ශ්‍රී ලංකා පිලේ උප නායක හා තුන් ඉරියව් ක‍්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට බංග්ලාදේශයේදී දැන් පැවැත්වෙන ආසියානු කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට සිදුව තිබේ. ඕස්ටේ‍්‍රලියාවේදී පැවැති කොමන්වේල්ත් බැංකු තුන්කොන් ක‍්‍රිකට් තරගාවලියේදී ආබාධයකට ලක්වීම නිසා මැතිව්ස් ට එහි අවසන් වටයේ තරග දෙකට සහභාගිවීමේ අවස්ථාව අහිමි විය.
දණහිසේ ආබාධයකට ලක්ව සිටින මැතිව්ස් ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයකින් පසුව ඔහුව තව දුරටත් විවේක ගැන්වීම සඳහා යළිත් ශ්‍රී ලංකාවට කැඳවීමට තීරණය කර තිබේ. මැතිව්ස්ගේ ස්ථානයට වේග පන්දු යවන ක‍්‍රීඩක ශමින්ද එරංග ශ්‍රී ලංකා සංචිතයට එක් කිරීමට නියමිතව ඇතැයි වාර්තාවේ. 25 හැවිරිදි ශාමින්ද මේ දක්වා සහභාගිවී ඇත්තේ එක්දින තරග තුනකට පමණි.
ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහභාගි වන දෙවැනි තරගය පාකිස්තානයට එරෙහිව හෙට (15) මීර්පූර්හි ශියා බංග්ලා ජාතික ක‍්‍රීඩාංගණයේදී දිවා/රාත‍්‍රි තරගයක් ලෙස පැවැත්වේ. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30 ට ආරම්භ වීමට නියමිතය.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට ඉක්මන් සුව...
ඉක්මණට සුව වෙලා රටට සේවය කරන්න ලැබේවා.