ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මහනුවර පල්ලෙකැලේ ජත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ඊයේ (4) පැවැති පස්වැනි සහ අවසන් එක්දින ක‍්‍රිකට් තරගයේ නියමිත කාලයේදී ඕවර 50 සම්පුර්ණ නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස කටයුතු කළ ඇන්ජලෝ මැතිව්ස්ට තරග මුදලින් 20% ක දඬයක් පනවා තිබේ.
කණ්ඩායමේ සෙසු ක‍්‍රීඩකයන්ට ද 10% ක දඬයක් තරග තීරක ක‍්‍රිස් බ්‍රෝඞ් මහතා විසින් පනවන ලදී. ශ්‍රී ලංකා පිලේ නිත්‍ය නායක මහේල ජයවර්ධන විවේක ගැනීම නිසා මෙම තරගයේදී මැතිව්ස් නායකයා ලෙස කටයුතු කළේය. මෙම තරගයෙන් ලකුණු 20 ක ජයක් ලබාගත් ඉන්දියාව තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 4-1 ක් ලෙස ජය ලැබීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම යන් මල්ලී. දඩ කෑවත් කමක් නැහැ. ඔබට සුභ අනාගතයක් තිබෙනවා. (නි)
සංගත් නැති එකේ 5/1ට පැරදුණත් මොකෝ? (නි)
දඩ කෑවත් කමක් නැහැ. තරගය දිනුවනම් දුකක් නැහැ. (නි)
ඇයි අපේ අයට විතරක්? එතකොට කෝලි? (නි)
ලංකාවේ ක්‍රිකට් දැන් හැමදාම පරදිනවා. ඒ මදිවට දඩත් කනවා. ජයවේවා! (නි)
මැතිව්ස්ට සමාව දෙන්න තිබුණා. ඔය එයා නායකත්වයක් දරපු පළවෙනි වතාව නේද? (නි)
100%ක්ම ගැහුවා නම් තමයි හොද. (නි)
වෙච්ච අවමානයේ හැටියට නම් කට්ටියටම මීට වැඩිය දඩ ගහන්න ඕනෑ. (නි)
මැතිව්ස්ගේ සාඩම්බරය කිවුවේ මේකටද? (නි)
පවු නේද? (නි)
ඕවට තමයි කියන්නේ " ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්නා වගේ " කියලා. (නි)