IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


මැතිවරණය කල් දැම්මොත් පාරට බහිනවා

(නිමල කොඩිතුවක්කු)

ප්‍රජාතන්ත්‍රවාදයට වල කපන මැතිවරණ කල් දැමීමට උත්සාහ දරන ආණ්ඩුවේ ප්‍රෝඩාවට එරෙහිව ජනතාව සමඟ පෙරට එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද (18 විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පැවසීය.

පාර්ලිමේන්තුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී විපක්ෂයේ දැඩි විරෝධය නොතකා මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙන ඒමට ආණ්ඩු පක්ෂය තීන්දු කිරීම මැතිවරණ ප්‍රමාද කිරීම සඳහා ගත් කූට උපක්‍රමයක් බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

මෙම අත්තනෝමතික තීන්දුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීම වෙනුවෙන් සමගි ජන බලවේගය පෙරට එන බවත්, ඊට නායකත්වය දෙන බවත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු පැවසීය.

මේ හරහා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් මෙන්ම ස්වෛරිත්වයද උල්ලංඝනය කිරීමට ආණ්ඩුව කටයුතු යොදා ඇති බවත්, ඡන්දය නොපවත්වා කල්තැබීමට ආණ්ඩුව විසින් ගනු ලබන අන්තනෝමතික කටයුතුවල තවත් දිගුවක් ලෙස හැඳින්විය හැකි බවත් විපක්ෂනායකවරයා තවදුරටත් කීවේය.

 



අදහස් (6)

මැතිවරණය කල් දැම්මොත් පාරට බහිනවා

මහසෙන් Wednesday, 18 January 2023 09:19 PM

මරු වීදී සටන් කාරයා. අපි දැක්කා පහුගිය කාලේ මෙයාගේ වීදී සටන්. ඇත්ත කතාව තමුන්ලාට ඡන්දයක් ඕනත් නෑ. ආණ්ඩුවට ඡන්දේ තියන්න ඕනත් නෑ. දවස ගානේ මිනිස්සුන්ගේ බෙල්ල මිරිකද්දී දේශපාලන නාටක පෙන්න පෙන්න ඉන්නවලා...

:       0       0

Sunil Thursday, 19 January 2023 05:08 AM

පාරට බැහැලා පමණක් මදි .එලවලාම දාන්න ඕනේ

:       2       1

නිමේෂ් Thursday, 19 January 2023 07:42 AM

අනේ උඹලගේ පාරට බැහිල්ල , සමාජ මාධ්‍යයේ අදහස් ප්‍රකාශ කිරීම පවා අපරාදයක් විදිහට සලකන්න පුළුවන්. රනිල්ගේ පුනරුත්තාපන පනත සම්මත කරන වෙලාවේදී මෙයාගේ මහා ලොකු සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු සභාවේ හිටියේ 3 යි , අවශ්‍ය වෙලාවට රටේ මිනිස්සු වෙනුවෙන් පෙනී නොසිටින මුන්දැලා වෙනුවෙන් ලජ්ජා නැතිව කඩේ යන අය තවත් ඉන්නවද ?

:       0       5

nanda Thursday, 19 January 2023 08:41 AM

මිනිස්සු එක්ක පාරට බැහැලා වැඩක් වෙන්නේ නැත .පාර්ලිමේන්තුව වර්ජනය කරන්න සියලු පාර්ලිමේන්තු කටයුතු වලින් ඉවත් වෙලා මුළු විපක්ෂයම විරුද්ධත්වය ප්‍රකාශ කරන්න

:       0       2

Chandima Thursday, 19 January 2023 08:59 AM

දැනටත් ඉන්නෙ පාරෙ නේද?

:       0       4

Bamunuarachchi Thursday, 19 January 2023 10:51 AM

පාරට බැස්සට කමක් නැහැ පාරේ ජරා කොරන්න එපා.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 50 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 212 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 551 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site