ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මහනුවර පල්ලෙකැලේ ජත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ඊයේ (4) පැවැති පස්වැනි සහ අවසන් එක්දින ක‍්‍රිකට් තරගයේ නියමිත කාලයේදී ඕවර 50 සම්පුර්ණ නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස කටයුතු කළ ඇන්ජලෝ මැතිව්ස්ට තරග මුදලින් 20% ක දඬයක් පනවා තිබේ.
කණ්ඩායමේ සෙසු ක‍්‍රීඩකයන්ට ද 10% ක දඬයක් තරග තීරක ක‍්‍රිස් බ්‍රෝඞ් මහතා විසින් පනවන ලදී. ශ්‍රී ලංකා පිලේ නිත්‍ය නායක මහේල ජයවර්ධන විවේක ගැනීම නිසා මෙම තරගයේදී මැතිව්ස් නායකයා ලෙස කටයුතු කළේය. මෙම තරගයෙන් ලකුණු 20 ක ජයක් ලබාගත් ඉන්දියාව තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය 4-1 ක් ලෙස ජය ලැබීය.
2025 දෙසැම්බර් මස 18
25
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
119
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැතිව්ස්ට 20% දඩයක්
සනත් Monday, 06 August 2012 07:04 AM
ඔහොම යන් මල්ලී. දඩ කෑවත් කමක් නැහැ. ඔබට සුභ අනාගතයක් තිබෙනවා. (නි)
වරුණ Monday, 06 August 2012 07:46 AM
සංගත් නැති එකේ 5/1ට පැරදුණත් මොකෝ? (නි)
සිසිර කුමාර Monday, 06 August 2012 09:06 AM
දඩ කෑවත් කමක් නැහැ. තරගය දිනුවනම් දුකක් නැහැ. (නි)
යොහාන් Monday, 06 August 2012 09:29 AM
ඇයි අපේ අයට විතරක්? එතකොට කෝලි? (නි)
ජයලත් Monday, 06 August 2012 10:16 AM
ලංකාවේ ක්‍රිකට් දැන් හැමදාම පරදිනවා. ඒ මදිවට දඩත් කනවා. ජයවේවා! (නි)
නිරංජන් Monday, 06 August 2012 10:30 AM
මැතිව්ස්ට සමාව දෙන්න තිබුණා. ඔය එයා නායකත්වයක් දරපු පළවෙනි වතාව නේද? (නි)
ප්‍රදීප් Sunday, 05 August 2012 05:52 PM
100%ක්ම ගැහුවා නම් තමයි හොද. (නි)
අමිල කටුනායක Sunday, 05 August 2012 08:58 PM
වෙච්ච අවමානයේ හැටියට නම් කට්ටියටම මීට වැඩිය දඩ ගහන්න ඕනෑ. (නි)
ගුණරත්න Sunday, 05 August 2012 09:42 PM
මැතිව්ස්ගේ සාඩම්බරය කිවුවේ මේකටද? (නි)
නාමල් Sunday, 05 August 2012 10:04 PM
පවු නේද? (නි)
සමින්ද Sunday, 05 August 2012 10:39 PM
ඕවට තමයි කියන්නේ " ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්නා වගේ " කියලා. (නි)