(නිමල කොඩිතුවක්කු)
ප්‍රජාතන්ත්‍රවාදයට වල කපන මැතිවරණ කල් දැමීමට උත්සාහ දරන ආණ්ඩුවේ ප්‍රෝඩාවට එරෙහිව ජනතාව සමඟ පෙරට එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද (18 විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පැවසීය.
පාර්ලිමේන්තුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී විපක්ෂයේ දැඩි විරෝධය නොතකා මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙන ඒමට ආණ්ඩු පක්ෂය තීන්දු කිරීම මැතිවරණ ප්‍රමාද කිරීම සඳහා ගත් කූට උපක්‍රමයක් බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
මෙම අත්තනෝමතික තීන්දුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීම වෙනුවෙන් සමගි ජන බලවේගය පෙරට එන බවත්, ඊට නායකත්වය දෙන බවත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු පැවසීය.
මේ හරහා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් මෙන්ම ස්වෛරිත්වයද උල්ලංඝනය කිරීමට ආණ්ඩුව කටයුතු යොදා ඇති බවත්, ඡන්දය නොපවත්වා කල්තැබීමට ආණ්ඩුව විසින් ගනු ලබන අන්තනෝමතික කටයුතුවල තවත් දිගුවක් ලෙස හැඳින්විය හැකි බවත් විපක්ෂනායකවරයා තවදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරු වීදී සටන් කාරයා. අපි දැක්කා පහුගිය කාලේ මෙයාගේ වීදී සටන්. ඇත්ත කතාව තමුන්ලාට ඡන්දයක් ඕනත් නෑ. ආණ්ඩුවට ඡන්දේ තියන්න ඕනත් නෑ. දවස ගානේ මිනිස්සුන්ගේ බෙල්ල මිරිකද්දී දේශපාලන නාටක පෙන්න පෙන්න ඉන්නවලා...
පාරට බැහැලා පමණක් මදි .එලවලාම දාන්න ඕනේ
අනේ උඹලගේ පාරට බැහිල්ල , සමාජ මාධ්‍යයේ අදහස් ප්‍රකාශ කිරීම පවා අපරාදයක් විදිහට සලකන්න පුළුවන්. රනිල්ගේ පුනරුත්තාපන පනත සම්මත කරන වෙලාවේදී මෙයාගේ මහා ලොකු සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු සභාවේ හිටියේ 3 යි , අවශ්‍ය වෙලාවට රටේ මිනිස්සු වෙනුවෙන් පෙනී නොසිටින මුන්දැලා වෙනුවෙන් ලජ්ජා නැතිව කඩේ යන අය තවත් ඉන්නවද ?
මිනිස්සු එක්ක පාරට බැහැලා වැඩක් වෙන්නේ නැත .පාර්ලිමේන්තුව වර්ජනය කරන්න සියලු පාර්ලිමේන්තු කටයුතු වලින් ඉවත් වෙලා මුළු විපක්ෂයම විරුද්ධත්වය ප්‍රකාශ කරන්න
දැනටත් ඉන්නෙ පාරෙ නේද?
පාරට බැස්සට කමක් නැහැ පාරේ ජරා කොරන්න එපා.