IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මැතිසබා හිංසන සිද්ධිය: දෙවැනි කමිටුව එයි

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට  සිදු වී ඇතැයි පැවසෙන හිංසන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට දෙවැනි කමිටුව පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය විසින් අද (27) පත් කරනු ලැබීය.

මේ සම්බන්ධයෙන් කරුණු විමර්ශනයට පත් කෙරුණු පළමු කමිටුව වින්දිත නිලධාරිනිය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම හේතුවෙන් එහි විමර්ශන කටයුතු අතරමග නතරවිය.

පාර්ලිමේන්තු මහ ලේකම්වරිය විසින් මෙම නව කමිටුව පත්කරනු ලැබ ඇත්තේ ඒ අනුවය.

මෙම නව කමිටුවේ සභාපතිත්වය උසුලන්නේ පාර්ලිමේන්තුවේ ප්‍රධාන අභ්‍යන්තර  විගණක දිනේෂ් විතාන මහතාය.

චින්තා බුලසිංහල සහ පී.ජී.පී   ප්‍රියංකර එහි සෙසු සාමාජිකයෝ වෙති.

තමාට පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් ප්‍රධානීන්ගෙන් විවිධ අඩන්තේට්ටම් සිදුවුණු බවට නිලධාරිනිය  කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සහ පාර්ලිමේන්තු මහලේකම් කුෂානි  රෝහණදීර මහත්මියට පෞද්ගලිකවම කළ පැමිණිලි අනුව මෙම විමර්ශන කමිටුව පත් කර ඇත.



අදහස් (1)

මැතිසබා හිංසන සිද්ධිය: දෙවැනි කමිටුව එයි

ජිල්බු Thursday, 27 February 2025 05:29 PM

නිකං බබා පාට් දාලා සල්ලි නාස්ති නොකර බාහිර ස්වාධීන කමිටුවක් දාන්න. ඔය වැයකරන්නේ මහජන මුදල්. පලක් ඇති විදිහට ඒවා පාවිච්චි කරන්න.

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 583 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site