වෙති.
තමාට පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් ප්‍රධානීන්ගෙන් විවිධ අඩන්තේට්ටම් සිදුවුණු බවට නිලධාරිනිය කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සහ පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මියට පෞද්ගලිකවම කළ පැමිණිලි අනුව මෙම විමර්ශන කමිටුව පත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකං බබා පාට් දාලා සල්ලි නාස්ති නොකර බාහිර ස්වාධීන කමිටුවක් දාන්න. ඔය වැයකරන්නේ මහජන මුදල්. පලක් ඇති විදිහට ඒවා පාවිච්චි කරන්න.